European College

European College Europea College is the institute conducting training programs for Adult & students. They would like

24/08/2016
Happiness
23/08/2016

Happiness

improve your vocabulary..
05/11/2015

improve your vocabulary..

31/07/2015

Thank you so much for all participated past students..appreciated your contribution & participation..

Wade & plain tea dansala.. organized by 2nd & 3rd batch, European College of English
05/06/2015

Wade & plain tea dansala..

organized by 2nd & 3rd batch, European College of English

22/04/2015

හිත්තතුර් ටිල් ර්යුකාන්- කැබින් ටුඅර් ටු ර්යුකාන්- ර්යුකාන් හි නිවාඩු නිකේතනයට.
පසුගිය මාර්තු මස විසි හත් වෙනි සිකුරාදා අප විශ්ව විද්‍යාලීය මිතුරන් රැසක් සමඟ මේ සිශිර ඍතුවේ බොහෝ විට අවසන් ස්ලාලොම් දවස වියහැකි විනෝද සවාරිය සදහා ර්යුකාන් වෙත ගියෙමු. ර්යුකාන් ඉතා සුවිශේෂී ප්‍රදේශයකි.

උස් කඳු මුදුන් දෙකකට මැදි වී ඇති ර්යුකාන් ඉතා කුඩා නිම්නයක පැතිරුණු කුඩා ගම්මානයකි. නොර්වේහි උසම කඳු මුදුන වන "ගෞස්තතොප්පන් " කඳු මුදුන පිහිටා ඇත්තේද ර්යුකාන් ප්‍රදේශයේය. ගෞස්තතොප්පන් යන්නෙහි තේරුම කඳු වැටියක මුදුන යන්නය. මෙම ප්‍රදේශය නන් දෙසින් එක් රොක් වන ජනතාවගෙන් නිරන්තරයෙන් පිරී පවතින ප්‍රදේශයකි. බොහෝ දෙනා සිසිර ඍතුවේ මේ ප්‍රදේශයේ සැරිසරන්නේ ස්ලාලොම් සදහාය.

ර්යුකාන් නිම්නය හා ගෞස්තතොප්පන් කඳු මුදුන

අන්තර්ජාතික ශිෂ්‍ය සංගමය වෙනුවෙන් එහි සභාපති තනුශාන් සොයුරා විසින් ඉතා මැනවින් සංවිධානය කර තිබූ අපේ සවාරිය පොර්ස්ගෘන් වලින් ඇරඹියේ උදෑසන හය හමාරටය. අප දහවල් දහය පමණ වන විට ර්යුකාන් වෙත ගියෙමු. උස කඳු වැටියක තිබූ ස්ලාලොම් මධ්‍යස්ථානය වෙත යාමට පෙර අප ගමන් ගත් බසයේ රෝද වලට දම්වැල් සවි කරන ලදී. ඉන් පසු සෙමින් සෙමින් හිමෙන් වැසී තිබූ කඳු මුදුනට ලඟා වීමු. ගමන මඳක් අවදානම් සහිත එහෙත් විනෝදාත්මක එකක් විනි. දහවල් එකොළහ පමණ වන විට අප ස්ලාලොම් කරන්නට සුදානම් වී සිටියෙමු. මේ මගේ දෙවැනි ස්ලාලොම් ගමනය. කුඩා ළමයින් සඳහා වෙනකොට තිබූ කුඩා බෑවුමකින් අප ක්‍රීඩාව පුහුණු වීමු. පළපුරුදු බොහෝ දෙනා කඳු මුදුනේ සිට පහලට තිබූ ප්‍රවීණයන්ගේ තීරුවේ ක්‍රීඩා කලෝය. දහවල් වන විට මම ඉතා හොදින් ක්‍රීඩාවේ තාක්ෂණය ග්‍රහණය කරගෙන තිබිණි. ඉන් පසු සවස් වරුව පුරාවට මම මගේ හැකියාවන් උරගා බලමින් ප්‍රවීනයන්ගේ තීරුවේ සිටියෙමි. එය ඉතා අගනා දිනයක් විනි. දිනය අවසන් වන විට මම බෙහෙවින් විඩාවට පත්වී සිටියෙමි.

සවස නවාතැන් පොළ ඉතා අගනා අත්දැකීමකි. නෝර්වේජියානු භාෂාවෙන් "හිත්තා" නමින් හදුන්වන කුඩා නිවාඩු නිකේතනය පස් දෙනෙකුට ලැගුම් ගත හැකි සියලු පහසුකම් වලින් සමන්විත එකක් විනි. කෙසේවෙතත් නොර්වෙජියනුවන් "හිත්තතුර්" ලෙස හදුන්වන්නේ විදුලිය හා ජලය කිසිත් නැති මූලික අංග පමණක් ඇති දුෂ්කර කඳු වැටියක හුදෙකලා වූ නිවාඩු නිකෙතනයන් වෙත විනෝද සවාරියක් යාමය. අපගේ ගමන ඔවුනගේ අදහසට අනුව නම් "චීටඩ් හිත්තතුර්" එකකි. අවට පරිසර උෂ්ණත්වය ඍන ගණන් වල තිබියදී සීතල කුටියක සිටීම අපට නම් කෙසේ වත් විනෝද සවාරියක් නොවනු ඇත. විදුලිය හා ජලය සහිත කුටියක උණුසුම් වී සිටීම අපට සතුටක් විනි. රාත්‍රිය බෙහෙවින් විඩාවට පත් වී සිටි මට ඉතා කෙටි එකක් විනි. පසුදා උදෑසන වනවිට ශරීරයේ රිදුම් නොදෙන අඟලක් වත් සොයා ගත නොහැකි තරම් විනි.

ර්යුකාන් හිත්තා (කැබින්)

මා මීට පෙර නොදැන උන් බොහෝ වැදගත් දේ දැනගත් අලුත් දවසක් උදාවී තිබිණි. ර්යුකාන් උස් කඳු වැටි දෙකකට මැඳි වී තිබු හෙයින් වසරේ නොවැම්බර් මස සිට බොහෝ විට පෙබරවාරි අවසන් වනතුරු, සරලව කිවහොත් තද ශිශිර ඍතුව අවසන් වනතෙක් හිරු එලිය නොලැබී අඳුරේ තිබුණු නිම්නයකි. මෙහි පදිංචි කරුවන් උපක්‍රමිකව සූර්යාලෝකය ලබා ගැනීමට කල්පනා කලේ මේ අඳුරු කාල පරිච්චේදය එලිය කර ගැනීමටය. ඒ අනුව බටහිර දෙසින් වූ කඳු වැටියේ විශාල දර්පණ තුනක් සවි කොට සූර්යාලෝකය නගර මාධ්‍යයට ලබා ගැනීමට ඔවුහු කටයුතු කළෝය. ර්යුකාන් මහජන පුස්තකාලය ඉදිරියට වැටෙන සූර්යාලෝකය සිත්සේ විඳ ගැනීමට එහි සවිකල අලංකාර බංකු පෙලක්ද එහි තිබේ. ඒ දර්පණ තුන දැක ගැනීමට මා භාග්‍යවන්ත වූ අතර ඉන් ලැබෙන හිරු එලිය යට චායාරූපයක් ලබා ගැනීමටත් භාග්‍යවන්ත වීමි.

ර්යුකාන් ගම්මානය දර්පණ වලින් ආලෝකය ලබා ගන්නා අයුරු

අප සාමාජිකයන් දර්පණ එළියේ සිට ගත් චායාරූපයක්

ඉන් පසු අපි සියල්ලෝම කේබල් කාර් කිහිපයකි තවත් එක් උස් කඳු මුදුනක් වෙත ගියෙමු. ඉතා උස කඳු මුදුනේ සිට පහල නිම්න භූමියට කිලෝමීටර් හතරක පමණ දුෂ්කර මාවතක් තිබිණි. ආසන්න වශයෙන් අඩියක් පමණ හිමෙන් මාවත සහමුලින්ම වැසී තිබිණි. මා තෝරා ගත්තේ අවසාන සාමාජික කණ්ඩායමය. මෙහිදී මම ප්‍රයෝගයක් කලෙමි. ඉදිරියෙන් සාමාජිකයන් තිස් පහක් පමණ හිම මතින් ගියවිට අවසාන සාමාජිකයන් වූ අප කිහිප දෙනෙකුට ගමන් කිරීමට පාර සැදී තිබිණි. උපක්‍රමිකව හිමෙන් තෙමි තෙත්බරි නොවී අපි යහතින් පහලට පැමිණියෙමු.

අන්තිම සාමාජිකයන් සමගින් කඳු මුදුනින් පහලට

මා දැනගත් ඊළඟ වැදගත් තොරතුර වූවේ දෙවන ලෝක යුධ සමයේ ර්යුකාන් ඉතා වැදගත් මර්මස්තානයක් වී තිබූ බවය. දිය ඇල්ලක් හරස් කොට ලොව ලොකුම ජලවිදුලි බලාගාරය නිර්මාණය කිරීමට "නොර්වේ හිද්රෝ" සමාගම වසර එක්දහස් නවසිය පහේ සුදානම් වී තිබූ අතර එක්දහස් නවසිය එකොළහ වන විට ලොව විශාලම ජලවිදුලි බලාගාරය එහි නිමැවිණි. විශාල නල දහයකින් ලබාගත් ජලය "ෆෙල්ටන්" ටර්බයින් පහක් කරකවා එයට සම්බන්ධ විශාල ජෙනරේටර් දහයක් කරකවමින් ලොව විශාලම ජල විදුලි බලාගාරය එක්දහස් නවසිය එකොළහේ පටන් සාමකාමිව විදුලිය උත්පාදනය කරමින් තිබිණි.

ජලවිදුලි බලාගාරයේ විශාල ටර්බයින්

වමොර්ක් බලාගාරය හා නල පද්ධතිය (මෙහි ඉදිරිපස ගොඩනැගිල්ල සහමුලින්ම විනශ වී ඇත)

අහඹු ලෙස නෝර්වේජියානු පරීක්ෂකයෙකු වූ "ලෙයිෆ් හාන්ස් ලාර්සන් ටොර්න්ස්ටඩ් " මහතා විසින් එම ජලයේ "ඩියුටීරියම්" සමස්තානිකය සහිත ජලය හෙවත් "හෙවි වෝටර්" ඇති බව අඳුනා ගැනීම දෛවෝපගත සිදුවීමක් විණි. මුලින්ම ඩියුටීරියම් සහිත ජලය අනෙක් ජලයෙන් වෙන් කර ගැනීම ඇරඹියේ ඉන් මිනිසාගේ ශරීර සෞඛ්‍ය වැඩි වර්ධනය වන බවට තිබු විශ්වාසය නිසා විණි. පසුව මීයන් යොදාගෙන කරන ලද පරීක්ෂණයක ප්‍රථිපල අනුව එය ශරීරයට හිතකර නොවන බව අවබෝධ කොටගත් පරීක්ෂණ කණ්ඩායම එම පරීක්ෂණ අත්හැර දමන ලදී.

කෞතුකාගාරයේ විකිණීමට ඇති සමරු භාණ්ඩයක්

දෙවන ලෝක යුධ සමයේ ජර්මන් හමුදාව අතට හෙවි වෝටර් වෙන්කරගත හැකි පරීක්ෂණ මධ්‍යස්ථානය පිලිබඳ තොරතුරු ලැබිණි. ලොව බලවතා වීමේ අභිප්‍රායෙන් පරමාණු බෝම්බ නිපදවීමට කල්පනා කරමින් සිටි ජර්මානුවන්ට මෙය ඉතා අගනා තොරතුරක් විණි. වහාම ජර්මාණු හමුදාවක් විසිනන් ර්යුකාන් ජලවිදුලි මධ්‍යස්ථානය අත්පත් කර ගත්තෝය. ඉන් පසු මහා පරිමාණයෙන් හෙවි වෝටර් නිපැයීම ඇරඹිණි.
මිතුරු පාක්ෂික හමුදාවන් අතට පත් අලුත් තොරතුරු මත ර්යුකාන් බලාගාරය වෙත ප්‍රහාර එල්ල කිරීමට තීරණය විනි. බ්‍රිතාන්‍ය හමුදාව එක් ප්‍රහාරයක්ද, නොර්වේ සාමාජියන් එල්ල කල තවත් ප්‍රහාරයක්ද, ඇමරිකානු හමුදාව එල්ල කල තවත් ගුවන් ප්‍රහාරයකටද මෙල්ල කරගත් නොහැකි වූ හෙවි වෝටර් නිෂ්පාදනය ඉතා විශාල නෞකාවක් මගින් ජර්මනිය වෙත ගෙන යාමට කටයුතු සැලසුම් කොට තිබිණි. ර්යුකාන් සිට දුම්රියක් මාර්ගයෙන් "ටින්ශෝ" විල වෙත ප්‍රවාහනය කොට එතැන් සිට නෞකාවක් මාර්ගයෙන් ජර්මනිය වෙත ප්‍රවාහනයේ අවසාන අදියර සූදානම් වී තිබිණි.

ටින්ශෝ විල සහ දුම්රිය ප්‍රවාහන මාර්ගය

නොර්වේජියානු ජනතාව ප්‍රවාහනය කල ඒ නෞකාවේ පරමාණු බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට හෙවි වෝටර් පිරවූ බහලුම් තිබිණි. අවසාන ප්‍රහාරය මිත්‍ර පාර්ශවය එක්වී සැලසුම් කෙරිණි. මිනිස් ජීවිත ගණනාවක ඉරණම තීරණය කිරීමට තිබිණි. පරමාණු බෝම්බ නිෂ්පාදනය කළහොත් ජර්මානුවන් ලොව එකම මළගෙයක් කිරීමේ අවදානම තිබිණි. සාකච්චා සංවාද අවසන, තීරණය ලැබුනේ බ්‍රිතාන්‍ය පාර්ශවයෙනි. බොහෝ දෙනා කඳුලේ ගිල්වමින් නෞකාවේ සිටි සියලුම ජනතාව සමගින් නෞකාව "ටින්ශෝ" විලේ ගිල්වා දමනු ලැබිණි. පසු කලෙක ඒ සිදුවීම ඇසුරින් නොර්වේ චිත්‍රපටයක් නිර්මාණය කල අතර එය "කොම්පෙන් ඕම් තන්ග්වනෙට්" විනි. අප සියලුදෙනා ඉතා හොදින් දන්නා "ද හෙවි වෝටර්" චිත්‍රපටය එහි ඉංග්‍රීසි පිටපතය. ඊට අමතරව "හීරෝස් ඔෆ් ටෙලිමාර්ක්" චිත්‍රපටයද ඒ ඇසුරින් නිර්මිත එකකි.

"කොම්පෙන් ඕම් තන්ග්වනට්" චිත්‍රපටයේ කවරය

ලොව විශාලම ජලවිදුලි බලාගාරය නැවත නොර්වෙජියනුවන් අතට පත් විණි. එහි විදුලි උත්පාදනය නැවත ඇරඹිණි. පසු කලෙක නව තාක්ෂණය උපයෝගී කරගෙන කඳු වැටියේ විශාල බිංගෙයක් තුල අලුත් බලාගාරයක් ඉදිවිණි. එකල ලොව විශාලම ජලවිදුලි බලාගාරය අද කෞතුකාගාරයකි. "වමොර්ක් ඉන්ඩස්ට්‍රී අර්බයිඩ් මියුසියම්" නමින් අද හැදින්වෙන එය "වමොර්ක් කාර්මික කෞතුකාගාරය" ලෙස සිංහල බසට නැගිය හැකිය.

වත්මන් වමොර්ක් කෞතුකාගාරය

වමොර්ක් කෞතුකාගාරය නැරඹීමෙන් පසු අප ආපසු පොර්ස්ගෘන් වෙත ගමන් ඇරඹිණි. අප ගමන් ගත් බස් රථය පදවූවේ පළපුරුදු රියදුරෙකි. ඔහු සහයිකාව ලෙස ඔහුගේ බිරිඳ සහභාගී කරගෙන තිබිණි. ඒ දෙපල ඉතා කරුණාවන්ත ඉතා ප්‍රියකරු ප්‍රීතිමත් දෙපලක් විණි. අතරමඟදී අප නැරඹු පැරණි ලීයෙන් නිර්මිත කිතුනු පල්ලිය ඔවුන් විසින් අඳුන්වා දුන් එකක් විනි. විටින් විට ගමනට අදාළ තොරතුරු බසයේ සහායික කාන්තාව විසින් විස්තර කර දීමට ඈ කාරුණික වුවාය. එසේම ටින්ශෝ විලේ නැව ගිල්වා දැමු ප්‍රදේශයද ඈ අපට පෙන්වා දුන්නාය. ඈ පෙන්වා දුන් පැරණි ලී දෙවොල "හෙද්දාල් ස්ටාර්ව් ශිර්කේ" නම් වූ අතර එය ඉතා අලංකාර ගෘහනිර්මාණ ශිල්පී හැකියාවන් විදහා දැක්වූ විශිෂ්ඨ නිර්මාණයක් විණි.

හෙද්දාල් ස්ටාර්ව් ශිර්කේ- හෙද්දාල් හි ලී දෙවොල

දවස් දෙකක විනෝද සවාරිය හමාර කරමින් සෙනසුරාදා ඉතා සවස් වී අප නැවත පොර්ස්ගෘන් වෙත පැමිණියෙමු. මෙම ගමන ඉතා විශිෂ්ට ලෙස සංවිධානය කල අන්තර්ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපති තනුශාන් සොයුරාටත් බසයේ රියදුරු මහතා හා සහයිකාව වූ දෙපළටත් අනෙකුත් සියලුම දෙනාටත් ස්තුතිය පලකිරීමට මම මේ ලිපිය ලියා තබමි.

by Jeff S Dissanayake

22/04/2015

ස්ලාලොම් හෙවත් හිම කඳු මතින් ලිස්සා යාම
නොර්වේ ගැන මා ලියන අලුත්ම ලිපිය මාගේ අත්දැකීම් ඇසුරින් ලියන්නට මට හැකිවීම එක අතකින් භාග්‍යකි. පසුගිය බ්‍රහස්පතින්දා පෙබරවාරි මාසයේ පලවෙනි සතියේ පලවෙනි බ්‍රහස්පතින්දා දිනය වේ. දැනට මා ඉගෙනුම ලබන විශ්ව විද්‍යාලයේ ඒ දිනය ඉතා සුවිශේෂී දිනයක් වේ. "ඒ වාර්ෂික හිමකඳු මතින් ලිස්සා යාමේ දිනය" හෙවත් "ඌකා 15" ලෙස යොදාගෙන ඇති බැවිනි. ඌකා යනු සතිය හැදින් වෙන නෝර්වේජියානු වචනයයි. 15 දෙදහස් පහළොව හැදින්වීමටය. මේ, මා නොර්වේදී ගෙවෙන පලවෙනි ශීත සමය වේ.
"ස්ලාලොම්" යන වචනය සාමාන්‍ය වචන දෙකක එකතුවකි. එවැනි වචන නොර්වේ සුලභය. බොහෝ විට වස්තුන් දෙකක නම් දෙක එක්‌ කොට තනි වචන සැදීම මේ භාෂාවේ ස්වාභාවයය. ඒ අනුව ගත් කල "ස්ලා" යන වචනය බෑවුම් හැදින්වීමට භාවිතා කරන අතර ලොම් යන වචනයේ අර්ථය වන්නේ හිම මත ලිස්සා ගිය පසු ඇතිවන සටහන්ය. තනි වචනයේ අර්ථය හිම කඳු මතින් ලිස්සා යෑමය. ඒ වචනය නෝර්වේජියානු භාෂාවට එක් වී ඇත්තේ මා දැනට ජීවත් වන ප්‍රදේශය වන "ටෙලිමාර්ක්" දිස්ත්‍රික්කයෙන් වීම තවත් සුවිශේෂී සිදු වීමකි. මුලදී එය ප්‍රාදේශීයව භාවිතා වන වචනයක් වී පසුව පොදු භාවිතයට ගන්නා ලද එකකි. දැන් ස්ලාලොම් යන වචනය ඔලිම්පික් ක්‍රීඩා තරග වලදී පවා භාවිතා වන්නකි. එසේම ඒ සදහා අවශ්‍ය වන "ස්කී හා සපත්තු" වලට කීවේද ස්ලාලොම් කියාය.

දියුණු රටවල එක සුලභ ලක්ෂණයක් වන්නේ බොහෝ භාණ්ඩ ණය පදනමට ලබා ගත හැකිවීමය. මා ස්ලාලොම් ලබා ගත්තේ නගර සභාවේ ඇති ක්‍රීඩා උපකරණ ලබාදෙන ආයතනයෙනි. අපගේ නම ලිපිනය හා දුරකථන අංකය පමණක් ලබාගෙන ඔවුහු අපට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දෙන්නෝය. ශරීර ප්‍රමාණයට හා උසට සරිලන සේ "ස්කී" තොර දෙනු ලබන අතර, ඒ සදහා අවශ්‍ය විශේෂිත සපත්තු ස්කී මත සවි වනසේ සීරුමාරු කරදීමටද ඔවුනගේ සේවාව පුළුල් ය. ශරීර බර අනුව සපත්තුව හා ස්කී අතර ඇති අගුල සීරු මාරු කල යුතුය. සුළු ප්‍රමාණයේ බිම වැටීම් වලදී එහි අගුල විවෘත නොවන අතර ඉතා ප්‍රභල ඇද වැටීමකදී ස්කී දෙක සපත්තු දෙකින් ගැලවී යන ආකාරයට එය නිර්මාණය කොට ඇත. ඉතා සුළු වැටීම් ගණනාවකටද එක් ප්‍රභල වැටීම්කටද මා මුහුණ දුන් අතර එහිදී ආරක්ෂක අගුලේ ක්‍රියාකාරීත්වය මටම අත්දැකීමට හැකි විණි.

"ස්ලාලොම්" හිම ඇති සෑම කන්දකම කල හැකි ක්‍රීඩාවක් නොවේ. ඒ සදහා සුවිශේෂී ස්ථාන ඇති අතර විවිධ නොර්වෙජියනුවෝ ප්‍රිය කරන විවිධ ස්ථාන තිබේ. "කොන්ස්බර්ග්" නම් ස්ථානයේ ඇති මධ්‍යස්ථානය හිම පුවරුව පැදීමට වඩා ජනප්‍රිය බව මට අසන්නට ලැබිණි. අප ගිය "ගෞතෆොල්" ස්ලාලොම් සදහා ජනප්‍රිය ස්ථානයකි. මීට අමතරව අව්රුද්දේ බොහෝ කාලයක් හිමෙන් වැසී පවතින "ඩොම්බස්" කඳු මුදුනද ස්ලාලොම් සදහා ජනප්‍රියය.

බස් රථ තුනකින් අප දැනට සිටින පොර්ස්ගෘන් නගරයේ සිට රට මැදට වන්නට පිහිටි "ද්‍රන්ගේදාල් " නගරය මැදින් "ගෞතෆොල්" කඳු මුදුන වෙත කිලෝමීටර් 96 ක පමණ දුරක් අපි පැමිණියෙමු. අප ජීවත්වන නගරය වඩා එහි ශීතල ඉතා තදින් දැනිණි. උදැසන දහය පමණ වනවිට අප හිම ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියෙමු. ඒ මගේ ජීවිතයේ ප්‍රථම අද්දැකීම විනි. "ලෝන්ග් බෝර්ඩ්, ක්‍රොස් කන්ට්‍රි ස්කී " යන ක්‍රීඩා දෙකේදීම මගේ ගුරුවරයා උයේ මගේ හිතවත් නෝර්වේජියානු ජාතික මිතුරෙකි. හේ නමින් "ක්‍රිස්ටියන් ඩාල් යෙකොබ්සන්" නම් විනි. හිම පුවරුව පැදීම ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව විනි. මා සුදානම්ව සිටියේ ස්ලාලොම් ක්‍රීඩාවටය. මූලික අදියර ඉතා කණගාටුදායක වූ අතර අසාර්ථක උත්සාහයන් ගණන නිවැරදිව කිව නොහැක. අවසානයේ මම එයට පුරුදු වූ බව පමණක් සතුටින් කියමි. එහි ඉතා ගැබුරු පල්ලම් සහිත කඳු මුදුනද මම බැස ගත්තෙමි. ඉහලට අප ගෙන යන යාන්ත්‍රික රැහැන් ක්‍රමයක් තිබූ අතර ඉහලට ගිය පසු හිම මත ලිස්සා පහලට පැමිණිය හැක. එහි ප්‍රභල බෑවුම් වල පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ වේගයක් ලබා ගත හැකි බව මගේ මිතුරා මා සමග කීවේය. සැබවින්ම එය ඉතා ඉහල වේගයක් ලෙස මට හැගුනද ක්‍රිස්ටියන් අදහසට අනුව එය ඉතා සුළු වේගයකි. ඉහල කඳු මත විවේක ගැනීම හා අහාර ගැනීම සදහා ආපනශාලාවක් ඉදි කර තිබූ අතර අප දෙදෙනා එහි ගොස් විවේක ගත්තෙමු. අවට කඳු මුදුන් හා දර්ශණය ඉතා ඉහල වටිනාකමක් සහිත විනි. අවාසනාවකට මම මගේ කැමරාව ඉහලට ගෙන නොගියෙමි. මගේ මිතුරා අතද දුරකථනයක් හෝ නොතිබිණි. ක්‍රිස්ටියන් කීවේ තමා මෙවැනි ක්‍රීඩා වලදී කිසිදු තාක්ෂණික මෙවලමක් භාවිතා නොකරන බවය. ඉතා ප්‍රභල බෑවුමෙදී මම ඔහු කී දෙයි සත්‍ය අර්ථය මමම අවබෝධ කර ගතිමි. ආපන ශාලාවේ විවේක ගන්නා අතරේ මේ ස්ථානයට ආ පලවෙනි අසියනුවා මම බව ක්‍රිස්ටියන් උපහාසයෙන් මෙන් කීවේය.

ඉහලම තැන සිට පහලට ආ පසු මම විවේක ගතිමි. සත්‍ය වශයෙන් කිවහොත් මට විවේක ගන්නට සිදුවිනි. ඒ තරමට මා හෙම්බත් වී සිටියෙමි. ක්‍රිස්ටියන් තවත් කිහිප වතාවක් හිම පුවරුව මතින් ලිස්සා ආවේය.

සවස ඉතා අලංකාර එකක් විනි. සවස හය හමාර පමණ වන විට අප පොර්ස්ගෘන් වෙත ආවෙමු. ඉන් පසු සවස හිම ක්‍රීඩකයන් සදහා වෙන්වූ සාදයක් විනි. බොහෝ අලුත් නෝර්වේජියානු මිතුරන් මට එහිදී මුණ ගැසුණු අතර සජීවී රොක් සංගීත කණ්ඩායමක් ඒ රාත්‍රිය අපූරු සංගීත සන්ධ්‍යාවක් ද කළහ. මගේ වසරේ මිතුරෙකු මා සමග ඒ රාත්‍රියේ විනෝද වීමට එක් වී සිටි අතර හේ නමින් "කායි අර්නේ සාත්‍රේ" නම් විනි. ඒ රාත්‍රිය පුරා අප දෙදෙනා බොහෝ විනෝද විනි. ඔහු බොහෝ දෙනාට මා අදුන්වා දුන්නේය. වරෙක ඔහු මා බෞද්ධයෙකු ලෙසත් තවත් වරෙක මා කර්ම ඵල විශ්වාස කරන්නෙකු බවත් හැදින්වීය. බොහෝ දෙනෙක් මගෙන් ඒ ගැන විමසීමටද පසුබට නොවිණි. අපි බොහෝ දේ සාකච්චා කළෙමු. අවසන රාත්‍රී දෙලහට පමණ සාදය අවසන් වූ පසු සාමාන්‍ය නෝර්වේජියානු සම්ප්‍රදායට අනුව රාත්‍රී සමාජ ශාලාවට ගියෙමු. මා එය සාමාන්‍ය ක්‍රමය ලෙස හැදින්වූවේ බොහෝ දෙනා එසේ කරන බව දන්නා නිසාවෙනි. අනිත් අතට එය මෙහි ඉතා සරල සාමාන්‍ය දෙයකි. අප එහි යනවිටත් එය අපගේ සාදයේ මිතුරන්ගෙන්ම පිරී ඉතිරී තිබිණි. මගේ මිතුරා මා වෙනුවෙන්ද බීර සහ කෑම මිලදී ගත් අතර ඔහු මට කිවේ "ඔබ බොන ප්‍රමාණයට ශරීරයේ වේදනාව අඩුවේ" කියාය. එය අපූරු කියමනකි.

කායි සාමාන්‍යයෙන් අප සමග නිතර සුහද පිළිසදර නොකරන අයෙකි. ඒ අප සිතා සිටි අයුරු විනි. අවසානයේ අප වෙන් වන මොහොතේ වූ සිදුවීමකට අනුව මම මගේ නිගමනය වැරදි බව අවබෝධ කර ගතිමි. සමුගන්නා වෙලේ හේ මට "සුභ රාත්‍රියක්" ප්‍රර්ථනා කල අතර මම ඔහු ඉතාමත් ප්‍රිය මිතුරෙකු බව කියා සිටියෙමි. ඊට අමතරව මම මුලදී ඔහු සමග කතා නොකළ බවත් ඒ වැරදි අවබෝධයක් නිසා බවත් කීවෙමි. මම හිතුවේ ඔහු ඉතා ආඩම්බරකාර අයෙකු ලෙස බවත් කීවෙමි. ඔහු කීවේ "ඔබ නොර්වෙජියනුවෙකුට විවෘත වුවහොත් ඔහුත් ඔබට විවෘත වේ" කියාය.

පාන්දර තුන හමාර පමණ වන විට මම ඇදට වැටුණු අතර මා මේ ලියන වෙලාව ඊලග දවසේ රාත්‍රී දොළහා හමාර පමණ වන විටත් තවම "පින්ක් ලයින්" නම් රොක් සංගීත් කණ්ඩායමේ හඩට මගේ කණක් අගුලු වැටුණු ගමන්මය. එක් කණක් "කීං" ගාන්නා සේ දැනේ. අතපය සොලවා ගත නොහැකිය. ශරීරයේ වේදනා නොදෙන තැනක් පෙන්විය නොහැක. ඒ මගේ ප්‍රථම අද්දැකීමේ හැටිය.

හිම මත ලිස්ස යාම මදක් භයානක ක්‍රීඩාවකි. අප කණ්ඩායමේ දෙදෙනෙකු අනතුරට ලක් විනි. එක් අයෙකු කකුලේ අස්ථි අබාධයකට ලක්වූ අතර එක් අයෙකු ඉල ඇට වලට සිදුවූ හානි නිසා රෝහල් ගත කෙරිණි. පසුදින, සිකුරාදා උදෑසන දේශනය සදහා සහභාගී වූ ආචාර්ය "ලාර්ස් එරික් ඖයි" ප්‍රථමයෙන් ඇසුවේ ස්ලාලොම් සදහා අප සහභාගී වූවේද යන්නය. ඊලට ප්‍රථම වතාවට ස්ලාලොම් වලට සහභාගී වූයේ කව්දැයි විමසු ලාර්ස් "කව්රුත් කකුල කඩා ගත්තේ නැද්දැයි" ඇසීමෙන් එහි භයානක කම අවබෝධ කර ගත හැක.
25th February by Jeff S Dissanayake

22/04/2015

ඔබ තව දුරටත් ලොක්කෙක් හෝ සොක්කෙක් නොවේ
ස්කැන්ඩිනේවියාව ලෙස හැදින්වෙන රටවල් අතුරෙන් එක රටක් මා දැනට ජීවත් වන නොර්වේ රාජ්‍යය. එය ප්‍රධාන රාජ්‍ය තුනකින් සමන්විත වේ. එහි අනෙකුත් රටවල් වන්නේ ඩෙන්මාර්ක් හා ස්වීඩනයයි. මේ සියල්ලම පාහේ බොහෝ දුරට සමාන ජාතීන් වාසය කරන ඉතා සමාන සංස්කෘතියකින් හෙබි, එමෙන්ම දේශගුණයෙන්ද බොහෝ දුරට එක සමාන රටවල්ය. ඉතා සමාන භාෂාවන්ද කතා කරන කලාපයකි.
මා මෙහිදී සාකච්චා කරන්නේ ඉන් එකක් වත් නොවේ. මා කතා කරන්නේ ඔවුන් සතු සුවිශේෂීවූ පිලිගැනීම් දහයක් ගැනය. ඔවුන් එය හදුන්වන්නේ "යන්තේලොවන්" හෝ "යෙන්තේලොවන්" ලෙසිනි. මෙය "යන්තේ" නම් නගරය අශ්‍රිතව බිහි වූ බැවින් "යන්තේ", "යෙන්තේ "යන්නත් නෝර්වේජියානු භාෂාවෙන් නීතිය යන්නට යෙදෙන "ලොවන්" යන වචනයත් යන වචන දෙක එක් කොට යෙන්තලොවන් යන වචනය සෑදී ඇත. එය හුදු කිසිදු අයෙකු තමාට වඩා උසස් නොවන බවත් කිසිදු අයෙකු තමාට වඩා පහත් බවත් නොසිතන පොදු පිළිගැනීමකි. "අක්සෙල් සන්දිමොස්" නම් ලේඛකයා විසින් මුලින්ම ඉදිරි පත් කල ඒ මතවාදය දැනට මුලු ස්කැන්ඩිනේවියාව පුරා ප්‍රචලිත නිරන්තර පරිහරණය කරනු ලබන මතවාදයකි.
එහි,
1) අන් අයට ඔබ සුවිශේෂී පුද්ගලයෙක් නොවේ.
2) අන් යට වඩා ඔබ වඩා හොඳ අයෙකු නොවේ.
3) අන් අයට වඩා ඔබ ස්මාර්ට් අයෙකුද නොවේ.
4) ඔබ අපට වඩා සුවිශේෂී බව අඟවන්නට අවශ්‍ය නැත.
5) ඔබ අන් අයට වඩා දන්නා අයෙකු නොවේ.
6) අන් අයට ඔබ වැදගත් අයෙකු ලෙස අඟවන්නට අවශ්‍ය නැත.
7) ඔබ කිසිවකට අසීමිතව දක්ෂ නැත.
8) ඔබට අන් අය අවමානයට පත් කල නොහැක.
9) අන් අය ඔබ කෙරෙහි විශේෂ සැලකිල්ලක් ඇතැයි ඔබ නොසිතිය යුතුය.
10) ඔබට අන් අයට ඉගැන්වීම කල නොහැක.

එසේම එහි, අපද ඔබට වඩා වැදගත් හෝ දන්නා අය නොවේ යනුවෙන්ද සදහන්ය. ඉන් කියවුණේ ඉහත කී සියල්ලේම විරුද්ධ අර්ථයය. ඉන් සමාජයේ ඔබේ තැන වෙන්කර දෙන බව මගේ පිළිගැනීමයි. පොදුවේ මෙහිදී කිසිවකුටවත් "සර්" කියන්නේ නැත. අන් අය ඔබට එසේ කියන්නේද නැත. අන් අය ඔබ ඉතා සුවිශේෂී ලෙස නොදකින අතර ඔබ හෙලා දකින්නේද නැත. මා මීට පෙර වරක් ලියු පරිදි ස්ත්‍රී සමානාත්මතාවය ඇතිවී ඇත්තේද මේ නිසාවෙන් බව සිතිය හැක. මා දැනට අධ්‍යාපනය හදාරන පාසලේදී වත් අප කිසිවකුට "සර්" කියන්නේ නැත. ඉන් සිදුවී ඇතැයි හැගෙන අගතියක් මා මෙතෙක් නොදුටිමි. සියල්ලෝම සමතැන ලා සලකති.

මා අදහන පරිදි ලෝකය ඉතා සම තැනක් වන්නේ ශිෂ්ටත්වය වැඩිවූ විටය. ඇතැම් බොහෝ දියුණු සමාජවල මානව නිදහස පිළිබද විවිධ මතවාද ගොඩ නැගෙන්නේ මානව සිතුම් පැතුම් පරිණාමය වීමත් සමගය. මානව අයිතිවාසිකම් පිලිබඳ කතිකාවතක් හැදෙන්නේ ඒ හරහාය. ඒ ශිෂ්ටාචාරයේ ශිෂ්ටත්වයේ එක් මිනුම් දණ්ඩකි.

මීට සියවස් කිහිපයක් පසුපස හැරී බැලූ කළ නොර්වේ රටේ සිටියේ මුහුදු මාර්ගයෙන් අන් රටවල් වලට කඩාවැදී මංකොල්ල කමින් ජීවත් වූ අශිෂ්ට ජාතියක් වූ "වයිකින්" වරුය. ඊට බොහෝ කලකට පෙර පටන් අපේ ජාතිය වැව්, අමුණු, දාගැබ් නිර්මාණය කල ශ්‍රේෂ්ඨ ජාතියක් විණි. එහෙත් අපේ මානව පරිණාමය කොතැනකදී හෝ මන්දගාමී වීම අරබා ඇති අතර ඒ අතරේ ලෝකයේ බොහෝ ජාතීන් අප අභිබවා ගොස් ඇත. අප මානව පරිණාමයට එරෙහි වීම යනු නුදුරේම පරාධීන ජාතියක් වීමේ ආරම්භක ලක්ෂණයක් බව නොපැකිල කිව හැකිය.
ජනාධිපති, අගමැති, මැති, ඇමති, උපකුලපති, ගොවි, කම්කරු, වෙළෙඳ, රියදුරු, ආදී සියල්ලන්ටම සමතැන ලැබෙන රටක් කොතරම් සුවිශේෂී විය හැකිද? අපට ඒ ශිෂ්ටත්වයට එරෙහි විය හැකිද?

25th February by Jeff S Dissanayake

Address

European Coollege Of English, New Pasans Building, Bar Junction
Udugama
80070

Website

Alerts

Be the first to know and let us send you an email when European College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share