25/10/2022
මහන්සි නොවී කෙට්ටු වෙමු WPP_fitness💪💪💪
ඔබේ සිරුරේ තැන්පත් වන මේද ප්‍රමාණය අනවශ්‍ය පරිදි වැඩි උන විට අධි බර හෝ තරබාරු අවස්ථාව ලෙස දක්වන්නට පුළුවන්.මෙම අධිබර හා තරබාරු අවස්ථාවන් ඔබගේ ශරීරයේ හෘදයාබාධ,දියවැඩියාව,හුස්ම ගැනීම ආශ්‍රිත අපහසුකම් සහ සමහර අවස්ථාවලදී පිළිකා තත්වයන් වැනි විවිධ බෝ නොවන රෝග වර්ග ඇති කිරීමට හේතු වෙනවා.මීට අමතරව අධිබර හා තරබාරු අවස්ථාවලදී සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යාමට පවා විවිධ වර්ගයේ අපහසුතාවයන් ඇති වන්නට පුළුවන්.
සිතට දැඩි ලෙස වද දෙන මෙම ගැටලු හමුවේ බොහෝ දෙනා ඉතා ඉක්මනින් තමන්ගේ සිරුරේ බර අඩුකර ගැනීමට උත්සහ කරනවා.ක්‍රීඩා හා ව්‍යායාම ක්ෂේත්‍රයේ සිටින උපදේශකයින් ද ඔබව මේ සඳහා උනන්දු කරමින් විවිධ වර්ගයේ ව්‍යායාම ක්‍රම,පුහුණු ක්‍රම සහ ආහාර රටාවන් facebook සහ youtube වැනි සමාජ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය කිරීම ද සිදු කරනවා.ඔබ දැනටමත් මෙවැනි ව්‍යායාම සටහනක් හෝ පෝෂණය වැඩසටහනක් Follow කරන පුද්ගලයෙක් වන්නට ද පුළුවන්.මේ බොහෝ වැඩසටහන් වල තිබෙන ගැටළුව වන්නේ බර අඩු කර ගැනීම සඳහා ආහාර පාලනය කිරීමට සහ ව්‍යායාම සිදු කිරීමට ඔබට දැඩි ලෙස මහන්සි වන්නට සිදු වන නිසා ටික කලකදී විට මෙම ක්‍රමවේදය දිගටම කරගෙන යාමට අපහසු වන ලෙස අකර්මන්ය වීමයි.
සිරුරේ මේද ප්‍රතිශතය අඩු කිරීමේ දී සෑම විටම විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීම් මගින් ඔබට අනවශ්‍ය පරිදි ශරීරයට පීඩනයක් හෝ මනසට ආතතියක් ඇති නොවන පරිදි මෙම ක්‍රියාවලිය සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.මෙමගින් කාලයත් සමඟ ක්‍රමානුකූලව ඔබට අවශ්‍ය ප්‍රමාණය දක්වා සිරුරේ මේද ප්‍රතිශතය අඩු කර ගැනීමේ හැකියාව.මෙහිදී වැඩි වශයෙන්ම දායක වන්නේ ඔබ ලබාගන්නා ආහාර වර්ගයි.ව්‍යායාම සිදු කිරීම මගින් ශරීරයේ මේද දහනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් ඉක්මන් කරගන්නට පුළුවන්.නමුත් ඔබ ව්‍යායාම සඳහා වේලාවක් සොයා ගැනීමට නොහැකි පුද්ගලයෙක් නම් සියයට සියයක්ම ආහාර මගින් පමණක්ම සිරුරේ මේද ප්‍රමාණය අඩු කරගන්නට පුළුවන්.
විද්‍යාත්මක ක්‍රම වේදයට අනුව ශරීරයේ මේද ප්‍රමාණය අඩු කිරීමේදී Physiological Ketosis,Intermittent Fasting සහ Autophagy යන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔබට භාවිතා කරන්නට පුළුවන්.ලංකාවේ සමහර දෙනා ශරීරය කෙට්ටු කර ගැනීම සඳහා තමන්ගේම ක්‍රමවේදයන් සහ සොයාගැනීම් ලෙස ඉදිරිපත් කරන්නේද ඉහත විද්‍යාත්මක ක්‍රම වලින් ලබාගත් දේවල්.එම නිසා ඉහත විද්‍යාත්මක සංකල්පයක් ලොවට දායාද කළ විද්‍යාත්මක සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී පර්යේෂකයින්ට මුල් ගෞරවය ලැබෙන ලෙස මෙම සංකල්ප භාවිත කිරීමට සෑම දෙනාම යොමු වීම ඉතා වැදගත් .
👀 👀කන්න ඕනේ මොනවද ????
ඔබේ ශරීරයේ මේද ප්‍රමාණය වැඩි නම් ,ඔබට ශරීරය කෙට්ටු කර ගැනීමට අවශ්‍ය නම් පහතින් දැක්වෙන ආහාර වර්ග එක වේලකදී ඔබ ගන්නා ආහාර වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයකට එකතු කරගන්න.
බිත්තර
මාළු සහ මුහුදු ආහාර
මස් වර්ග
කරවල
බතල
චීස්
බටර්
පොල්
වට්ටක්කා
ගෝවා/මල් ගෝවා
වම්බටු
බෝංචි
රටකජු
පිපිඤ්ඤා
ආමන්ඩ්
වට්ටක්කා ඇට
සූරියකාන්ත ඇට
තල
හතු වර්ග
කොළ පැහැති පලා වර්ග
අලිපේර සහ කොළ පැහැති පලතුරු වර්ග
බ්‍රෝකෝලි
තක්කාලි
රාබු
එක වේලකට ආහාරයට ගන්නා බත් ප්‍රමාණය හැකිතාක් අවම කර ආහාර වේලෙන් 80% කට වැඩි ප්‍රමාණයකට ඉහත ආහාර ගැනීමෙන් ශරීරයට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතාම අඩු වන අතර ප්‍රෝටීන් ප්‍රමාණය සහ හිතකර මේද අම්ල ප්‍රමාණය ඉහළ අගයක් ගන්නවා .මෙම ආකාරයට දවස් තුනකට ආසන්න කාලයක් ආහාර ගැනීමෙන් පසුව ශරීරය තුළ Physiological Ketosis නම් මේද දහනය වීමේ ක්‍රියාවලිය ආරම්භ වනවා.
මෙම ආහාර පිළියෙල කර ගැනීමට පහත තෙල් වර්ග භාවිතා කරන්නට පුළුවන්
ඔලිව් තෙල්
නොඉඳුල් පොල්තෙල්
එලගි තෙල්
මේ හැරෙන්නට හෙලෝ අනෙකුත් තෙල් වර්ග භාවිතා කරන්නට එපා.
ඔබට විවිධ වර්ගයේ බීම වර්ගද බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් .නමුත් බීම වර්ග සඳහා ඉතා අඩු සීනි ප්‍රමාණයක් හෝ සීනි භාවිතා නොකරම සිටිනවානම් ඉතාම සුදුසු වනවා.අවශ්‍ය නම් Stavia වැනි ආදේශක භාවිතා කරන්නට පුළුවන්.
කෝපි
කොල තේ
කළු තේ
👀 👀කන්න හොඳ නැත්තෙ මොනවද ????
බත් අඩු කරන්න
කඩල කව්පි මුං ඇට වැනි ධාන්‍ය වර්ග
පැණි රස පලතුරු
මී කිරි සහ දියර කිරි
Yogurt
සියලු පැණි රස කෑම වර්ග
Short Eats
පිටිකිරි
බිස්කට් සහ අනෙකුත් පිටි කෑම
විවිධ කැවිලි වර්ග
නූඩ්ල්ස්
Snacks වර්ග
කොළ පැහැති නොවන එළවළු වර්ග
සියලුම කඩ කෑම වර්ග
උඩින් දක්වල තියන කෑම වර්ග කන ගමන් පහලින් දක්වලා තියෙන කෑම වර්ග පුළුවන් තරම් කන එක අඩු කරන එකෙන් ලෙහෙසියෙන්ම තමන්ගේ ශරීරයේ බර අඩු කර ගැනීම අඩුකර ගැනීමේ හැකියාව සහ මේදය දහනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා
බර අඩු කර ගැනීම සහ මේද දහනය කිරීම තවත් වේගවත් කර ගන්නට අවශ්‍ය නම් ආහාර ගැනීමේ ක්‍රම වේදයෙන් වෙනසක් කරන්නට පුළුවන්.ඒ වෙනස Intermittent Fasting ලෙස හදුන්වනවා.
මෙහිදී සරලවම සිදු කරන්නේ දවසේ පැය විසිහතරෙන් පැය දොළහකට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදු ආහාරයක් ශරීරයට වැටෙන්නට නොදී නිරාහාරව සිට ඉතුරු පැය 12ක කාලයේදී ආහාර ලබා ගැනීමයි.ශරීරය පැය දොළහකට වඩා නිරාහාරව පවතින විට ග්ලයිකොජන් තැන්පතු වැය වීමට පටන් ගන්නවා.පැය 12 කටත් වඩා වැඩිපුර නිරාහාරව සිටින්නට හැකියාව තිබෙනවා නම් හින්දු දහමේ තවත් වේගවත් වෙනවා.නමුත් පුද්ගලයකු මුලින්ම මේ ආකාරයට නිරාහාරව සිටීමේ දී Gastritis එවැනි තත්ත්වයන් ඇතිවිය හැකි නමුත් හිරු තුනක් පමණ යනවිට ආම්ලික යුශ ශ්‍රාවය වීමේ වෙලාව වෙනස් වීGastritis පහව යනවා.
Intermittent Fasting ක්‍රමවේදය ප්‍රායෝගිකව සිදු කිරීමේදී රෑ අටට ආහාර ලබා ගෙන ඉවර කර නින්දට ගොස් පසදින දවල් 10 හෝ 12 වන තෙක් නිරාහාරව සිට එම වේලාවෙන් පසු ආහාර ගැනීම සිදුකළ හැකිය.දවල් දොළහටත් වඩා වැඩි වේලාවක් නිරාහාර වෙන්නට හැකියාව තිබෙනවා නම් එය මේද දහනය කිරීම තවත් වේගවත් කරන්න.
නමුත් මෙම කාලය තුළදී සීනි රහිතව coffee හෝ තේ ඔබට පානය කරන්නට පුළුවන් පානය කරන්නට පුළුවන්.ඊට අමතරව වතුරද මේ අවස්ථාවේදී ඉතාම හොඳ පානයක්.
ඉහත ආකාරයට ආහාර වර්ග තෝරා ගැනීමෙන් සහ ආහාර ලබා ලබා ගන්නා වේලාව වෙනස් කිරීමෙන් දැඩි අපහසු තාවයකින් තොරව,සිරුර අනවශ්‍ය පරිදි මහන්සි වීම සහ විශේෂයෙන්ම ව්‍යායාම නොකර පවා ඔබට සිරුරේ බර සහ මේද ප්‍රමාණය අඩු කරගන්නට පුළුවන්.
ඔබත් සිරුරේ බර නිසා කනස්සල්ලට,මානසික පීඩනයට සහ අපහසුතාවයට පත්වී සිටි පුද්ගලයෙක් නම්.මේ වන තෙක් Follow කරපු ව්‍යායාම සහ ආහාර සැලසුම් වලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් නම් මේ කියලා දීලා තියෙන විදිහට ආහාර ලබාගෙන ලේසියෙන්ම කෙට්ටු වෙන්න උත්සහ කරන්න.ඔයාගේ experiences එක අපිත් එක්ක බෙදා ගන්න.මේ ආහාර ක්‍රමවේදය Follow කිරීමේදී ඇතිවන ඕනෑම ගැටලුවකදී අවශ්‍ය ඕනෑම වෙලාවක අපේ ආයතනය සම්බන්ධ කරගන්න..!!!
💪💪💪Happy Fat Losing People ..!!!!