Ananda College Air Force Cadet Wing

Directions

Ananda College Air Force Cadet Wing • ALWAYS AHEAD •

"මේ පින්බිමේ පයගහපු කිසිම කෙනෙක්ට වැරදිලා නෑ..." ❤️🇱🇰ඉස්සර කිව්වෙ "පරණවාඩිය" කියලා.කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 ...
01/11/2026

"මේ පින්බිමේ පයගහපු කිසිම කෙනෙක්ට වැරදිලා නෑ..." ❤️🇱🇰

ඉස්සර කිව්වෙ "පරණවාඩිය" කියලා.

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වන දින මරදානේ ධර්මෝපකාරී සමාගමට සම්බන්ධ විය. අනතුරුව හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ රැළියක් පිටකොටුවේ දී පැවැත්වූ අතර මෙහි දී යෝජනා කර ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියෙහි අංක 61 දරණ ස්ථානයෙහි බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නමින් 1886 නොවැම්බර් මස පළමුවැනිදා ආනන්දයේ ආරම්භය සිදුව ඇත. අදට වසර 140 වෙනි ජන්ම දිනය සමරනු ලබයි.

සිසුන් 37 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවෙහි පළමුවන විදුහල්පතිවරයා වූයේ ඉංග්‍රීසි ජාතික සී.ඩබ්. ලෙඩ්බීටර් පියතුමා ය. පිටකොටුවෙහි මැලිබන් වීදියෙහි සමාරම්භය සිදු කෙරුණු අතර බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නම් මෙම විද්‍යස්ථානය කලක් ගත වන විට ඉඩ කඩ සීමා වීම නිසා කුමාර වීදියටත් ඉන්පසුව 1895 අගෝස්තු මස 07 වන දින වාසලමුදලි ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාට අයත් පරණවාඩිය නමින් හැඳින්වෙන වර්තමාන ස්ථානයෙහි ආනන්දය පිහිටුවනු ලැබීය.

පරණවාඩිය නම් මෙම භූමිභාගය එවකට වීදිය බණ්ඩාර නම් මහ සෙනෙවියා පරදේශක්කාරයන් පලවා හැරීම සඳහා සේනා සංවිධාන කොට කඳවුරු බැඳ රණශූරයන් වාඩිලාගත් තැන “පරණවාඩිය” නමින් හැඳින්විය.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විදේශීය ආක්‍රමණවලින් දුක් ගැහැට විඳි සිංහල බෞද්ධයාට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීමේ ඇරඹුණු මෙම බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආනන්ද මහරහතන් වහන්සේගේ නාමය අනුස්මරණය කරමින් “ආනන්දය” යන නමින් නම් කිරීමට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා හික්කඩුවේ සුමංගල යන නාහිමිවරුන් විසින් තීරණය කරනු ලැබීය. ආනන්දයෙහි තේමා පාඨය වනුයේ "අප්පමාදෝ අමතපදං" යන්නය. “අප්‍රමාදීව කටයුතු කරන තැනැත්තා අමරණීයත්වයට පත්වේ” ය යන්නෙහි මෙහි අරුත වන අතර වචනාර්ථයට එහා ගිය ගැඹුරු අරුතක් මෙහි ගැබ්ව ඇත.

ඒ කියන්නෙ....

"මේ පින්බිමේ පයගහපු එකෙක්ට වැරදිලා නෑ" 🙏✨

සුබ 140 වන උපන්දිනයක් අනඳ මෑණියනි - සඳා කල් වැජබේවා! 🏫🎓

11/10/2026

🇱🇰 12 schools honoured by Sri Lanka Army

Ananda College, Devi Balika Vidyalaya, Kebithigollewa Central College and Kegalu Balika Vidyalaya have secured the top positions in four categories for producing the highest number of currently serving Army officers and soldiers.

The Sri Lanka Army recognized 12 schools during its 77th anniversary celebrations at Panagoda on Oct. 10.

The awards were presented in four categories: male officers, female officers, male soldiers and female soldiers, with the top three schools in each category receiving recognition.

According to the Army, this is the first time such a school recognition ceremony has been held in the history of Sri Lanka's armed forces.

The awards were presented by Army Commander Lt. Gen. Nilantha Premaratne.

Address

Colombo

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda College Air Force Cadet Wing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby gyms & sports facilities