07/03/2026
💔 ඔයා කොයි විධියට කතා කළත් ඔයාගේ Husband පොඩ්ඩක්වත් ඔයාට ඇහුම්කන් දෙන්නේ නැද්ද ?
එක් හැන්දෑවක ඔයා ඔයාගේ හදවතේ තියෙන දේ කියලා බලන්න උත්සාහ කරනවා.
ඔයා ගොඩාක් සන්සුන්ව කතා කරනවා.
ඔයාගේ හිතට දැනෙන අසහනය පැහැදිලි කරනවා.දවස් කිහිපයක් පුරාවට ඔයාගේ හිතට බර වෙලා තිබුණ දේවල් ගැන විවෘතව කියන්න උත්සාහ කරනවා.
ඒත් ඔයාගේ Husband ටික වෙලාවක් ඔලුව හොල්ලලා අහගෙන ඉන්නවා.ඊට පස්සේ හදිසියේම වෙනත් මාතෘකාවකට කතාව මාරු කරනවා.
කතාව එතැනින්ම නතර වෙනවා.
ඔයාටත් කතා කරන එක නවත්තලා දාන්නට සිද්ධ වෙනවා.කියන්න දෙයක් නැති නිසා නෙවෙයි.
ඔයාගේ හිතට දැඩිව වැදුණු එක සිතුවිල්ලක් තියෙනවා;
💭 “ඔහු මගේ වචන අහගෙන හිටියා.
ඒත් ඔහුට මගේ හැඟීම් තේරුණේ නැහැ.”
විවාහ ජීවිතයේ මේ විධියට නිහඬව අසහනයට සහ අපහසුතාවයට පත් වෙන බොහෝ කාන්තාවන් හමුවෙනවා.
ඒ අය විවෘතව කතා කරන්න උත්සාහ කරනවා.
තමන්ට දැනෙන දේ පැහැදිලි කරන්නත් උත්සාහ කරනවා.
ඒත් ගොඩාක් වෙලාවට,කියපු වචන එක්ක තේරුම් ගැනීම නැතිවෙළා වගේ දැනෙන්න ගන්නවා.
කාලයත් එක්ක මේ තත්ත්වය එක් ගැඹුරු හැඟීමක් උත්පාදනය කරනවා.
ඊටපස්සෙ ඔයා ඔහු එක්ක ජීවත් වෙන කොට පවා තනි වෙනවා.
ආදරය තියෙන විවාහයක ඇතුළෙ වුණත්
හිත ඇතුළෙ නිහඬව ඇතිවෙන ගැඹුරු තනිකම අතිශයින්ම භයානකයි. 💔
🧠 What Psychology Reveals About This Problem
දශක ගණනාවක් පුරාවට සිද්ධ කරපු සම්බන්ධතා පර්යේෂණ අපට මේ දේ සිද්ධ වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න උදව් කරනවා.
ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයන් දහස් ගණනක් ජෝඩු අධ්‍යයනය කරලා සම්බන්ධතාවය කාලයත් සමඟ බිඳ වැටෙන්න හේතු වෙන
විනාශකාරී සන්නිවේදන රටා හතරක් හඳුනාගෙන තියෙනවා.
මෙම රටා හඳුන්වන්නේ “Four Horsemen of Communication” කියලා.
මේ චර්යා රටා හෙමින් හෙමින්
සම්බන්ධතාවයක තියෙන ආරක්ෂිත හැඟීම හා
හැඟීම් බෙදාගන්න පුළුවන් හැකියාව දුර්වල කරලා දානවා.
ඒක සිද්ධ වෙන්නේ එකපාර නෙවෙයි.
ඉතා හෙමින් සංවාදයන් තුළින්, කුඩා ප්‍රතිචාරවලින්,සවන් නොදීමෙන් , නොතේරෙන බවෙන්.
ඒ ගැන ඔහු කියන වැදගත් සත්‍යයක් තියෙනවා;
💬
“ජෝඩු අතර ඇතිවෙන වාද කීයක්ද කියන එක නෙවෙයි.විවාහයක් බිඳ වැටෙයිද කියලා තීරණය කරන්නේ.ඔවුන් වාද කරන්නේ කොහොමද කියන එකයි.”
විවාහ ජීවිතයේ ගැටලු හුඟාක් වෙලාවට
සිද්ධි වලින් නොවෙයි… කතා කරන විදිහෙන් හදෙනවා.
සම්බන්ධතා පිළිබඳ පර්යේෂණවලින් හඳුනාගෙන තියෙන විවාහයට හෙමින් හෙමින් හානි කරන සන්නිවේදන රටා 4ක් තියෙනවා.
⚠ Criticism (චරිතයට ප්‍රහාර කිරීම)
ගැටලුව ගැන කතා කරනවා වෙනුවට, සෘජුවම පුද්ගලයාටම වැරද්ද දානවා.
උදාහරණය:
“ඔයාට මගේ හැඟීම් ගැන කවදාවත්ම කිසිම වැදගත්කමක් නැහැ.”
මෙහෙම වචන ඇහෙද්දී, අනෙක් පුද්ගලයාට දැනෙන්නේ තමන්ට ප්‍රහාරයක් එල්ල වුණා වගේ.
⚠ Defensiveness (ආරක්ෂා වෙලා ප්‍රතිචාර දීම)
අනෙක් අය කියන දේ තේරුම් ගන්න උත්සාහ කරනවා වෙනුවට,
“ඒක මගේ වැරැද්ද නෙවෙයි” කියලා හේතු දාලා හෝ වරද අනිත් අයට මාරු කරන එක.
⚠ Contempt (අවමානය සහ අගෞරවය)
කටුක විහිළු, Mock කරනවා, හෙළා දමනවා හෝ අගෞරවයෙන් කතා කරනවා.
මේ චර්යා සම්බන්ධතාවයේ ගෞරවය සහ විශ්වාසය ඉතා වේගයෙන් බිඳ වැටෙනවා.
⚠ Stonewalling (නිහඬව වෙන්වී යාම)
කතාබහ අතරතුර නිහඬව ඉන්න එක, ප්‍රතිචාර නොදක්වන එක, හෝ කතාබහෙන්ම ඉවත් වෙනවා.ඒකෙන් අනෙක් පුද්ගලයාට දැනෙන්නේ
“මගේ කතාවට කිසිම වටිනාකමක් නැහැ” කියලා.
මේ වගේ හැසිරීම් සම්බන්ධතාවයක නිතර නිතර වෙන්න පටන් ගත්තොත්,කතා කරන එකත් අනාරක්ෂිත බවක් දැනෙන දෙයක් වෙනවා.
ඒ වෙලාවට බොහෝ කාන්තාවන්ගේ හිතට හෙමින් හෙමින් තමන්ව කඩාගෙන වැටුණා වගේ හැඟීමක් එනවා.
“මට ඇහුම්කන් දෙන්නේ නැහැ.”
“මාව තේරුම් ගන්නේ නැහැ.”
“මම මෙතන ඉන්නවා… ඒත් මාව දකින්න කවුරුත් නැහැ වගේ.”
එතනින් පටන් ගන්නවා විවාහයක ඇතුළේදිම ඇතිවෙන නිහඬ තනිකම දැනෙන්න.කෙනෙක් සමඟ ජීවත් වෙන කොට පවා හිත ඇතුළේ තනිවෙලා කියන ඒ හැඟීම දැනෙන්න පටන් ගන්නවා. 💔
🌱 Three Proven Strategies That Improve Communication
හොඳ ආරංචියක් තියෙනවා.සන්නිවේදන රටා වෙනස් කරගන්න පුළුවන්.සම්බන්ධතා මනෝවිද්‍යාව අනුව, කතා කරන විදිහ ටිකක් වෙනස් කළොත් විවාහයේ අවබෝධය සහ සමීපත්වය නැවත ගොඩනගා ගන්න පුළුවන්. 💞
❤️ 1. Start Conversations Gently
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා තියෙන ජෝඩු
තමන්ගේ ගැටලු වැරදි විධියට දාලා කතා කරන්නේ නෑ.තමන්ගෙ හැඟීම් පැහැදිලි කරමින් කියනවා.
උදාහරණය:
❌ “ඔයා කවදාවත්ම මට ඇහුම්කන් දෙන්නේ නැහැ.”
✅ “මේ ගැන අපි කතා නොකරන ඉන්න කොට මට ඇහුම්කන් දෙන්නේ නෑ වගේ දැනෙනවා.”
පර්යේෂණ අනුව කියන්නේ,සන්සුන්ව ආරම්භ කරන සංවාද ධනාත්මක අවසානයක් වෙන්න තියෙන හැකියාව වැඩියි කියලා. 💬💞
👂 2. Practice Active Listening
සවන් දීම කියන්නේ වචන විතරක් අහගෙන ඉන්න එක විතරක් නෙවෙයි.අනෙක් පුද්ගලයාගේ හැඟීම් තේරුම් ගැනීමත් අදාල වෙනවා.
මානවවාදී මනෝවිද්‍යාඥයන් කියන්නේ,
සහකම්පනයෙන් (empathy) ඇහුම්කන් දීම සම්බන්ධතාවයකට විශාල සුවයක් ගෙනෙනවා කියලා.
ඒක මේ විධියට පැහැදිලි කරනවා;
💬
“කෙනෙක් ඔයව විනිශ්චය නොකර ඇත්තටම අහගෙන ඉන්න කොට,ඒක හිතට පුදුම සැනසීමක් ගේනවා.”
ඔයාගේ ජීවන සහකාරියට/සහකරුවාට
“මාව ඇත්තටම අහගෙන ඉන්නනවා” කියලා දැනෙන වෙලාවට,චිත්තවේගීය සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. 💞
🤝 3. Validate Feelings Before Solving Problems
ගොඩාක් විවාහ ගැටලු වැඩි වෙන්නේ ජෝඩු හැඟීම් පිළිගන්න කලින්ම ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන නිසාවෙනි.
ඒ වෙනුවට සරල හැඟීම් පිළිගැනීමකින් (validation)සංවාදයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.
💬 “ඔයා ඒක නිසා කලබල වුණේ ඇයි කියලා මට තේරෙනවා.”
සම්බන්ධතා මනෝවිද්‍යාඥ
Sue Johnson මෙහෙම කියනවා;
💬
“ශක්තිමත්ම සම්බන්ධතා ගොඩනැගෙන්නේ
හැඟීම් වලට ප්‍රතිචාර දෙන හැකියාව මතය.”
ජීවන සහකාරියට/සහකරුවාට
“මගේ හැඟීම් තේරෙනවා, මාව අතහැරලා දාලා නැහැ” කියලා දැනෙන වෙලාවේදි සමීපත්වය, විශ්වාසය, සහ ආදරය තව තවත් ගැඹුරු වෙනවා. 💞
ගොඩාක් විවාහ බිඳ වැටෙන්නේ ආදරය නැතිවෙන නිසා නෙවෙයි.
ඒවා හෙමින් හෙමින් බිඳෙන්නේ කතා කරන එක ආරක්ෂිත දෙයක් වගේ නොදැනෙන නිසා.
ඔයාත් මේ අත්දැකීම්වලට මුහුණ දෙනවාද?
ඔයා කතා කරනවා…
ඔහු අහගෙන ඉන්නවා…
ඒතකොත හිතට එන්නේ එක සිතුවිල්ලක් විතරයි;
💭 “ඔහුට මගේ හිත තේරෙන්නේ නැහැ…”
මනෝවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව කියන්නේ,සම්බන්ධතාවයක හැඟීම් තේරුම් ගන්නා බව දැනෙන වෙලාවේදි මිනිස් මනස තුළ විශ්වාසය සහ සම්බන්ධතාවය වැඩි කරන Nervous System එකේ ප්‍රතිචාර සක්‍රීය වෙනවා.
ඒ නිසාම සම්බන්ධතාවයක
විශාල වෙනසක් ආරම්භ වෙන්නේ
ඉතා සරල දෙයකින්.
💬 ඇත්තටම සවන්දීම තමා සැබෑම විසඳුම.
විසඳුමක් දෙන්න නෙවෙයි ඇය/ඔහු බලාපොරොත්තු වෙන්නේ.ඔයා ආදරය කරන පුද්ගලයාගේ හිත තේරුම් ගන්න.
මොකද ගොඩාක් වෙලාවට හදවතට අවශ්‍යම දේ විසඳුමක් නෙවෙයි.
“මාව තේරෙනවා” කියලා දැනෙන ඒ ආරක්ෂිත හැඟීම විතරයි අවශ්‍යය වෙන්නේ. 💞
ඔයාටත් ආදරණීයව විවාහ ජීවිතය ගොඩනඟා ගන්න අවශ්‍යය නම් 076 627 56 69 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරළා සැසියකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.
ඒ වගේම ඔයාගේ විවාහයේ දුර්වල වෙච්ච සන්නිවේදනය ගොඩනඟන්න ශ්‍රීලංකාවෙ ප්‍රථම වරට Marriage Communication පිළිබඳව පවත්වන එකම භෞතික වැඩමුළුව වන Love Core : Core connect වැඩමුළුව සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.මාර්තු 15 ට ප්‍රථමව වැඩමුළුවට සම්බන්ධ වෙන ජෝඩු 15 සඳහා Special Early Bird Offer එකක් යටතේ සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.මේ අවස්ථාව තමන්ගෙ ආදර සම්බන්ධතාවය/විවාහය ආදරණීයව ගොඩනඟා ගන්න සැබැවින්ම අවශය පිරිසට පමණයි. වැඩමුළුව සමඟ සම්බන්ධ වීමට 075 955 15 51 අංකයට "Love" ලෙස සඳහන් කරළා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
වැඩමුළුවට අදාලව සියලු විස්තර දැනුවත් වීමට පහත Whatsapp Group එක සමඟ සම්බන්ධ වෙන්න👇
https://chat.whatsapp.com/HbKF1NcoZkSIihnhljFZ0G?mode=gi_t
ඔෂාන් බමුණු ආරච්චි
Higher Diploma in Counseling Psychology