CS Power Fitness

CS Power Fitness CS Power Fitness is a innovative fitness system that is created by Dinesh Suzerain. It’s Facebook

Rain outside, fire inside. 🔥Come to the gym even if it’s heavy rainchampions train no matter the weather.
14/05/2026

Rain outside, fire inside. 🔥
Come to the gym even if it’s heavy rain
champions train no matter the weather.

Heaven
11/05/2026

Heaven

17/04/2026

After Aurudu holidays… back to the grind 💪🔥
Ready to rebuild, recharge, and level up with personal training.

📍 CS Power Fitness – In front of SLIIT Malabe
📞 076 042 3394

Train today. Transform tomorrow.

Yash Weerasinghe

2026 අලුත් අවුරුද්දේ – ශක්තිමත් වන්න, සෞඛ්‍යවත් වන්න, ජයගන්න! 💪
14/04/2026

2026 අලුත් අවුරුද්දේ – ශක්තිමත් වන්න, සෞඛ්‍යවත් වන්න, ජයගන්න! 💪

Physical Activity vs Exercise(ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම)👊මේ දෙක හොඳින් වෙන් කරගන්න. අද ගොඩක් අය කියන දෙයක් තමයි....
03/04/2026

Physical Activity vs Exercise
(ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම)👊

මේ දෙක හොඳින් වෙන් කරගන්න. අද ගොඩක් අය කියන දෙයක් තමයි..

"මම ගෙදර ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා " ,
"වත්තේ වැඩ කරනාවා ",
" කඩේට ඇවිදිනවා" 👌

ඒ නිසා ව්‍යායම කරන්න අවශ්‍ය නෑ වගේ දෙයක්.
ඔබ නිවසේදි මේ වගේ ශාරිරික ක්‍රියාකාරකම් වල නියැළීම ඉතාමත් ම හොඳයි . එයින් ප්‍රතිලාභ නොලැබෙනවා නොවේ.👍

නමුත් ඔබ නිසි පුහුණුව ලත් කායවර්ධන පුහුණුකරුවෙක් සමඟ GYM එකක ව්‍යායම
කිරීමෙන් ඔබට ලැබෙන අමතර වාසි බොහොමයක් තියෙනවා.

ඔබ ඉතාම සැලසුම්සහගත , සංවිධිත, ව්‍යුහගත ක්‍රමයකට, ඉලක්කයක් ඔස්සෙ ක්‍රියා කරනවා.✅-( STRUCTURED)

ඔබගේ ශරීරයේ හෝර්මෝන වල ප්‍රශස්ත සමතුලිතතාවයක් ගොඩ නැගෙනවා. ✅ (HORMONAL BALANCE)

ආතති කළමනාකරණය සඳහා උපයෝගි වෙනවා.✅ ( STRESS MANAGEMENT)

ඔබේ ආහාරවේල පිළිබඳ විශේෂ අවධානයක් ඔබ නොදැනුවත්ම ලැබෙනවා ✅ (DIET PLAN)

ඔබේ ශාරීරික වෙනස්කම නැත්නම් ප්‍රගතිය දකිද්දි ඔබට විශේෂ අභිප්‍රේරණයක් ලැබෙනවා✅( MOTIVATION)

ඔබගේ මාංශපේශීන් ක්‍රමානුකූලව වර්ධනය කිරීමෙන් ඔබට පරිවෘත්තිය වාසි ලැබෙනවා✅
(🔼 LEAN BODY MASS)

ඒ නිසා ඔබ වයස අවු.18-64ක් අතර නිරෝගි කෙනෙක් නම්

1.පුලුවන් විදිහට ව්‍යායම සඳහා
සතියකට විනාඩි 150-300ක් මධ්‍යස්ථ මට්ටමේ (Moderate) ව්‍යායම සඳහා යොදා ගන්න
(Ex. Brisk Walk)

2.සතියට දවස් දෙකක් ශරීරයේ ප්‍රධාන මාංශපේශීන් සඳහා (Chest, Legs, Arms, Back)
ව්‍යායම කරන්න.🙂

🙅‍♂️ඔබට හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව , ආඝාත තත්වයන්, අපස්මාරය වැනි රෝග වැලඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න 💉🙏

මේ පිලිබඳ වැදගත් කරුණු තව වීඩීයෝවකින් දැනුවත් කරන්නම්. 🙏❤️

-ක්‍රීඩා වෛද්‍ය සචිත්‍ර වීරසේකර-

02/03/2026

🌕 Poya Day Special 🌕
While others rest, champions train 💪
We are OPEN today!
Let’s build strength, discipline & positive energy

කාන්තාවක් වශයෙන් ඔබ ජිම් එකකට යා යුත්තේ ඇයි? 💪✨කාන්තාවනි,ජිම් එකට යාම බර අඩු කිරීමක් පමණක් නොවේ. එය සෞඛ්‍යවත්, ශක්තිමත් ...
28/02/2026

කාන්තාවක් වශයෙන් ඔබ ජිම් එකකට යා යුත්තේ ඇයි? 💪✨

කාන්තාවනි,

ජිම් එකට යාම බර අඩු කිරීමක් පමණක් නොවේ. එය සෞඛ්‍යවත්, ශක්තිමත් සහ විශ්වාසයෙන් යුතු කාන්තාවක් වීමට කරන ආයෝජනයකි.

🌸 1. සෞඛ්‍ය ප්‍රතිලාභ
• හෘද සෞඛ්‍යය වර්ධනය වේ
• දියවැඩියාව සහ රුධිර පීඩනය පාලනයට උපකාරී වේ
• bones 🦴 ශක්තිමත් කරයි (ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට)
• හෝමෝන අසමතුලිතතා මගහැරිය හැකිවීම
• ශරීරයේ ප්‍රතිරෝධක ශක්තිය වැඩි කරයි (immunity)

💄 2. Beauty Benefits (රූපලාවණ්‍ය ප්‍රතිලාභ)
• ලේ සංසරණය ක්‍රමවත් වීම නිසා සම පැහැදිලි වේ
• සෞඛ්‍යවත් හිසකෙස් වර්ධනය
• ශරීර හැඩය ලස්සන වීම
• මේදය අඩු වී මංෂපේශි ශක්තිමත් වීම
• වයස්ගත වීම ප්‍රමාද කිරීම

👑 3. පෞරුෂ ප්‍රතිලාභ
• ආත්ම විශ්වාසය වැඩි වේ
• ශරීර භාෂාව වඩා හොඳ වේ(body language)
• විනය සහ නිරතුරුව වැඩ කිරීමේ හැකියාව වර්ධනය වේ
• ධනාත්මක චින්තනයක් ගොඩනැගේ

🧠 4. මානසික ප්‍රතිලාභ
• ආතතිය සහ කනස්සල්ල අඩු කරයි
• හොඳ නින්දක් ලැබීම
• මානසික සතුට (Happy Hormones) වැඩි කරයි
• මානසික අවපීඩනයට (depression )එරෙහිව උපකාරී වේ

🤝 5. සමාජීය ප්‍රතිලාභ
• නව මිතුරන් හමුවීමට අවස්ථාව
• ධනාත්මක පරිසරයක්
• එකිනෙකාගෙන් උද්යෝගය සහ අබිප්‍රේරණය
• ශක්තිමත් Fitness Community එකක්



🌟 ශක්තිමත් කාන්තාවක් ශක්තිමත් පවුලක් ගොඩනඟයි.
ශක්තිමත් පවුලක් ශක්තිමත් සමාජයක් ගොඩනගයි💪

26/01/2026
💉 Steroids (Anabolic Steroids) – වාසි සහ අවාසිSteroids කියන්නේ ශරීරයේ ස්වභාවික Testosterone hormone එකට සමාන රසායනික ද්‍...
24/01/2026

💉 Steroids (Anabolic Steroids) – වාසි සහ අවාසි

Steroids කියන්නේ ශරීරයේ ස්වභාවික Testosterone hormone එකට සමාන රසායනික ද්‍රව්‍ය.
බොහෝ අය ඉක්මනින් muscle gain වෙන්න, strength වැඩි කරගන්න steroids භාවිතා කරනවා.

👉 නමුත් ඉක්මන් ප්‍රතිඵල = දිගු කාලීන අවදානම් ⚠️



⏱️ කෙටි කාලීන (Short Term) බලපෑම්

✅ පෙනෙන වාසි

• ඉක්මනින් මාංශ පේශී වර්ධනයවීම
• ශක්තිය සහ දරාගැනීම වැඩි වීම
• ඉරුන මාංශ පේශී ඉක්මනින් recovery වීම
• ශරීරයේ මේද ප්‍රතිශතය ඉක්මනින් අඩු වීම වගේ පෙනීමක් ලැබීම

❌ කෙටි කාලීන අතුරු ආබාධ (side effects)

• Pimples / acne වැඩි වීම
• Mood swings (ඉක්මනින් කේන්ති යාම)
• හිසේ කැක්කුම Headache
• Blood pressure වැඩි වීම
• Sleep problems
• ස්වබාවික testosterone production අඩු වීම



⏳ දිගු කාලීන (Long Term) බලපෑම්

❌ බරපතළ side effects

• ❤️ හෘද රෝග (Heart attack, stroke)
• 🩸 Blood pressure & cholesterol imbalance
• 🧠 මානසික පීඩාවන් – depression, anxiety, aggression
• 🧬 Liver & kidney damage
• 🧑 Male fertility problems (s***m count අඩු වීම)
• 🧍‍♂️ Testicles shrink වීම
• 👨‍🦱 Hair loss
• 🧑‍⚕️ Hormonal imbalance (Steroids නවත්තනකොට muscle loss)



🚺 කාන්තාවන්ට විශේෂ අවදානම්

• කටහඩ ගැඹුරු වීම
• Facial hair වැඩි වීම
• Period problems
• Breast size අඩු වීම
• ආපසු හැරවිය නොහැකි හෝමෝන ප්‍රශ්න (Irreversible hormonal changes)



⚠️ සත්‍යය මොකද්ද?

Steroids වලින් ලැබෙන muscle එක බොහෝ වෙලාවට temporary.
Steroids නවත්තනකොට 👉 muscle loss + health damage.



💪 Safe & Natural Path (ආරක්ෂිත මාර්ගය)

✔️ Proper workout plan
✔️ Balanced diet + protein from food
✔️ Enough sleep & recovery
✔️ Patience & consistency
✔️ Qualified trainer guidance

👉 Natural muscle = long-lasting muscle 💯



🔥 අවසාන නිවේදනය (Motivation)

“Steroids ඔයාට ලබාදෙනවා කෙටිකාලීන ලස්සන ඇගක් (give you a body for few months,) එහෙත් ඔබගේ දිගුකාලීන සෞඛ්‍ය විනාශකර දමනවා ( destroy your health for lifetime.”)

💬 ඔබේ සෞඛ්‍ය , ඔබේ පව්ල , ඔබේ අනාගතය steroids වලට වඩා ගොඩක් වටිනවා.

සැ.යු : මෙම ලිපිය වෘත්තීය මට්ටමේ කාය වර්ධන ක්‍රීඩකයන්ට අදාල නොවේ 🙏

Address

New Kandy Road
Malabe

Opening Hours

Monday 05:30 - 22:30
Tuesday 05:30 - 22:30
Wednesday 05:30 - 22:30
Thursday 05:30 - 22:30
Friday 05:30 - 22:30
Saturday 05:30 - 22:30
Sunday 05:30 - 22:30

Telephone

+94760423394

Alerts

Be the first to know and let us send you an email when CS Power Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CS Power Fitness:

Share