28/08/2026
🏁 VENTURE GREENS – SOUTHERN KARTING CLASH 2026
EVERYTHING YOU NEED TO KNOW - FAQ
- මොකද්ද මේ Karting ?
Karting කියන්නේ Go Karts කියලා හඳුන්වන, කුඩා, නමුත් හොඳ බලයක් සහිත ධාවන රථ භාවිතා කර, තරග කරන මෝටර් රථ ක්‍රීඩාවක්. ඒක ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුලුවන් වගේම, සැබෑ මෝටර් රථ ධාවන තරගයක ඇති උද්වේගය, තරගකාරීත්වය සහ අභියෝගය අත්විඳීමට අවස්ථාව ලබා දෙන ක්‍රීඩාවක්. ඒ වගේම මේක international Standards වලට නිර්මාණය කරපු Closed Circuit එකක පැවැත්වෙන තරඟයක් නිසා ආරක්ශාව පැත්තෙන් ඉතාම ඉහලයි.
- ඇයි මේ Karting Event එකක් කරන්නෙ මේ වෙලාවෙ?
අපගේ SMSC සහ YSMSC ක්‍රීඩා සමාජ දෙකේ සාමාජිකයින් 500කට අධික පිරිසක් ඉන්නවා. අපි හැම අවුරුද්දකම වගේ අපේ සාමාජිකයින් එකට එකතු කරමින් හැමෝටම සහභාගී වෙන්න පුලුවන් Racing Events පවත්වනවා. TSD Rallies තමයි ඒ වෙනුවෙන් කාලයක් තිස්සෙ අපි සංවිධානය කරේ. නමුත් මේ වෙනකොට යම් යම් හේතූන් නිසා අපිට TSD Rallies කරන්න බැරි තත්වයක් උදා වෙලා තියනවා.
අන්න ඒක නිසා තමයි අපි සියලුම සාමාජිකයන් වගේම ඔවුන්ගේ පවුල් වල අයටත් සහභාගී වෙන්න පුලුවන් හොඳ Racing Event එකක් විදියට මේ Southern Karting Clash එක සංවිධානය කරන්නේ.
- කාටද මේ Event එකට සහභාගී වෙන්න පුලුවන්?
ඒක තමයි වැදගත්ම දේ, මේ Event එක හැමෝටම සහභාගී විය හැකි තරඟාවලියක්. ඔබ මීට පෙර කාර්ටින් කර තිබුණත්, නැතත්, මෝටර් රථ ධාවන තරග ගැන විශේෂ දැනුමක් තිබුණත්, නැතත් ඒ කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ.
මෙම වැඩසටහන සඳහා සහභාගී විය හැක්කේ,
* SMSC හෝ YSMSC හි ඕනෑම සාමාජිකයෙකුට
* අපගේ සාමාජිකයින්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට
* අනාගතයේදී අපගේ සමාජයේ සාමාජිකයෙකු වීමට සුදුසු අනාගත සාමාජිකයින්ට
අපගේ සමාජවල සාමාජිකත්වය දකුණු පළාතේ පදිංචිකරුවන්ට පමණක් ලබාදෙන බැවින්, එම ප්‍රදේශයෙන් අනාගතයේදී සමාජයට එක්වීමට බලාපොරොත්තු වන අයටත් මෙම අවස්ථාවට සහභාගී විය හැකියි.
- අපි ගේන්න ඕන මොනවද? අපේ ලඟ Racing Suit, Helmet එහෙම නෑනෙ...
කිසිම විශේෂ දෙයක් අරන් එන්න අවශ්‍ය නැහැ!
Go-Kart එකක් ආරක්ෂිතව හැසිරවීමට හැකියාව ඇති ඕනෑම අයෙකුට මේ අත්දැකීමට සහභාගී විය හැකියි.
ඔබට අවශ්‍ය සියලුම ධාවන උපකරණ Speed Bay ආයතනය විසින් සපයනු ලබනවා.
ඒ අතරට,
- Go-kart
- Racing Overall (Suit)
- Helmet
- Gloves
- Shoes
මේ සියල්ල ඇතුළත්.
- දැන් කවදද දවස?
සැප්තැම්බර් මාසෙ 5 වෙනි සෙනසුරාදා, බණ්ඩාරගම Speed Bay එකේදි තමයි තියෙන්නෙ. Speed bay කියන්නේ ජ්‍යාත්යන්තර ප්‍රමිතීන්ට අනුව හදපු Karting Track එකක්. ඒකේ දැනටත් International races පවා නිතරම පැවැත්වෙනවා
- Events කීයක් තියනවද?
බර පන්ති දෙකකින් ප්‍රධාන ඉවෙන්ට් දෙකයි.
- කිලෝ 80ට වඩා අඩු අයට එකක්
- කිලෝ 80ට වඩා වැඩි අයට එකක්
ඊට අමතරව
- Ladies event එකක් වෙනම.
- වයස අවුරුදු 50 වඩා වැඩි අයට event එකක් වෙනම.
ඒ වගේම,
- වයස අවුරුදු 15 ට වඩා අඩු දරුවන්ට event එකක් වෙනම.
- තෑගිත් දෙනවද?
නැතුව.. ?
ප්‍රධාන Event දෙකට පලවෙනි ස්ථාන 5 ටම Trophies දෙනවා
අනිත් හැම Event එකකම පලවෙනි ස්ථාන 3ටම Trophies දෙනවා
හැමදාම SMSC Events වල දෙන විදියේ ලස්සන. හොඳ Quality Trophy එකක් මේ පාරත් අපි ලේස්ති කරලා තියෙන්නෙ.
- Entry fee එක කීයද ?
එක්කෙනෙක්ට රුපියල් 10,000 ක් විතරයි
- වැඩි නැද්ද?
මෙහෙමනේ.. අපි මේ Event එකේ දි රේස් එක විතරක් නෙවෙයි තියෙන්නෙ..
- උදෙන්ම Practice session එකක් දෙනවා තරඟ කරන හැමෝටම.
- ඊලඟට ආයෙත් Qualifying session එකක් දෙනවා.
- ඊලඟට තමයි රේස් එක තියෙන්නෙ කාන්ඩ වශයෙන්.
- ඊට අමතරව තරඟ කරන හැමෝටම Lunch එකක් ලේස්ති කරලා තියනවා.
- Trophies ගැන කලින්ම කිව්වනේ. දවස පුරාම DJ එකක් play වෙනවා.
- ඒ වගේම හවස Prize giving එකෙන් පස්සෙ after party එකකුත් සූදානම් වෙනවා.
ඔය ඔක්කොම එක්ක ගත්තම අපි එක ධාවකයෙක් වෙනුවෙන් මේ අය කරන මුදලට වඩා සෑහෙන ලොකු වියදමක් දරනවා. ඒ හැමදේම කරන්නෙ ක්ලබ් එක පැත්තෙන්. මේක සාමාජිකයින් වෙනුවෙන් කරන එකක් හින්දා. සාමාන්‍යයෙන් මේ track එකේ කරන racing event එකකට entry fee එක 35,000 - 40,000 වගේ වෙනවා. නමුත් මේක අපි අපේ සාමජිකයන් වෙනුවෙන් කරන දෙයක් නිසා වැඩි කොටසක් ක්ලබ් එකෙන් දරගෙන තමයි මේ ඉවෙන්ට් එක කරන්නේ..
- අපිට Event එකට කලින් Practice කරන්න විදියක් නැද්ද.
පුලුවන්. Practice කරන්න කැමති කෙනෙක්ට සතියේ ඕනෑම දවසක බණ්ඩාරගම Speed Bay ආයතනයට ගිහිල්ලා Practice කරන්න පුලුවන්. හැබැයි අන්න ඒ වියදම නම් තමන්ට තනියම දරන්න වෙනවා.
කලින් practice කරන්න කැමති SMSC/YSMSC සාමාජිකයින් වෙනුවෙන් Discount Rate එකක් අරගෙන දෙන්න අපි Speed bay ආයතනයත් එක්ක සාකච්චා කරමින් ඉන්නෙ. අපි හිතනව මේ Weekend එක වෙද්දි ඒ පහසුකමත් අරගෙන දෙන්න පුලුවන් වේවි කියලා
- Entries open වෙන්නෙ කවදද?
මේ වෙනකොටත් Entries සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ල තියෙන්නෙ. අගෝස්තු 31 වෙනතුරු Entries බාරගන්නවා.
මේ ලින්ක් එකෙන් ගිහිල්ල මේ දැන්ම Register වෙන්න පුලුවන්.
https://tudo.lk/sport-club-new/smsccart
- තව විශේෂ දේවල් කීපයක් තියනවා කියන්න
තරඟය දවසට තරඟය නරඹන්න එන තමන්ගෙ පවුලේ සාමාජිකයන්ට, යාලු මිත්‍රයන්ට ඇතුලු ඕනෑම කෙනෙකුට Speed Bay එක ඇතුලේ ආහාරපාන ගන්න restaurant එකක් තියනවා ඒ වගේම ඒ restaurant එකේ BYOB පහසුකමත් තියනවා.
Speed Bay එක තියෙන්නෙ හයිවේ එකේ බණ්ඩාරගම Exit එකෙන් එලියට ගිය ගමන්ම වගේ. ඒක නිසා හරිම ලේසියි එතනට එන්න.
- තවත් මොනවා හරි ගැටලුවක්, දැනගන්න දෙයක් තියනවානම් අපිට කතා කරන්න
නුවන් සමරවික්‍රම - 0777 708 722
රමේෂ් උභයරත්න - 0777 222 762
කුශාන් තලගහවත්ත - 0716 070 002