Friends CC

Friends CC We are Gampaha District Division iii Cricket Club. �

Friends For a Reason
05/07/2023

Friends For a Reason

Friends CC Back in business on 2023
05/07/2023

Friends CC Back in business on 2023

බස්නාහිර පළාත් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ අවසාන වටයේ තරඟ කාල සටහන අනුව අප Fri...
08/10/2022

බස්නාහිර පළාත් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ අවසාන වටයේ තරඟ කාල සටහන අනුව අප Friends ක්‍රිකට් සමාජයට අතිශය වැඳගත් Super Knockouts තරඟයක් ලෙස අප ක්‍රිකට් සමාජය හා Old Sripalians ක්‍රිකට් සමාජය අතර බණ්ඩාරගම SLC ක්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වීමට නියමිතව ඇත..🤩

අපගේ Friends ක්‍රිකට් සමාජයට ජය වේවා!!!
🥰🏏💪♥️


Unfortunately We Lost Semi Final Match Of Gampaha District Division iii Tournament.. Hard Luck Boyz 🥺♥️පසුගිය සෙනසුරාදා ...
13/09/2022

Unfortunately We Lost Semi Final Match Of Gampaha District Division iii Tournament..
Hard Luck Boyz 🥺♥️

පසුගිය සෙනසුරාදා (10) ගම්පහ දිස්ත්‍රික් Division iii තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී අප friends ක්‍රිකට් සමාජයට එරෙහි තරඟයෙන් ජය ලබාගැනීමට Harischandra CC යට හැකිවිය..

තරඟයේ කාසියේ වාසිය හිමිකරගත් අප Friends ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 44ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ 175ක් පමණි. පිළිතුරු ඉණිම ලෙස හරිස්චන්ද්‍ර කණ්ඩායම පන්දුවාර 41ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදී තරඟය ජයග්‍රහණය කරන ලදී.

Congratulations Harischandra SC 🏏
දිස්ත්‍රික් තරඟාවලියේ දී නැවත හමුවෙමු.... 🔥💪

තරඟයේ සම්පූර්ණ සාරාංශය පහතින්... ⬇️

🔥🇱🇰🏆
12/09/2022

🔥🇱🇰🏆

The Big Match Comming Up... 🔥ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ ප්‍...
10/09/2022

The Big Match Comming Up... 🔥

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ ප්‍රථම අවසන් පූර්ව තරඟය ලෙස අප Friends ක්‍රිකට් සමාජය හා හරිස්චන්ද්‍ර ක්‍රීඩා සමාජය අතර ගොඩිගමුව MB ක්‍රීඩාංගණයේදී අද (10) පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරඟයද පෙර තරඟ මෙන් ජයග්‍රහණය කරමින් හෙට (11) දිනයේදී පැවැත්වෙන අවසන් මහා තරඟයට පිවිසීමට අප Friends ක්‍රිකට් සමාජයට හැකි වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!!!

අපගේ Friends ක්‍රිකට් සමාජයට ජය වේවා!!!
🥰🏏💪♥️

🏏💪

08/09/2022

ගම්පහ දිස්ත්‍රික් Division iii තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට පෙර පුහුණුවීම්... 😍🏏💪

TeamWork.. Like Friends CC 😍♥️💪
05/09/2022

TeamWork.. Like Friends CC 😍♥️💪

05/09/2022

Congratulations!

The following teams are qualified for the inter district tournament from Gampaha District.

1.ග්ලෝබල් Worriors
2.Friends CC
3.මීරිගම CC
4.Harischandra CC
~Copied~

මේක නිකම්ම නිකම් මැසේජ් එකක් විතරක් නෙවෙයි. අපි හැමෝගෙම අවුරුදු ගානක මහන්සිය, මුදල්, උනන්දුව, කැපවීම වගේම ආබාධ තියාගෙනත් ආසාවෙන් අපි එක කණ්ඩායමක් විදිහට සාමුහිකව සෙල්ලම් කරපු එකේ ප්‍රථිඵල, ඒ දැනෙන හැඟීම විස්තර කරන්නත් අමාරුයි 🥹. මේක අපේ සෙට් එකේ පළවෙනි Tournament එක. ඒ වගේම කවදහරි අපේ පොඩි උන්ට භය නැතුව කියන්න පුලුවන් 2022 Inter District Tournament එකට ගම්පහ දිස්ත්‍රික්කෙන් තෝරගත්තු කණ්ඩායම් 4න් එකක් අපේ Friends CC කියලා. පුදුම ආඩම්බරයක් අපිට අපි ගැන තියෙන්නෙ.. ආදරෙයි Friends CC . ජයවේවා!! 🥰♥️💪

🏏💪

Finally We Won The 1st Quarterfinal Match Of GDCA Division iii (50 Over) Tournament & Also We Are Qualified To Semi Fina...
04/09/2022

Finally We Won The 1st Quarterfinal Match Of GDCA Division iii (50 Over) Tournament & Also We Are Qualified To Semi Finals 😍💪

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරඟය අප Friends ක්‍රිකට් සමාජය අතිවිශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කළ අතර අපගේ Friends ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව තරඟයට තේරී පත්විය. 🤩

අපගේ මෙම අර්ධ අවසන් පූර්ව තරඟය ඇන්තෝනියන් ක්‍රීඩා සමාජය සමඟ අද(04) කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මෙහිදී කාසියේ වාසිය දිනූ අප Friends ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 45ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත් විය. කලකට පසු ආරම්භක පිතිකරණයට එක්වූ උදේශ් සංයමයකින් යුතුව 62(84) ක් හා නැවත වරක් තම වගකීම මනාව ඉටුකරමින් සචින් 41(53) ක් ලබාගැනීමට සමත් විය. එසේම කණ්ඩායමේ බරකරට ගනිමින් හුදෙකලා සටනක නිරතවෙමින් දැවැන්ත 6 පහරවල් 5ක් සමඟින් නොදැවී 65*(59) ක් ලබාගැනීමට අප කණ්ඩායම් නායක Irshad ට හැකිවිය. 🏏
පිළිතුරු ඉනිම ලෙස ඇන්තෝනියන් කණ්ඩායමට පන්දු වාර 34ක් තුළ සියල්ලන් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 146ක් පමණි. පන්දු යැවීමේදී ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් අප Friends CC වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකරමින් විරාජ් කඩුලු 4ක් හා මිලින්ද කඩුලු 3ක් බිඳ හෙළීමට සමත්විය. 🏏
මෙහි අවසන් ප්‍රථිඵලය වූයේ අප Friends ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 89ක පහසු ජයක් හිමිවීමත් සමඟ Gampaha District Division iii තරඟමාලාවේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමයි... 😍🏏💪
Best Batsman - Irshad Hussain
Player Of The Match - Viraj Lilantha

අප Friends ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියට පැවැත්වෙන තරඟද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු!!!
-𝗧𝗲𝗮𝗺 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀 𝗖𝗖-
😍🏏♥️💪

🏏💪

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස...
03/09/2022

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස අප Friends ක්‍රිකට් සමාජය හා ඇන්තෝනියන් ක්‍රීඩා සමාජය අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වීමට නියමිතව ඇත. 🤩

අපගේ Friends ක්‍රිකට් සමාජයට ජය වේවා!!!
🥰🏏💪♥️

🏏💪

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) දිස්ත්‍රික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ ...
03/09/2022

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) දිස්ත්‍රික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයක් ලෙස අද (03) දිනයේදී අප Friends ක්‍රිකට් සමාජය වේයන්ගොඩ Youth ක්‍රීඩා සමාජය සමඟ වල්ගම්මුල්ල ක්‍රීඩාංගණයේදී තරඟ බිමට එක්විය..🥳

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අප Friends ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 273 ක් රැස් කරන ලදී. එහිදී මනා සංයමයකින් යුතුව පහරදුන් ආරම්භක පිතිකරු සචින් පන්දු 108ක් තුළ ලකුණු 78ක් රැස් කරන ලද අතර ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් රොමේශ් පන්දු 49ක් තුළ ලකුණු 70ක් රැස් කරන ලදී.
පළමු ඉනිම අවසානයේ වර්ශාව හේතුවෙන් තරඟය යම් වේලාවක් නවතා තැබීමට සිදු වූ අතර තරඟයේ ජයග්‍රහණය Paraball ක්‍රමයට තීරණය කරන්නට යෙදුණි.
එහි ප්‍රථිඵලයක් වශයෙන් වේයන්ගොඩ Youth SC පිළ ලකුණු 175/9 තිබියදී අප Friends ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 10ක ජයක් හිමි විය. 🤩
ඒ අනුව Division iii දිස්ත්‍රික් තරඟාවලිය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් තෝරාගනු ලබන කණ්ඩායම් 4 න් එක් කණ්ඩායමක් ලෙස අප Friends CC තේරී පත් විය 🥳💪

𝗕𝗲𝘀𝘁 𝗕𝗮𝘁𝘀𝗺𝗮𝗻 - AB Sachin
𝗕𝗲𝘀𝘁 𝗕𝗼𝘄𝗹𝗲𝗿 - Krishan Milinda
𝗣𝗹𝗮𝘆𝗲𝗿 𝗢𝗳 𝗧𝗵𝗲 𝗠𝗮𝘁𝗰𝗵 - Romesh Lakshan

අපගේ Friends ක්‍රිකට් සමාජයට ජය වේවා!!!
🥰🏏💪♥️

🏏💪

Address

Wattala-Mahara Road, Hunuptiya South
Wattala
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Friends CC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Friends CC:

Share

Category