District Agriculture Training Center DATC -NWP

District Agriculture Training Center DATC -NWP වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙම ආයතනය මඟින් ගොවි මහතුන් වෙත අවශ්‍ය වන සියලු කෘෂිකාර්මික පුහුණු අවස්ථා සලසා දෙනු ලබයි.

24/09/2024
වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වාරියපොල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක...
03/07/2024

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වාරියපොල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෘෂි ව්‍යවසායකයින් සදහා කොස් අශ්‍රිත ආහාර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2024.06.28 දින සාර්ථකව පවත්වන ලදී. ප්‍රදේශයේ සුලභව පවතින එහෙත් නිසි ප්‍රයෝජනයට නොගෙන සිදුවන නාස්තිය අවම කරමින් දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීමත් ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කරමින් කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීම මෙහි අරමුන විය. මේ සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 35 දෙනෙකු හා සියලුම කළාප නියෝජනය වන පරිදි කෘෂිකර්ම උපදේශක නිලධාරීන් කීපදෙකුද සහභාගි විය.
මෙහිදී කොස් ආශ්‍රිත ආහාර වර්ග 14ක් සකස් කරන ලදී.
පැසුණු කොස් මදුළු යොදාගෙන කොස් රොටී, කොස් පිට්ටු , කොස් හැලප, කොස් තෝසේ , කොස් කැවුම්, කොස් මෆින්, කොස් මසාලා වඩේ, කොස් වණ්ඩු , කොස් ෆකෝරා සකස් කරන ලදී. මෙම කෑම වර්ග සකස් කලේ සහල්පිටිද යම් ප්‍රමාණයක් මිශ්‍ර කරගනිමිනි. එහෙත් කෘතිම කල් තබාගැනීමේ ද්‍රව්‍ය හා කෘතිම රසකාරක කිසිවක් භාවිත නොඅරන ලදී. ඊට අමතරව කොස් ඉරි වලින් සීනිසම්බෝලක් සකස්කර කල අතර ඒසදහා ලොකු ළූණු, කරපින්චා , කෑලි මිරිස් , මිරිස් කුඩු , සියඹලා සෝස් හා දේශීය කුළුබඩු පමණක් යොදාගන්නා ලදී. කොස් වලින් සකස් කල ඩෙවල් එක සදහාද ලොකු ළූණු, කැරට් , මාලුමිරිස් දේශීය කුළුබඩු පමනක් යොදාගැනීමද විශේෂත්වයකි. කොස් ඇට වලින් ඉතාරසවත් වඩේ එකක් සකස් කල අතර ඒසදහා ළූණු, අමු මිරිස් , සහල්පිටි, ලුනු ස්වල්පයක් යොදා ගන්නා ලදී. කොස් ඇටවලින් සකස් කල සොසේජස් එක සදහා මිරිස්කුඩු , තුනපහ , ගම්මිරිස් , සුදු ළූණු, අමුමිරිස් , ලොකුළූණු බාවිත කරන ලදී. එක්දිනක් තුල මෙම ආහාර සකස් කිරීම පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යවසාය හා පුහුණු නියොජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියගේ අධීක්ෂණයෙන් ,දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ස්තාභාර කෘෂිකර්ම උපදේශක මහතාගේ සංවිධානත්වයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක රෝහිත සංජීව මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

03/07/2024

https://www.facebook.com/profile.php?id=61562135811454

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙම ආයතනය මඟින් ගොවි මහතුන් වෙත අවශ්‍ය වන සියලු කෘෂිකාර්මික පුහුණු අවස්ථා සලසා දෙනු ලබයි.

Address

Wariyapola
Wariyapola
60400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when District Agriculture Training Center DATC -NWP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share