SL Sport Talks

  • Home
  • SL Sport Talks
Directions Contact the business

SL Sport Talks Worldwide Sports Stories and memories..����

තරගයක් ඉදිරියේ ප්‍රතිවාදීන් වූවාට ආදරය, සහෝදරත්වය ඉදිරියේ ලස්සන හදවත් ගොඩක් සංවේදි.. Happy Retirement Legend Roger Feder...
24/09/2022

තරගයක් ඉදිරියේ ප්‍රතිවාදීන් වූවාට ආදරය, සහෝදරත්වය ඉදිරියේ ලස්සන හදවත් ගොඩක් සංවේදි..
Happy Retirement Legend Roger Federer ❤️😘

Happy Birthday Legend Arjuna Ranatunga 💖🎂      📷 Sri Lanka Cricket
01/12/2021

Happy Birthday Legend Arjuna Ranatunga 💖🎂



📷 Sri Lanka Cricket

Happy Birthday Legend 💖Kumar Sangakkara 📷 Copied
27/10/2021

Happy Birthday Legend 💖
Kumar Sangakkara

📷 Copied

This should always be kept in our mind 🇱🇰💖💪
18/10/2021

This should always be kept in our mind 🇱🇰💖💪

ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහත්මා අභාවප්‍රාප්තවෙයි. ඔබතුමාට නිවන්සුව 🙏🇱🇰😢🤍
18/10/2021

ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක
බන්දුල වර්ණපුර මහත්මා අභාවප්‍රාප්තවෙයි. ඔබතුමාට නිවන්සුව 🙏🇱🇰😢🤍

වෙලාව ආවම කාටත් යන්න වෙනවා. කව්ද කියන දෙය ආදාල නෑ. මීටත් වඩා මොන උදාහරණද. අමා මහ නිවන් සුව අත්වේවා! 🙏😥🖤🤍
22/09/2021

වෙලාව ආවම කාටත් යන්න වෙනවා. කව්ද කියන දෙය ආදාල නෑ. මීටත් වඩා මොන උදාහරණද. අමා මහ නිවන් සුව අත්වේවා! 🙏😥🖤🤍

====දඩබ්බරයාගේ කෙරුවාව====  🇱🇰 ❤🏏      අපේ කතා වල ගොඩක් වීරයෝ ඉන්න ඇති.. ඒත් අද අපේ කතාවේ වීරයා වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රික...
18/09/2021

====දඩබ්බරයාගේ කෙරුවාව==== 🇱🇰 ❤🏏

අපේ කතා වල ගොඩක් වීරයෝ ඉන්න ඇති.. ඒත් අද අපේ කතාවේ වීරයා වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ලොවපුරා ගෙන ගිය සිංහ පැටියෙක් ගැන.. ක්‍රිකට් ලොව කිරුළු පැළඳි යෝකර් රජු.. මේ ඔහුගේ ක්‍රිකට් ජීවිතේ කතාවයි..🦁👑
1983 අගෝස්තු 28 වන දින ගාල්ලේදි උපත ලද සෙපරමාදු ලසිත් මාලිංග කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපන් කම් කී අයෙකි.. හික්කඩුව කිරාණගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මාලිංග leather cricket ක්‍රීඩාවට පිවිසීමට පෙර සැහැල්ලු පන්දු ක්‍රීඩාවේද දැඩි ගොදුරු ගිලගන්නෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත් වුණා.. ඉන්පසු ඔහු අධ්‍යාපනය හැදෑරීමට වූයේ ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලයෙනි.. එම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි මාලිංගගේ ජීවිත කතාව වෙනස් වීමට හේතු වූයේ ඔහුගේ ක්‍රීඩා විලාසය සහ දක්ෂතාවය දුටු කීර්ති ධර්මවර්ධන මහතා මාලිංගව ගාල්ල මහින්ද විද්‍යාලයට ගෙන යාමත් සමඟයි.. ඉන්පසු ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩාකළ මාලිංගගේ වටිනාකම කීර්ති මහතා මෙන්ම දුටු තවත් අයෙකු සිටියා.. එනම් කලක් ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වූ මෙන්ම, දක්ෂ පුහුණුකරුවෙකු වූද චම්පක රාමනායක මහතායි.. ශ්‍රී ලංකා ක්‍රිකට් වල වාසනාවට මාලිංගගේ ජීවත කතාව වෙනස් උනේ එතනින්.. එනම් චම්පක රාමණායක නම් නිහතමානී මිනිසාගේ ඇවෑමෙන්.. මාලිංගගේ අනාගතය දුටු චම්පක මහතා ඔහු ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජයට මාලිංගව ඇතුල් කරගත්තා පමණක් නොව එම කණ්ඩායමේ ඔහු ක්‍රීඩා කළ ස්ථානයද මාලිංගට ලබා දීමට තරම් නිරහංකාරී විය.. එපමණක්ද නොව.. එතනින් නොනැවතී ලසිත් මාලිංගට ජාතික කණ්ඩායමට පැමිණීමේ මං පෙත්ද ඔහු අත්කර දුනි..
මෙලෙස ජාතික කණ්ඩායමේ ස්ථානයක් අත්පත් කරගත් ලසිත් මාලිංග පළමු ටෙස්ට් තරගය 2004 ජුලි මස 1 වෙනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව Darwin හීදී ක්‍රීඩා කරන ලදී.. එහිදී ඔහු තම මංගල තරඟයේම ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුළු හයක් දවා ගැනීමට සමත් වන ලදී.. මෙලෙස ඔහු ආරම්භ කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එතරම් සුබවාදී දෙයක් වීමට ඉඩ නොලැබුණේ ඔහුට කලක් යෑමේදී ඇති වූ ඉතා පීඩාකාරී ආබාධ තත්ත්වයන් නිසාවෙනි.. මේ නිසා ඔහුට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව 2010 වසරේදී අත්හැර දැමීමට සිදුවූයේ තවත් කලක් එක්දින සහ T20 ක්‍රීඩාවේ යෙදී සිටීමට අවශ්‍ය නිසාවෙනි.. මෙලෙස වසර හයක් පුරාවට ටෙස්ට් තරග 30 ක් ක්‍රීඩා කළ ඔහු ඉනිම 59 කදී කඩුළු 101ක් දවා ගැනීමට සමත් වී ඇත..
එමෙන්ම ලසිත් මාලිංග එක්දින වරම් හිමිකරගත්තේ U.A.E කණ්ඩායමට එරෙහිව 2004 ජූලි 17 වන දින දඹුල්ල ක්‍රීඩාංගනයේදී ය.. එලෙස ආරම්භ කළ එක්දින ක්‍රිකට් ක්‍රීඩාව 2019 ජූලි 26 වන දින බංග්ලාදේශය සමග අවසන් එක්දින තරගය තෙක් වසර 15ක් පුරාවට පිතිකරුවන් භීතියට පත් කරවන අතිවිශිෂ්ට පන්දු යවන්නෙකු ලෙස අවසන් කරන ලදී.. ලොව සිටින අතිදක්ෂ සෑම පිතිකරුවෙකුගෙම පවා පහරදීමට අමාරුම පන්දු යවන්නන්ගේ ලේඛනයේ ඉහළින්ම සිටි මාලිංග, පිතිකරුවකුට ඔහුගේ පන්දුවෙන් බේරීමට අවස්ථාවක් ලබා දුන්නේ සෑහෙන්න කලාතුරකිනි..
ක්‍රිකට් ලොවම භීතියට පත් කළ ඔහුගේ යෝකර් පන්දුවෙන් ගිලගත් ගොදුරු ප්‍රමාණය නම් ගණනය කළ නොහැකි තරම්ය.. එය පිතිකරුවන්ට මහත් හිසරදයක් වූවා නිසැකය.. වේගයෙන් යවන යෝකර් පන්දුව මෙන්ම වේගය අඩාල කර යවන යෝකර් පන්දුවද ලොව සිටි සෑම පිතිකරුවෙකු ම පවා දණ ගැස්වීමට සමත් විය.. Yoker King ලෙස ලොව පුරා ජනතාව ඔහුව හැඳින්වූයේ එම නිසාවෙනි.. වසර 15ක් පුරා එක්දින තරඟ 226ක් ක්‍රීඩා කළ ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 338කි..
මෙලෙස කඩුළු මැෂිමක් වූ මාලිංග ලොව පුරා ජනතාවගේ මහත් ජනාධරයට පත්වූයේ T20 තරග රටාව නිසාවෙනි.. ලංකාව වෙනුවෙන් T20 තරඟ 84ක් ක්‍රීඩාකර ඇති මාලිංග කඩුළු 107ක් දවාගෙන T20 ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වී ඇත.. එමෙන්ම ලොව කඩුලු 100ක් පසු කල එකම ක්‍රීඩකයාද ඔහුය.. අවසන් පන්දුවාරයට ලබාගැනීමට ලකුණු කීයක් තිබුණද පන්දුව අතට ගත් මාලිංග එම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට නොදෙන බව ඔහු ක්‍රීඩා කළ සෑම කණ්ඩායමකම නායකයින් දැන සිටි මෙන්ම විශ්වාස දෙයකි.. මාලිංග T20 තරඟවලට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වූයේ ඒ නිසාවෙනි.. ලොවපුරා පැවැත්වෙන ප්‍රධාන ලීග් තරඟ සෑම එහෙකිම පවා මාලිංගව විශාල මුදලකට අලෙවි වූයේ එම නිසාවෙනි.. Mumbai Indians , Melbourne Stars , Rangpur Riders , Kent Cricket , Guyana Amazon Warriors , Maratha Arabians , Montreal Tigers
යන කණ්ඩායම් නියෝජනය කරමින් රටවල් කීපයකම ලීග් තරග සඳහා තම දායකත්වය ලබා දුන් මාලිංග විශාල තරඟ ප්‍රමාණයක් ජය ගැනීමට හේතු වී ඇත.. IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේද ලසිත් මාලිංගය.. අයි.පී.එල් ඉතිහාසය පුරාවටම Mumbai Indians කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග එම කණ්ඩායමේ ජයග්‍රහණවලට ප්‍රබලම සාධකයක් විය..
මෙලෙස සාර්ථක ක්‍රීඩකයකු වූ මාලිංග ලොව කිසිම ක්‍රීඩකයකුට මෙතෙක් බිඳ දැමීමට අපහසු වූ ලෝක වාර්තා රැසකටම වග කියයි.. පිටපිට පන්දු 4කදී කඩුලු 4ක් බැගින් ජාත්‍යන්තර තරග දෙකකදීම ලබාගත් ලසිත් මාලිංග එම හපන්කම දැක්වූ ලොව එකම ක්‍රීඩකයා වේ.. එමෙන්ම කිසිවෙකුට සමකල නොහැකි ලෙස hat-trick 5ක්ම ලබාගෙන ඇති ලසිත් මාලිංග මේ වන විට ජාත්‍යන්තර තරඟ පිටියේ වැඩිම hat-trick ලාභියා ද වේ.. පන්දුවෙන් පමණක් නොව.. වරක් පිත්තෙන්ද දස්කම් දැක් වූ ලසිත් මාලිංග අනර්ඝ ලෝක වාර්තාවකට පිත්තෙන්ද හිමිකම් කියයි.. 2010දී MCG ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති එක්දින තරගයකදී ලකුණු 107 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් දැවී ගොස් තිබූ අවස්ථාවක දී නවවෙනි පිතිකරු ලෙස පිටියට පැමිණි ලසිත් මාලිංග පන්දු 48 කදී ලකුණු 56ක් වාර්තා කරමින්, කැන්ගරුවන් අසරණ කරමින් ඇන්ජලෝ මැතිව්ස් සමග එක්වී නවවෙනි කඩුල්ලට ලකුණු 132 ක සබඳතාවක් ගොඩනඟා ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන යන ලදී.. මෙය ක්‍රීඩකයන් දෙදෙනෙක් නවවෙනි කඩුල්ලට එතෙක් මෙතෙක් කල් ගොඩනැගූ හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එකතු වේ..
මෙලෙස ක්‍රීඩා ජීවිතය පුරාවටම අමතක නොවන මතකයන් රැසක් ක්‍රීඩාලෝලීන්ට එක්රැස් කර දුන් මාලිංගට 2014 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරිමේ වගකීමද හිමිවිය.. එහිදී ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ වසර ගණනක් පැවති ජයග්‍රහණ පිපාසය සංසිඳුවාලමින් සිය කණ්ඩායම සමඟ එක්වී ලෝක කුසලානය ශ්‍රී ලාංකීය නාමය ඉදිරියේ එසවීමට ඔහු සමත්කම් දැක්වීය.. මෙලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකළ ලසිත් මාලිංග හට සමහර අවස්ථාවලදී කෙනහිලිකම් වලින්ද අඩුවක් නොතිබුණි.. ක්‍රිකට් බලධාරීන්, සමහර ප්‍රේක්ෂකයින්ද ටෙලිවිෂන් මාධ්‍ය ,සමාජ මාධ්‍ය මේ හැම දේකින්ම ඔහුව පතුරු ගැසූ අවස්ථා දක්නට ලැබුණි.. ඔහුගේ ආබාධයන් නිසා ඔහු "නොන්ඩියෙක්" ලෙසද හාස්‍යයට ලක් විය..ඔහුට එල්ල වූ ප්‍රධානම චෝදනාව වූයේ IPL තරග නිසා මුදල් තණ්හාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මුල්තැන ලබා නොදෙන බවය..සමහර අසාධාරණ දේවල් ඉදිරියේ දඩබ්බර ලෙස හැසිරුණ නමුත් එම අවලාද හිස් වචන බවට පමණක් පත්කරමින් ඔහු ඒවාට උත්තර ලබා දුන්නේ පන්දුවෙන්මය.. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සහ ඔහුට ආදරය කළ සැබෑ ප්‍රේක්ෂකයින් ඔහුත් සමග සැමදාටම එක්වී සිටි බව නොඅනුමානය..
මෙලෙස ශ්‍රී ලංකා නාමය හදවතෙහිම තබාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ ලසිත් මාලිංග ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරාම මෙතෙක් කලකට බිහිවූ හොඳම වේග පන්දු යවන්නා ලෙස කිවවොත් මා වැරදි යැයි මා නොසිතයි.. ලංකාව පමණක් නොව මුළු ලෝකයක්ම ඔහුට ආදරය කරයි.. ක්‍රීඩකයකු ලෙස පමණක් නොව මිනිසකු ලෙසද ඔහුගේ ජීවිතයෙන් ලබාගත හැකි දේ බොහෝමය.. තරග බිමෙන් සමුගත්තත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහුගේ සේවය තවම නිමක් නැත.. ඔහුගෙන් ලබා ගත හැකි දේ තව බොහෝමය.. ලසිත් මාලිංග, නම ලක් මව තුළ සදා නොමැකෙන නාමයක් වී අවසන්.. Thank You Legend!!❤

"මාලි...උඹ නැති ක්‍රීඩා පිටියේ Batsman ලගේ Boot සහ කකුල් වල ඇගිලි නම් දැන් නිදහසේ සුසුම් හෙලනු ඇත.." 🦁👑🏏🇱🇰 ❤Lasith Malinga

📝Written by SL Sport Talks admin

📸 ඡායාරූපයේ හිමිකම මුල් හිමිකරු සතුය..

Cricket bond with our blood 🏏❤
13/09/2021

Cricket bond with our blood 🏏❤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SL Sport Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Sport Talks:

Shortcuts

  • Want your business to be the top-listed gym/sports facility?

Share