02/11/2026
බහිරවයෝ ජීවිතෙන් යන්නම ඕන නියම මිනිස්සු අදුරගන්න...🤕
කාලයක් තිබ්බා Ariyana Events එක දියුණු කරන්න ඇතුලට ගත්ත මිනිස්සු අපිව රවට්ටගෙන, හොරකම් කරලා, තියන දේවල් නැති කරලා, ඕඩර් නැති කරලා, ඕඩර් සවුත්තු කරලා, ලක්ශ ගණන් පඩිත් අරගෙන කාපු පතේ පහරපු..😔
කැමරාවක් වත් හයි කරේ නෑ උන් ගැන තිබ්බ විශ්වාසෙට..🧐
එච්චරටම ගො | ං , මරි මෝ| ල් මෝඩ ඔටුවෙක් ඒ දවස් වල..🤡
ලක්ශ ගාණකට කෙ | ළ වුනාට පස්සේ තමයි මොලේ පෑදුනේ..📉
අහිංසක මූණවල් පෙන්නං හිටපු සමහර මිනිස්සුන්ගේ ඇගවල් ඇතුලේ ඉදලා තියෙන්නේ මූ | සල යක්කූ...😡
අදටත් සමහරු තියපු පො | ලු වල ණය ගෙවනවා..🙉
ඔක්කොම අයින් කරලා දැම්මා..
සමහරු මූණ දෙන්න බැරුව පැනලා ගියා..
බිස්නස් එක වැටෙනකන් ඒ ඔක්කොම බලන් හිටියා..
Whatsapp group හදාගෙන අපිව වට්ටවන්න ගේම් ගැහුවේ..😅
පවුලේ එවුන්ට වගේ සැලකුවට උන් එහෙමයි කළගුණ පෙන්නුවේ..🐸
ලේ දහඩිය කැප කරලා පණ වගේ හදපු බිස්නස් එක කාළ | ක | ණ්නියෝ නිසා වැටෙන්නෙ දෙනවද?💪
බිංදුවේ ඉදන් පටන් ගත්ත අපිට ආයෙත් බිංදුවේ ඉදන් ගේම ගහන එක නතින්..
පටන් ගත්තා මුල ඉදන්..😇
කැමරා 12 ක් ගැහුවා ඔක්කොටම කලින්...😅
එකවුන්ටන්ට් නෝනා කෙනෙක් ගත්තා ඊට පස්සේ..
හැම තනතුරකටම ගත්තේ කොලිෆයිඩ් මිනිස්සු..
පැය විසිහතරෙම දුවන සිස්ටම් එකක් ගැහුවා..
බහිරවයෝ මගේ ඔලුව කාලා , මම එලියට දාපු , කම්පනියට ඇත්තටම ආදරේ කරපු එකෙක්ව චෙෆ් කරලම ආයෙත් ඇතුලට ගත්තා...🫡
මාස දෙකෙන් ආයෙත් නැගිට්ටා..📈
එකෙක් නෑර ඔක්කොම පැනලා ගිහිල්ලා මාස දෙකෙන් ආයෙත් හිටියට වැඩිය මාර ලෙවල් ගාණකින් ආයතනය උඩට ගත්තා..
දැන් 15 ක් ඉන්නවා අරියානා එකට..
අප්‍රේල් මාසේ වෙද්දි ජොබ් 50 ක් හදනවා..
හැබැයි ඉස්සර වගේ බුලත් විටේ, සිගරට් එකේ ඉදන් දෙන ගො | ං කම් නෑ දැන්...😅
රස්සාව හරියට කරන මිනිස්සුන්ට රජෙක්ට වගේ සලකනවා..💎
රස්සාව හරියට කරන්නේ නැති මිනිස්සු ළගට අරන් හදනවා වෙනුවට, අයින් කරන ක්‍රමේ සාර්ථකයි කියලා හොයා ගත්තා..😊
ඉස්සර වගේ සතියට පාරක් එකට බීලා දාන ජෝගි දැන් නෑ..
ඒ ගාණත් පඩියට එකතු කරලා එක පඩියෙන් මුළු පවුලක් බලාගන්න පුළුවන් තත්වෙට අප් කරලා ගත්තා..💯
ඊයේ උපන්දිනේ..
වෙන උපන්දින වලට ඔක්කොම එකතු වෙලා ගල් බෝතලයක් මට අරන් දීලා, ආයෙත් මං ඒකට ගල් බෝතල් දෙකක් දාලා බොන තර්ඩ් ක්ලාස් සෙල්බ්‍රේශන් වලට එහා ගිය සෙලිබ්‍රේශන් එකක් වුනා..❤️
නෙක්ස්ට් ලෙවල් එකේ තෑගි ටිකක් ලැබුනා..
කේක් එකේ ඉදන් නියම ප්ලෑනින්..💯
ඇත්තටම ආඩම්බරෙන් කියන්නේ,
මම කවදාවත් රුපියල් 10,000 ක් දීලා ටී ශර්ට් එකක් අරගෙන නෑ.
ඊයේ ලැබුනා..🥰
හැබැයි කලින් හිටපු එවුන්ට තරම් මේ මිනිස්සුන්ට ළං වෙලා නෑ..
සලකලත් නෑ..
වෘත්තීය මට්ටමෙන් හැමදේම කරා විතරයි..
හැබැයි එයාලට මාව දැනිලා..
වැදගත් විදියට..🫡
ඒ ලැබුන ගරුත්වය කෝටි ගාණක් වටිනවා..💯
නයින්ට කිරි පොවපු අපිට, සැබෑ මිනිස්සුන්ගේ ගරුත්වය ඊයේ හදවතින්ම ලැබුනා..
මේ හෑල්ලේ අද ගන්න දෙයක් නැතුව ඇති..
අපේ කෙරුවාව විතරනේ තියෙන්නේ..😅
කොලිටි මිනිස්සු ළගට ගන්නම ඕන නෙක්ස්ට් ලෙවල් එකට යන්න නම්..
අවුරුදු දෙකකින් කරන්න බැරි දේවල් මාස දෙකෙන් කරන්න පුළුවන් වුනේ ඒක නිසයි..
ආදරෙයි ඒ කොලිටි එකට..
අද උපහාරය ඒ වැදගත්කමට...🙏
゚viralシ