26/01/2024
Pan Asia Bank Football Sri Lanka Obesekarapura Old Palians Football Club New Eagle S.C Rajagiriya Buthgamuwa Youth Sports Club Kotte FC Old Bomiriyans FC Maharagama Football Club & Academy Lahiru Malinda Vinod Udayakumara Kusal D Dewappriya Prabath Tharaka Widdiyapathi Buddhika Dias Sri Lanka Football Referees Association - SLFRA Sri Jayawardenapura Kotte Football League
2024 ජනවාරි 14 දින
පැවැත්වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාපන්දු ලීගය මගින් සංවිධානය කරනු ලැබූ PAN ASIA FUTSAL පාපන්දු තරගාවලිය-2023 ඉතා සාර්ථකව අවසන් විය.
ඒ සදහා ලීගයේ ක්‍රීඩා සමාජ 15ක් A සහ B කාණ්ඩ ලෙස කණ්ඩායම් 25ක් තරග වැදීම කැපී පෙනිණ. ඔබේසේකරපුර චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගනයේදී දවස පුරා තරග 45ක් පවත්වමින් අති සාර්ථකව අවසන් වූ PAN ASIA FUTSAL පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සදහා ඔබේසේකරපුර සිටි ක්‍රීඩා සමාජයේම A සහ B කණ්ඩායම් දෙකම පැමිණ ඔබේසේකරපුර සිටි A කණ්ඩායම ශුරතාවය හිමිකර ගැනීම විශේෂත්වයක් විය.
එහිදී ශුරතාවය හිමිකරගත් කණ්ඩායමට මුදලින් රු.30,000ක් කුසලානය, පදක්කම් සහ සහතිකපත් ද, අනුශූරතාවය හිමිකරගත් කණ්ඩායමට මුදලින් රු.20,000ක් කුසලානය, පදක්කම් සහ සහතිකපත් ද, දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම දැල් රකින්නා සදහා කුසලාන ද, සියලුම ක්‍රීඩා සමාජ සදහා සහතික පත් සහ පාපන්දු ලබාදීමටත් ලීගය මගින් කටයුතු සංවිධානය කෙරිණි.
එදිනම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාපන්දු ලීගයේ ගරු සභාපති කේ.පී.පී පතිරන මැතිදුන් කෝට්ටේ පාපන්දු ලීගයේ සභාපති ධූරය හොබවන 20වන වසර සම්පූර්ණ වීම නිමිත්තෙන් සියලුම ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයින්ගේ එකමුතුවෙන් විශේෂ සමරු පලකයක් එතුමන්ට පිරිනැමීම එදින විශේෂ සිදුවීමක් විය.
එදින ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගරු සභාපති ජස්වර් උමර් මහතා, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන අලෙවි කළමනාකරු සිරිමෙවන් සෙනෙවිරත්න මහතා, සහ තවත් ආරාධිතයින් රැසක් අප සමග අත්වැල් බැදගැනීම ලීගයේ ඉදිරි ප්‍රගමනය සදහා මහත් ශක්තියක් විය.
ක්‍රීඩාවේ උන්නතිය සදහා අනුග්‍රහය දක්වන්නට PAN ASIA බැංකුව අප පාපන්දු ලීගය සමග එක්වීම සම්බන්ධව සහ අප සමග සෘජුව සම්බන්ධව ඒ සදහා අනුමැතිය ලබාදීමට කටයුතු කල පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි නලීන් එදිරිසිංහ මහතාට, එම සියලුම කළමනාකාරීත්වයට සහ තරගාවලිය පුරාවට අපත් සමග රැදී කටයුතු කල දෙවන කනිෂ්ඨ විධායක අලෙවිකරණ නිලධාරි අසංක ධර්මරත්න මහතා ඇතුලු එම කාර්‍යමණ්ඩලයට අපගේ විශේෂ ගෞරව පූර්වක ස්තූතිය පිරිනමමු.
ඒ වගේම අප පාපන්දු ලීගයට විශේෂ සහයෝගය දැක්වූ උඩහමුල්ල සිංහ සමාජයේ ගරු සභාපති නිමල් බුලත්සිංහල මහතාටත් අපගේ ගෞරවනීය ස්තූතිය.
හිටපු නාගරික මන්ත්‍රී ප්‍රභාත් තුෂාර මහතා සහ තරගාවලිය සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සැමට අපෙගේ ගෞරවනීය ස්තූතිය.
වැලිකඩ පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට ද අපගේ විශේෂ ස්තූතිය.
පාපන්දු තරගාවලිය සදහා ක්‍රීඩා පිටිය ලබාදීමට කටයුතු කල නිලධාරීන්ට සහ ක්‍රීඩාපිටිය පිලිසකර කරදීම සදහා මහත් වෙහෙසක් ගත් මලින්ද මහතා ඇතුලු එම කාර්‍යමණ්ඩලයට අපගේ විශේෂ ස්තූතිය.
තරගාවලිය සදහා මාධ්‍ය සහ ඡායාරූප කරණයෙන් අනුග්‍රහය දක්වමින් ක්‍රීඩාවේ දියුණුව සදහා කටයුතු කල
TV Derana
Sri Lankan Sports TV
Williams Seven Photography
යන ආයතන වලට සියලුදෙනාගේ ප්‍රණාමය.
තරගාවලිය ඉතාම සාර්ථකව පැවැත්වීමට ඒ සදහා සහභාගි වූ සියලුම ක්‍රීඩා සමාජ නිලධාරීන්, ක්‍රීඩකයන්, තරග විනිසුරු මහතුන් සහ තරග නරඹන්නන්ට අපගේ විශේෂ ගෞරව පූර්වක ස්තූතිය.
ස්තූතියි
ශ්‍රී.ජ.කෝ.පා.ලී
S.J.K.F.L