Ladies First Fitness Gym

Ladies First Fitness Gym Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ladies First Fitness Gym, 87, Archbishop Nicholas Marcus Mawatha, Negombo.

24/05/2026

🏋️‍♀️ Strength training mode: ON 💪🔥

Building strength, confidence, and discipline.
Getting stronger every session⚡💥

13/05/2026

🔥 Sweat, Smile & Slay! 💃💦

Our aerobics class is where fitness meets fun! 🎶✨
High-energy moves, nonstop vibes, serious burn 🔥

Join us & feel the energy! ❤️

This Women’s Day, celebrate the power, confidence, and resilience that lives in every woman.Keep moving, keep growing, k...
08/03/2026

This Women’s Day, celebrate the power, confidence, and resilience that lives in every woman.
Keep moving, keep growing, keep shining. 💪✨🩷

Sweating together, celebrating together! 💪🎄✨Christmas vibes with our fitness family! 🎉❤️❤️
08/03/2026

Sweating together, celebrating together! 💪🎄✨
Christmas vibes with our fitness family! 🎉❤️❤️

24/12/2025
26/10/2025

Ladies First session
077 377 7671

13/10/2025

Ladies First Annual Day out 2025 💥💥

10/08/2025

ජිම් එක කියන්නේ සාමාන්‍යයෙන් ඔබව නිරෝගිමත් කරන්න උදව් කරන,ඔබගේ ඇගේ අනවශ්‍ය මේද දහනය කරන්න උදව් කරන,ඔබේ සිරුර ශක්තිමත් හා හැඩැති සිරුරක් බවට පත්කරලා,ඔබේ personality එක ගොඩාක් ඉස්සරහට ගේන්න උදව් කරන වැදගත් තැනක්.ඉතින් ඒ කරුණු කාරනා කොහොම පෙල ගැසුනාත්,අද වෙන විට මේ වැල නොකැඩී ජිම් වලට ඇදෙන ලක්ෂ ගානක් දෙනාට තමන් බලාපොරොත්තු වෙන සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙලාද කියලා ලොකු ප්‍රශ්නාර්තයක් ඉතුරු වෙලා තියෙනවා.මට හැගෙන විදියට අද ගොඩාක් දෙනෙක්,විශේෂයෙන්ම මේ තරුණ පරපුර මේ ජිම් එකකට යන්නේ ගොඩාක්ම සිල්ලර,දෙකයි පනහේ,ලාබ,බොලද,දියාරු කිසිම වැඩකට නැති හේතු ගොඩාක් ඔලුවල දාගෙන කියලායි.මෙහෙම කියන්නේ පුහුනුකරුවෙක් හා කාලයක් විවිධ කායවර්ධන මද්‍ය්ස්තන වල පුහුණුවීමෙන් ලද ප්‍රායෝගික අත්දැකීම් සමගයි.

කියන්න කරුණු ගොඩාක් තිබුනාත් වැදගත් යැයි හිතෙන දේවල් කිහිපයක් කියාගෙන යන්නම්.ඇයි ජිම් වලට ඇදෙන ගොඩාක් දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ලැබිලා නැත්තේ කියලා

1) තමන්ට අවශ්‍ය Goal එක,ඉලක්කය ගැන පැහැදිලි අවබෝධයක් නොමැති කම.-

අද බහුතරයක් දෙනෙකුගෙන් ඇයි ඔබ ජිම් එකට යන්නේ කියලා ඇහුවොත් දෙන්න පැහැදිලි උත්තරයක් නැහැ.සමහරු තමන්ගේ යාලුවෝ යන නිසා ඔහේ යනවා.සමහරු Social media එකේ නලුවෙක් හෝ නිලියක් හෝ Fitness influencer කෙනෙක්ගේ ඇග දැකලා,ඒ ඇගට ආසා කරලා ඔහේ යනවා.සමහරු Photo එකක් ගහලා Social Media වල දාන්නම ජිම් යන පිරිසකුත් ඉන්නවා.මේ කියපු කිසිම හේතුවක් ඔයාව Long time fitness journey එකකට අරන යාවි කියලා හිතන්න බැහැ.මොකද කිසිම පැහැදිලි අවබෝධයක්,awareness එකක් මේ කිසිම හේතුවක් ඇතුලේ නැහැ.Fitness influencer කෙනෙක් දැකලා ජිම් එන්න හිතුන එක ටිකක් හරි හොද දෙයක්,හැබැයි ඒ හේතුව ගොඩාක් හොද ශක්තිමත් එකක් නෙවෙයි ඔයාව ඉස්සරහට අරගෙන යන්න.ඒක නිසා ඔයාට හරි,පැහැදිලි,හොද Goal එකක්,අරමුණක් තියෙන්නම ඕනේ ජිම් එකකට Join වෙන්න කලින්.ඒක මේ මහා ලොකු හේතුවක්ම වෙන්න ඕනේ නැහැ.උදාහරණ කිහිපයක් විදියට මේ වාගේ Goals ඔයාට හදාගන්න පුළුවන්.

* මම කොහොමහරි මගේ බර වැඩි කරගෙන,ශක්තිමත් ශරීරයක් ගොඩ නගා ගන්නවා.

*මම කොහොමහරි මගේ බර අඩුකරගෙන නිරෝගිමත් සිරුරක් ලබාගන්නවා.

*මම කොහොමහරි මගේ endurance,Physical Fitness improve කරගන්නවා.

ඉහතින් දක්වපු විදිහේ ඉතාමත්ම සරල හා පැහැදිලි Goal එකක්,අරමුණක් උනත් ප්‍රමානවත් ඔබව ලොකු දුරක් රැගෙන යාමට.එහෙම වත් අරමුණක් නැත්නම් ඔබ ගොඩාක් දුරට අදුරේ ඔහේ අතපත ගාමින් ඔබේ වටිනා කාලය නාස්ති කරන කෙනෙක් වෙන්න පුළුවන්.ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම නිවැරදි Goal එකක් set up කරගැනීම අනිවාර්ය දෙයක්.it is must.නිවැරදි අරමුණකට විතරයි පුළුවන් ඔයාව හරි විදියට ඉස්සරහට අරගෙන යන්න.ජිම් වල ඉන්න පුහුණුකරුවන්ගේත් ලොකු වගකීමක් තියෙනවා,තමන් ලගට එන සේවාදායකයා සමග කතා කරලා නිවැරදි,සුදුසු ඉලක්කයන් පිහිටුවා ගැනීම.

2) අඛණ්ඩව පුහුණුවීම් වල නොයෙදීම.There is no Consistency:-

ව්‍යයාම ගැන පමනක්ම නොවෙයි,වෙනත් ඕනෑම දේකින් සාර්ථකත්වයට පැමිනීමට නම් ඔබ ඒ දේ යම් සැලකිය යුතු කාලයක් අඛණ්ඩව කිරීම ඉතාමත්ම වැදගත්.ඉතින් මේ ව්‍යයාම ගැන කතාකරන කොටත් ඒ දේ එහෙමම තමයි.ගොඩාක් දෙනෙක් ජිම් එකට ,Join වෙලා පලවෙනි සතිය දෙක ඉතාමත්ම ඕනෑකමින් හොදට පුහුණුවීම් කරනවා.ඊට පස්සේ හොයාගන්නත් නැහැ.ආයිත් මාස දෙකකට පස්සේ ඔන්න ආයිත් මතුවෙනවා.හොදට සතියක් එනවා.ආයිත් අතුරුදහන් වෙනවා.ආයිත් මාස දෙකකට විතර පස්සේ එනවා.ඇහුවාම නිදහසට කරුණු විදියට දාහක් දේවල් කියනවා.ජොබ් එක නිසා බිසි උනා කියනවා.ඇගට අමාරුයි කියනවා,තනියම එන්න කම්මැලියි කියනවා.මේ වාගේ ලෝකේ හිනස්සන ගොඩාක් හේතු කියනවා.රැකියාව නිසා එන්න අමාරුයි කියන හේතුව විතරයි ටිකක් හරි සාධාරණ හේතුවක් විදියට හිතන්න පුළුවන්.අනිත් හේතුන් කිසිම එකක් කිසිම විදියකින් සාධාරණය කරන්න බැහැ.ඇත්තටම ජිම් එකට ඇවිත් ව්‍යයාම කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි තමයි.නමුත් ඔබ ඒ දේ කල යුතුයි.ඔබ ඊට හැඩ ගැසිය යුතුයි.ඔබ සතියකට දවස් කිහිපයක් ඒ වෙනුවෙන් කාලය වෙන් කල යුතුයි.කාලය කලමනාකරනය කර ගත යුතුයි.ජිම් එකට ඇවිත් ව්‍යයාම කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ දවස අවසානයේ ඔබටම තමයි.පිට කෙනෙකුට නෙවෙයි එයින් ප්‍රතිඵල ලැබෙන්නේ.ඔබ ඔබගේ ශරීර,සෞඛ්‍ය වෙනුවෙන් මහන්සි උනොත් ඒ ප්‍රතිඵල ඔබටම තමයි.ඒ නිසා කඩින් කඩ,අවාරේට පොල් වැටෙනවා වාගේ ජිම් වලට ඇවිල්ලා කිසිම දවසක සාර්ථක ප්‍රතිඵල ලබාගන්නවා බොරු.අවම දවස් තුනක්වත් ඔබ ඔබේ පුහුණුවීම් සදහා කාලය සොයාගන්න ඕනේ.ඇත්තටම ඔබට ඒ දේ කරන්න පුළුවන්.ජිවිතයේ ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගන්න පුරුදු වෙන්න.life priority list.එහෙම හදාගෙන ඔයාගේ ජිවිතයේ ජිම් එකට ගිහින්,ව්‍යයාම ටිකක් කිරීම කියන දේත් ඇතුලත් කරන්න.මම කියන නිසා කරලා බලන්න.මාස තුනක් කරලා බලන්න.නිසැකවම ඔබ පුදුම කරවන සුලු ප්‍රතිඵල ඔබටම ලැබේවි.

Optimum fitness

3) සියලූම වගකීම ජිම් එකේ පුහුණුකරු මත පැටවීම හා සියල්ල ජිම් එකෙන්ම හොයා බලා කරාවි යන මානසිකත්වයෙන් සිටීම.

මාසේ පටන්ගන්නකොට ජිම් එකේ ගාස්තුව ගෙව්වා.අම්මෝ දැන් ඉතින් ඔක්කෝම හරි.ජිම් එකේ Coach මාව හොදට හදලා ගනිවී.ඒක නිසා ඉතින් දැන් බයවෙන්න දෙයක් නැහැ.ආතල් එකේ ඉන්න තමයි ඉතින් තියෙන්නේ.මෙහෙම හිතාගෙනත් පිරිසක් ජිම් වලට ඇදෙනවා.එහෙම අයත් වැඩි දුරක් යන්නේ නැහැ.මගදීම හැලෙනවා.මම දැනුවත්ව ලන්කාවේ තාමත් කොහොම කොහොමහරි ලගට ගිහින් ව්‍යයාම ටිකක් කරන හැටි උගන්වන ජිම් තියෙනවා.දැන් පිටරටවල් වල නම් කෙලින්ම personal traning විතරයි.කිසිම දෙයක් නිකන් උගන්වන්නේ නැහැ කියන විදියට තමයි වැඩේ යන්නේ.හැබැයි තාම ලන්කාවේ ඒක එහෙමම නැහැ.ජිම් එකේ පුහුණුකරුවන් අදාල අයට පුහුණුවීම් කරනවා මාසික ගාස්තුව පමනක් ලබාගනිමින්.ඉතින් ඒක ගොඩාක් හොද දෙයක්.මම උනත් ඉගෙනගත්තේ එහෙම තමයි.මොකද හැමෝටම ලොකුවට සල්ලි වියදම් කරමින් Personal traning ගන්න අමාරු නිසා.කොහොම පුහුණුවීම් කලත්,ඔබගේත් ලොකු වගකීමක් තියෙනවා ඔබේ ශරීර සෞඛ්‍ය ගැන,ඔබේ පුහුණුවීම් ගැන ඔබම සොයාබැලීම.Take the whole responsibility from yourself and move on.වරදවා තේරුම් ගන්න එපා.මෙතන අදහස් කරන්නේ නැහැ ජිම් එකේ පුහුණුකරු සමග මත ගැටුම් හදාගනිම්න්,අනවශ්‍ය වාද විවාද ඇති කර ගත යුතුයි කියලා.එහෙම දෙයක් නෙවෙයි.නමුත් ඔබ අනිවාර්යයෙන්ම පුහුණුකරුට වඩා වැඩි අවධානයක් ඔබේ පුහුණුවීම් කෙරෙහි දැක්විය යුතුයි.ඔබට පුළුවන් ව්‍යයාම සම්බන්ධව අලුත් දේවල් හොයාබලන්න.ඒ කියන්නේ ජිම් එකේ පුහුණුකරු කියලා දෙන දේවල් වලට අමතරව අලුත් දේවල් හොයලා බලන්න හා ඉගෙනගන්න.මෙතනදී ඔබට පුළුවන්,පොත්,සගරා වාගේ දේවල් මෙන්ම,Google හා You tube,instragram වාගේ Sources බාවිතා කරන්න.හැබැයි තවත් දෙයක් මතක තියාගන්න.ඒ ලබාගන්න අලුත් දේවල්,දැනුම කොතරම් ඔබට ගැලපෙනවාද කියලා ජිම් එකේ ඔයාගේ පුහුණුකරු සමග සාකච්ඡා කරන්නත්.විශේෂයෙන්ම ඔබ පුහුණුවීම්වලට ගොඩාක් අලුත් කෙනෙක් නම්.අලුත් කෙනෙක් උනත් අලුත් දැනුම සෙවීම නතර කරන්න එපා.හැබැයි ඒවා Apply කරන විදිය ගැන පුහුණුකරු සමග කතා කිරීම අනිවාර්යයි.එහෙම හොද සන්නිවේදනයක් නැති උනොත් ඔබ හා පුහුණුකරු අතර ගැටුම් ඇති වෙලා ජිම් එකෙන් සමුදෙන තත්වයට වැඩ සිද්ද වේවි.නිතරම ජිම් එකේ ඉන්න පුහුණුකරුගේ අදහස් හා වචන වලට ගරු කරන්න.අනවශ්‍ය වාද විවාද ඕනේම නැහැ.පුහුණුකරුට ගරු කරමින් පුහුණුවීම් කරගෙන යන්න.ඒ අනුව නිතරම ඔබ විසින් ඔබේ පුහුණුවීම් වල ප්‍රගතිය හොයාබලන්න ඕනේ.ඇගේ බර වැඩි වෙලාද,අඩු වෙලාද,එහෙමත් නැත්නම් කිසිම වෙනසක් වෙලා නැද්ද.තාමත් එකම විදියද? ඇයි කිසිම වෙනසක් වෙලා නැත්තේ.මොකක්ද ඒකට හේතුව,කොතැනද මට වැරදිලා තියෙන්නේ,මේ විදියට ඔබ ඔබේ පුහුණුවීම් මනින්න ඕනේ.You need to asses your trainings yourself.එහෙම කලොත් පමනමයි ඔබට වඩාත් සාර්ථක හා හොද ප්‍රතිඵල ලබාගන්න ඇත්තටම පුළුවන් වෙන්නේ.

4) ඉවසීමකින් පුහුණුවීම් වල නොයෙදීම හා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම.

අයියේ මගේ wedding එක එනවා ලබන මාසේ කොහොමහරි ඇග ගොඩදාලා දෙන්නකෝ.මට මාස තුනෙන් Six pack එක ඕනේ.පුළුවන් නේද? මට බඩ විතරක් බස්සලා දෙන්නකෝ අනේ.ඇගේ අනිත් ඒවා ඒ තියෙන ගාන හොදයි.මේ බඩ විතරක් බස්සලා දෙන්නකෝ.බඩ බහිනකොට මුනත් බහීවි නේද? අපෝ එතකොට මාර කැතයි.මගේ Back side එක පොඩියි.මට ඒක ඉක්මනට හදාගන්න ඕනේ අයියා.වෙන මුකුත්ම එපා ඒක විතරක් කරලා දෙන්නකෝ.

Optimum fitness

මේ වාගේ එක එක ජාතියේ ප්‍රශ්න අරගෙන තමයි ගොඩාක් දෙනෙක් ජිම් වලට එන්නේ.ඒ හැම එකකම දකින්න තියෙන එක පොදු දෙයක් තමයි,බොහෝම කෙටි කාලයක් ඇතුලත සුපිරි ප්‍රතිඵල බලාපොරොත්තු වීම.අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ,සිල්ලර කඩෙන් බඩුවක් ගන්නවා වාගේ ඔයාගේ ඇග වෙනස් කරන වැඩේ කිසිම දවසක කරන්න බැහැ.සොබාවික විදියට කොහොමත් ඉක්මනට කරන්න බැහැ.බාහිරින් විවිධ දේවල් ලබාගනිමින් ප්‍රතිඵල ඉක්මනට ලබාගැනීම කරන්න පුළුවන් උනත්,ඒ දේ කෙතරම් ශරීරයට හොදයිද කියන කාරනය එනවා.එවැනි කෙටි ක්‍රම අනුමත කරන්නත් බැහැ.නිතරම සොබාවික දේවල් කරමින් ඔබේ පුහුණුවීම් කරන්න.හදිස්සි වෙලා කරන කෙටි ක්‍රම ගොඩාක් තාවකාලිකයි.සොබාවික විදියට කොහොමහරි අවුරුද්දක්,දෙකක් පුහුණුවීම් කරන්න.ප්‍රතිඵල ගොඩාක් අඩුවෙන්න පුළුවන්.ඒත් කිසිම වෙලාවක දුක් වෙන්න එපා.මොකද ඔයාට කාත් එක්කවත් තරගයක් නෑනේ.සෙමින් සෙමින් ඉවසීමකින් ඔබේ පුහුණුවීම් කරන්න.කිසිම හදිස්සියක් නැතුව,සොබාවික විදියට ඔබ ඒ කරන පුහුණුවීම් ඉතාමත්ම වටිනවා.මාසෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ඕනේ කියන මෝඩ මානසිකත්වයෙන් වහාම අත්මිදෙන්න.එහෙම මේ දේවල් කරන්න බැහැ.Instant results තාවකාලිකව හොදයි.හැබැයි Long term bad side effects ගොඩාක් ඔයාට එන්න පුළුවන්.අද ගොඩාක් අපේ තරුණ අය Steroids ගන්නවා කිසිම Long term plan එකක් නැතුව.Competition කරන අය විතරක් නෙවෙයි,නිකන් ඔහේ ජොලියටත් දැන් ගොඩාක් අය Steroids ගන්නවා.Bodybuilding field ,එකේ පූර්ණ කාලිනවා ඉන්න කෙනෙක්,Bodybuilding Field එකේ ඉදලා සල්ලි හොයන කෙනෙක් Steroids ගැනිම ටිකක් හරි සාධාරණය කරන්න පුළුවන් උනත්,මේ නිකන් ඔහේ ඇවිද ඇවිද ඉන්න, ජොලියට,ලෝකේට පේන්න,යාලුවෝ අතර කැපී පේන්න,ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් Steroids ගැනිම අනුමත කරන්න ඇත්තටම බැහැ.දැන් ඒ දේවල් හොදයි,ලස්සනයි වාගේ පෙනුනාට ඒ ගොඩාක් දේවල් වල අතුරු ප්‍රතිඵල එන්නේ ගොඩාක් පස්සට ගිහින්.එතකොට ඔබ ගොඩාක් ප්‍රමාද වෙන්න පුළුවන්.ඒක නිසා අමාරුවෙන් හරි සොබාවික විදියට ඇගක් හදන්න.අවුරුදු 5ක් 6ක් යාවි.සමහරවිට ඊටත් වැඩි කාලයක් යාවි.කමක් නැහැ.ඒකට ඔයා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා.අවුරුද්දෙන් තියෙන ඔක්කෝම වස විස දාලා හදන ඇගට වඩා,අවුරුදු 5ක් අමාරුවෙන් හරි පොඩියට හදපු උබේ ඇග හොදයි,නිරෝගිමත් හා සෞඛ්‍යමත් කියන දේ නිතරම ඔලුවේ තියාගන්න.ගොඩාක් අයට ඒ කාරනය අමතකම වෙනවා.

ලිපියක් ටිකක් දිග උනා.සමාවෙන්න.තවත් දේවල් තියෙනවා.ඒවා පසුව කතාකරමු.අවසානයේ කියන්න තියෙන්නේ රටේ තියෙන නරක කාලයත් එක්ක ගොඩාක් දෙනෙක් පුහුණුවීම් නතර කරලා තියෙනවා.සල්ලි තමා ප්‍රශ්නේ.ඉතින් හැමදාම කියනවා වාගේ ඔයාගේ ආදායම හොදට හදාගන්න.එහෙම උනොත් විතරයි ඔයාට හොදට පුහුණුවීම් කරගෙන යන්න පුළුවන් වෙන්නේ.පුළුවන් විදියට දැනට ඔයා ලග තියෙන සම්පත් වලින් උපරිම වැඩ ගන්න.Never give up the game.

Optimum Fitness

03/07/2025

Ladies First Fitness Gym
077 377 7671

Address

87, Archbishop Nicholas Marcus Mawatha
Negombo
11500

Opening Hours

Monday 07:45 - 13:00
17:00 - 21:00
Tuesday 07:45 - 13:00
17:00 - 21:00
Wednesday 07:45 - 13:00
17:00 - 21:00
Thursday 07:45 - 13:00
17:00 - 21:00
Friday 07:45 - 13:00
17:00 - 21:00
Saturday 07:45 - 13:00
17:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ladies First Fitness Gym posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share