02/09/2026
Workout එකෙන් Testosterone boost කරගන්න පුළුවන්ද?
Gym එකේදී “Testosterone වැඩි කරගන්න නම් heavy weights ගහන්න ඕනේ” කියලා අහලා ඇති නේද? 😎
ඇත්තටම workout කරනකොට testosterone එකට මොකද වෙන්නේ? 🔬
🏋️♂️ Strength Training කළාම මොකද වෙන්නේ?
Challenging resistance training එකක් කළාම testosterone level එක කෙටි කාලයකට ( short time period )ඉහළ යන්න පුළුවන්.
විශේෂයෙන් Squat, Deadlift, Bench Press, Row, Lunges වගේ exercises වලදී large muscle groups එකවර වැඩ කරන නිසා මේ hormonal response එක දකින්න පුළුවන්.
ඒක ශරීරයේ:
💪 Muscle repair & adaptation
📈 Strength development
🏋️ Muscle maintenance
⚡ Training recovery
වගේ processes වලට support වෙනවා.
🔥 HIIT කළාම?
HIIT වගේ high-intensity exercise වලිනුත් testosterone එක temporary increase වෙන්න පුළුවන්.
ඒකට අමතරව HIIT මගින් cardiovascular fitness සහ metabolic health improve කරගන්නත් පුළුවන්.
🧬 Testosterone එක වැදගත් ඇයි?
Testosterone කියන්නේ “පිරිමි hormone එක” විතරක් නෙවෙයි. පිරිමි සහ කාන්තාවන් දෙපාර්ශවයේම තියෙන hormone එකක්.
Healthy testosterone levels ශරීරයේ:
💪 Muscle maintenance
🦴 Bone health
⚡ Energy & physical function
🔥 Metabolic health
❤️🔥 Sexual health
වගේ දේවල් support කරනවා.
හැබැයි Gym ඒකෙදි විතරක් නෙමෙයි
ඔයාගේ hormone health එකට sleep, nutrition, body composition සහ stress වගේ දේවලුත් බලපානවා.
ඒ නිසා:
🏋️ Strength Training
🥗 Balanced Diet
🍗 Enough Protein
😴 7–9 hours Sleep
🧘 Stress Management
🔁 Consistency
මේ ටික එකට maintain කරන එක තමයි smart approach එක.
වැදගත්ම දේ!
Workout එකෙන් testosterone වැඩි වුණත් ඒක තාවකාලික increase එකක්.
ඒ නිසා “Testosterone spike එකක් ගන්න” කියලා හැමදාම maximum weight එකෙන් training කරන්න අවශ්‍ය නැහැ.
හොඳ technique එකෙන් challenge වෙන තරමට train කරන්න → recover කරන්න → නැවත train කරන්න.
🔥 සරලව:
Train Hard 💪
Eat Well 🍗
Sleep Well 😴
Recover 🔄
Stay Consistent 📈