21/04/2025
💥⚡💥විශේෂ නිවේදනය💥⚡💥
🎯වෑතර වසන්ත උදානය හා සංගීත ප්‍රසංගය🎯
වෑතර ක්‍රීඩා සමාජය 29 වෙනි වරටත් පවත්වනු ලැබූ වෑතර වසන්ත උදානය හා සංගීත ප්‍රසංගය ඉතා සාර්ථකව නිම වූ බව වෑතර ක්‍රීඩා සමාජය දන්වා සිටිමි.
වෑතර ක්‍රීඩා සමාජය සංවිධානය කළ මෙම සංගීත ප්‍රසංගය වෙනුවෙන් ලංකාවේ ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන AVATAR සංගීත කණ්ඩායම සහභාගි කර ගනිමින් වෑතර ප්‍රදේශ වාසීන්ට මෙන්ම සියළුම මහජනතාවට නොමිලයේ ඉතා හොද ප්‍රසංගයක් නැරඹීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් වෑතර ක්‍රීඩා සමාජය පුරා මාස ගනනාවක්, වෙහෙස මහන්සි වූ ඔබ අප සැම දන්නා කරුණකි.
එවන් පසුබිමක නීතියට අනුව කාලය ඉක්මවා ගිය තත්වයක් යටතේ සංගීත ප්‍රසංගය නොසිතූ ලෙස නැවැත්වීමට තීරණය කිරීම පිළිබද ව අප සංවිධායක මණ්ඩලය ඔබ වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු. එමෙන්ම සැම විටම නීතියට ගරු කරන ක්‍රීඩා සමාජයක් ලෙස නීතියට හිස නමමින් එම තීරණය පිළිගෙන සංගීත ප්‍රසංගය නැවැත්වීමට අප තීරණය කරන ලදී.
එවන් පසු බිමක, සංගීත සංදර්ශණයේ උච්චතම අවස්ථාවේ දී අතුරු සිදුරු නොමැතිව වෑතර ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශය සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි ඔබගෙන් පිරී ඉතිරී ගිය මොහොතේ නීතියට ගරු කරමින්, වෑතර ක්‍රීඩා සමාජය ගත් තීරණයට හිස නමා, "ඉතාමත් සංවර අයුරින්" ක්‍රීඩාංගණයෙන් ඔබ නික්ම යාමට ගත් තීරණයට ඇත්තෙන්ම වෑතර ක්‍රීඩා සමාජය හිස නමා ගෞරවය පුද කරන්නෙමු. එවන් අවස්ථාවක් දරා ගැනීම රසික හදවත් වලට විශාල දුක්මුසු තත්වයක් බව අපද දන්නා කරුණකි, ඒ මන්ද යත් අප ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් ද ඔබ මෙන් ම එම සංගීත ප්‍රසංගය රස විදිමින් සිටි නිසාවෙනි.
නැවතත් ඒ වෙනුවෙන් අපට සහයෝගය දැක්වූ ප්‍රදේශවාසී සියළුම දෙනාට හා ශ්‍රී ලාංකීය ඔබ සැමට ගෞරවණීය ස්තූතිය ප්‍රකාශ කර සිටින්නෙමු!
නැවතත්... ශ්‍රී ලංකාවට සුවිශේෂී අළුත් දෙයකින් හමුවන විටත් ඔබ මේ ලබා දුන් ආදරණීය පෞර්ෂත්වයෙන් අප හා එක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු!
ස්තූතියි
🎯 වෑතර ක්‍රීඩා සමාජය 🎯
Send a message to learn more