31/08/2026
ලියොනල් මෙසීගේ සමුගැනීමේ ලිපිය.❤️🩹🥺
අවසාන තරයෙන් පස්සේ ගෙවුණු මේ කාලය පුරාවටම ඒ ගැන ගොඩක් හිතලා බලලා මම හැමෝටම කියන්න කැමතියි මම ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නවා කියලා.
මේක හදවතටම ගොඩක් රිදුණු තාමත් රිදෙන තීරණයක්. ඒත් මම තේරුම් ගන්නවා මේ තමයි නියම වේලාව කියලා.මම දිවුරලා කියන්නම් අපි හැමදේම දිනාගත්තු මේ අන්තිම අවුරුදු කිහිපයේ විතරක් නෙවෙයි ඊට කලිනුත් මම මගේ උපරිමයම දුන්නා.
ඔයාලට සතුට ගෙනෙන්නත් පාපන්දු හරහා අර්ජන්ටිනා ජාතිකයෙක් වීම ගැන ආඩම්බරයක් ඇති කරන්නත් මම හැමවෙලේම සටන් කළා මේ කමිසය වෙනුවෙන් මගේ උපරිමයම කැප කළා.තව වැඩි කාලයක් ඉතිරි වෙලා නෑ වෙනස්ම පරිච්ඡේදවල අවසානය ළඟා වෙමින් තියෙනවා.මේක මට ගොඩක් රිදෙන එකක්. ජාතික කණ්ඩායමේ කොටසක් වෙන්න ලැබීම ගැන මම ආදරෙයි.ආදරේ කළා ඒ වගේම හැමදාටම ආදරේ කරනවා.
මම මගේ ළඟ තිබුණු හැමදේම දුන්නා දැන් මට දෙන්න වෙන කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ.මෙහි රැඳී සිටීමට තරම් සුදුසුකම් ඇති විශිෂ්ට තරුණ ක්‍රීඩකයින් පිරිසක් ඉදිරියට එමින් ඉන්නවා.
මේ අවුරුදු 20 පුරාවටම ඔයාලා දක්වපු ආදරයට ගොඩක් ස්තූතියි. පිටිය ඇතුළේ ඉඳන් ඔයාලගේ සද්දේ අහන්න ලැබෙන්නෙ නැති එක මට ගොඩක් පාළු වෙයි. දැන් මමත් ඔයාලගෙන් එක්කෙනෙක් වෙලා හොඳ වෙලාවට විතරක් නෙවෙයි නරක වෙලාවටත් පිටත ඉඳන් හැමදාම සහය දක්වනවා.
මේ ලස්සන නමුත් අභියෝගාත්මක ගමන පුරාවටම මගෙත් එක්කම හිටපු මගේ පවුලේ අයට ගොඩක් ස්තූතියි. මට මුණගැසුණු සෑම පුහුණුකරුවෙකුටම කණ්ඩායම් සගයෙකුටම සහ කළමනාකරුවෙකුටම ස්තූතියි. මම කවදාවත් අමතක නොවෙන මතකයන් සහ මොහොතවල් මාත් එක්ක අරන් යනවා.
අපි කවදාහරි හීන දැකපු මොහොතවල් මගේ කණ්ඩායම් සගයන් එක්ක එකතු වෙලා ඔයාලට දෙන්න පුළුවන් වුණා කියන මානසික සහනය සහ ආඩම්බරය එක්ක මම සමුගන්නවා. ඔයාලත් එක්ක මේ හැමදේම විඳින්න ලැබුණු එක මාරම අත්දැකීමක්. මම ඔයාලට ආදරෙයි!
මාව අර්ජන්ටිනා ජාතිකයෙක් කළාට දෙවියන්ට ස්තූතියි.✨
අර්ජන්ටිනාට ජයවේවා!
(අවසාන තරගයෙන් දවස් දෙකකට පස්සේ ජූලි 21 වෙනිදා තමයි මම මේ වචන ටික ලිව්වේ.)
ආජන්ටිනා ක්‍රීඩක ලියොනෙල් මෙසී🇦🇷❤️