11/04/2026
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ දිගාමඩුලු නියමුවන් උහන ජාතික පාසලේදී මෙලෙස අභිසෙස් නැංවූ වගයි.....
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උපසභාපති ලෙස තේරී පත් වූ අම්/අභයපුර විද්‍යාලයේ විදුහල්පති දමිත් නාලක රත්නවීර මහතා සහ පාසල් ක්‍රිකට් සංගමයේ කාන්තා 19 න් පහළ DIVISION 1 සහ 2 කාණ්ඩයේ තරඟාවලි ලේකම් ලෙස තේරී පත්වූ උහන ජාතික පාසලේ ක්‍රිකට් භාර ආචාර්ය ඉන්දික සඳුන් හෙට්ටිආරච්චි යන ගුරු මහත්වරුන් උහන ජාතික පාසලේ ආචාර්ය මණ්ඩලය,උහන කොට්ඨාසයේ විදුහල්පති සංගමය,උහන ජාතික පාසලේ ආදී ශිෂ්‍ය සංගමයත් එක්ව මහත් හරසරින් යුතුව උහන ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී..🔰
මේ සඳහා දායකත්වය දැක්වූ උහන ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු අනුශාසක පුජ්‍ය සුමන ස්වාමීන් වහන්සේටත්, පාසලේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, උහන කොට්ඨාසයේ විදුහල්පති සංගමයටත්, උහන ජාතික පාසලේ ආදී ශිෂ්‍යය සංගමයටත්, ඩී එස් සේනානායක ජාතික පාසලේ නර්තන ආචාර්ය ප්‍රියන්ත බණ්ඩාර ආචාර්යතුමා ඇතුළු එ නර්තනකණ්ඩායමටත්, පාසලේ තූර්ය වාදක කණ්ඩායමටත්, පාසලේ නර්තන අංශයටත් , විශේෂ ස්තූතියක් පුද කරන්නෙමු.❤