21/12/2025
කිසිදු මූලික පහසුකමක් නොමැති යුගයක කන්දේගමට වැඩම කොට අපමණ දුක්ඛ දෝමනස්සයන් විඳ දරාගනිමින් වසර දහස් ගණනක් ඉපැරැණි පුදබිමක් හා අසරණ ජනතාවක් වෙනුවෙන් ම සිය ජීවිතය ගෙවා දමා 2018.12.21 දින ස්වර්ග පරායන වූ ඓතිහාසික කන්දේගම ධනංජය රාජමහා විහාරාධිපති, උතුරුමැද පළාතේ උපප්‍රධාන සංඝනායක, ශ්‍රී සීලාලංකාරවංශධ්වජ, අතිපූජ්‍ය මාවනැල්ලේ සිරසාලංකාරාභිධාන නාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනු පිණිස රුධිර දානමය පිංකමක් විහාරාධිකාරී පූජ්‍ය කන්දේගම කමලවංසාලංකාර ස්වාමීන් වහන්සේගේ සංවිධානයෙන් ඊයේ දින සිදු කළ අයුරු....
ගුරුදෙවිඳුන් නිවනින් නිවේවා !