Supun Dissanayake

Supun Dissanayake Cricket Coach at Uhana National School. Cricket Umpire (Srilanka Cricket). Coach at Lankan Cricket Academy. Assistant Secretary of Uhana Cricket Club.

ICC Women's world cup 2025
26/09/2025

ICC Women's world cup 2025

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සැලකූ විට විවිධ වර්ගයේ පන්දු භාවිතයට ගනු ලබයි. විවිධ රටවල් තම අභිමතය පරිදි අයිසීසී අනුමැති...
09/07/2025

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සැලකූ විට විවිධ වර්ගයේ පන්දු භාවිතයට ගනු ලබයි. විවිධ රටවල් තම අභිමතය පරිදි අයිසීසී අනුමැතිය සහිතව මෙම පන්දු භාවිත කරනු ලබයි.

(1) The Duke

- ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන දීර්ඝතම ඉතිහාසයක් සහිත පන්දුවයි මෙම පන්දුව. (Since 1760)

- අනෙක් පන්දු සැලකූ විට Duke පන්දු අදුරු තද පැහයක් ගනු ලබයි.

- මෙම පන්දුව මැහුම් රේඛා සම්පූර්ණයෙන්ම අතින් නිම කරනු ලබයි. (Hand made stiches)

- නිෂ්පාදනය - එංගලන්තය

- අනෙක් පන්දු සැලකූ විට පන්දුව පැරණි වීමට වැඩිම කාලයක් ගත වන්නෙ මෙම පන්දුවයි.

- භාවිත කරන රටවල් - එංගලන්තය , බටහිර ඉන්දිය කොදෙව්

(2) The Kookaburra

- ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි රටවල් ගණනක් භාවිත කරන අංක එකේ පන්දු සන්නාමය ලෙස සලකන්නෙ කොකබුරා පන්දුවයි.

- එහි ඉතිහාසය වසර 1890 දක්වා ඇදී යයි.

- මෙම පන්දුව මැහුම් රේඛා සම්පූර්ණයෙන්ම යන්ත්‍ර භාවිතයෙන් නිම කරනු ලබයි. (Mechanical)

- නිෂ්පාදනය - ඕස්ට්‍රේලියාව

- භාවිත කරන රටවල් - ඕස්ට්‍රේලියාව , නවසීලන්තය , දකුණු අප්‍රිකාව , පකිස්තානය , ශ්‍රී ලංකාව ඇතුලු අනෙක් ටෙස්ට් රටවල්

(3) The SG

- මෙය ඉන්දියාවේ කරනු ලබන නිෂ්පාදනයකි.

- වසර 100 ක පමණ ඉතිහාසයක් හිමි පන්දුවකි.

- මෙම පන්දු භාවිත වන්නෙ ඉන්දියාවේ ක්‍රීඩා කරනු ලබන තරග සදහා පමණි.

- අනෙක් පන්දු සැලකූ විට මෙම පන්දුවේ විශේෂත්වයක් වන්නෙ පළලින් වැඩි මැහුම් රේඛා (Seam) යි.

- එම රේඛා පන්දුව පැරණි අවස්ථාවලද අනෙක් පන්දුවලට සාපේක්ෂව දෝලනය පහසු කරයි. (Reverse - swing)

- සාමාන්‍ය පන්දුවක මැහුම් රේඛා සංඛ්‍යාව 6 ක් වන අතර මෙම පන්දු වර්ග සෑම එකකම එම සංඛ්‍යාව නියතව පවතී.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට පිරිනැමෙන කුසලානය වෝන් මුරලි කුසලානය යනුවෙන්...
29/01/2025

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට පිරිනැමෙන කුසලානය වෝන් මුරලි කුසලානය යනුවෙන් හැඳින්වෙනවා.

පළමුවරට මේ කුසලානය පිරිනැමුණේ 2007 වර්ෂයේදී ය. ලොව විශිෂ්ටතම දඟපන්දුයවන්නන් දෙදෙනා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා ඔස්ට්‍රේලියාවේ ශේන් වෝන්ගේ නාමයන් යොදාගනිමින් මේ කුසලානය නම් කර තිබෙනවා.

වෝන් හා මුරලි පන්දු යැවූ දකුණු අත් යොදාගනිමින් මේ කුසලානය අඹා ඇති අතර, ඔවුන් දෙදෙනා ක්‍රීඩා කළ අවදියේ භාවිතා කළ පන්දු දෙකක් ද මේ කුසලානයට යොදාගෙන ඇත.
2007 වර්ෂයේ දී වෝන්-මුරලි කුසලානය ආරම්භකරන විට ශේන් වෝන් ජාත්‍යන්තර පිටියට සමු දී සිටියා. කෙසේවෙතත් මුත්තයියා මුරලිදරන්ට එම තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණා. මුරලි 2010 වර්ෂයේ දී ටෙස්ට් පිටියට සමුදුන්නා.

මේ වන තෙක් වෝන්-මුරලි තරගාවලි 6 ක් පවත්වා තිබෙනවා. ඉන් හතර වතාවක්ම ඔස්ට්‍රේලියාව ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් වතාවක් පමණි. එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
1 ) 2007
තරග දෙකකින් සමන්විත පළමු වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේදී ය. තරගාවලිය 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගනු ලැබුවා.
2 ) 2011
තරග තුනකින් සමන්විත දෙවන වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදී ය. තරගාවලිය 1-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගනු ලැබුවා. තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
3 ) 2012-13
තරග තුනකින් සමන්විත තුන්වන වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේදී ය. තරගාවලිය 3-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගනු ලැබුවා.
4 ) 2016
තරග තුනකින් සමන්විත හතරවන වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදී ය. තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනු ලැබුවා. ශ්‍රී ලංකාව ජයගත් පළමු වෝන්-මුරලි කුසලානය මෙයයි.
5 ) 2019
තරග දෙකකින් සමන්විත පස්වන වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේදී ය. තරගාවලිය 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගනු ලැබුවා. මෙම තරගාවලියේ පළමු තරගය දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වුණා.

6 ) 2022
තරග දෙකකින් සමන්විත හයවන වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදී ය. තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා
7 ) 2025
තරග දෙකකින් සමන්විත හත්වන වෝන් මුරලි ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 සිට පෙබරවාරි 10 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී ය.
ලෝක ක්‍රිකට් වංශකතාවේ පන්දුයවන්නන්ගේ රජවරුන් සේ සැලකිය හැකි ශේන් වෝන් හා මුත්තයියා මුරලිදරන්ගේ නමින් කුසලානයක් නිර්මාණය වී තිබීම ඉතාමත්ම වටිනා දෙයකි.

උපුටා ගැනීමකි.

HIGHEST RUNS IN ODI, T20,TEST FOR EACH COUNTRY💪👈🙏
04/11/2024

HIGHEST RUNS IN ODI, T20,TEST FOR EACH COUNTRY💪👈🙏

Best all rounder sports countries | හොඳම තුන් ඉරියව් ක්‍රීඩා කරන රටවල්
21/10/2024

Best all rounder sports countries | හොඳම තුන් ඉරියව් ක්‍රීඩා කරන රටවල්

03/10/2024
Sri Lanka moved to 3rd in the World Test Championship Points Table 2023-2025❤🇱🇰
23/09/2024

Sri Lanka moved to 3rd in the World Test Championship Points Table 2023-2025❤🇱🇰

SLvsENG 🇱🇰🇬🇧
06/08/2024

SLvsENG 🇱🇰🇬🇧

Address

Dematamalpalassa
Uhana

Telephone

+94712907440

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supun Dissanayake:

Share

Category