30/08/2026
🚨“මාස එකහමාරක් පුරා මම හිත හිතා හිටියා මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද හැකි වෙන්නේ? අපි දැන් ලෝක කුසලානය දිනාගත්තා විතරයි නේ.”
“මගේ නම එතැන නැති බව දැක්කම මම සිනාසුණා.”
සූර්යකුමාර් යාදව් මෙහෙම කියන්නේ ආකාශ් චොප්‍රා සමග යූ ටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින්.
“මම පීඩන තත්ත්වයන්ට මුහුණ දෙන විට හෝ දේවල් මගේ පැත්තට නොයන විට, මම හැමවිටම සිනාසෙමින්, සන්සුන්ව ඉන්නවා. මම අතීතයේ සිදුවුණු දේවල් දිහා ආපහු බලලා ඒ අවස්ථා ගැන ස්තූතිවන්ත වෙලා තියෙනවා. 2026දී මේ වගේ දෙයක් වෙයි කියලා මම හිතුවේවත් නැහැ. මම හිතාගෙන හිටියේ තවත් අවුරුදු දෙකක් මේ කණ්ඩායම ඉදිරියට ගෙනියන්න සූදානම් වෙමින් ඉන්නවා කියලයි, ඔලිම්පික්, තවත් T20 ලෝක කුසලානයක්, ඉන්පස්සේ ඉදිරියට තවත් අභියෝගවලට මුහුණ දෙන්න.”
“ඔවුන් තෝරාගත් ක්‍රීඩකයා සමඟ මම ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ශ්‍රෙයාස් අයියර් හොඳ ක්‍රීඩකයෙක්, හොඳ මනුෂ්‍යයෙක්, හොඳ නායකයෙක් කියලා මම දන්නවා. ඒ නිසා මම මේ තීරණය ගැන අමනාප වුණේ නැහැ. නමුත් මම කලකිරුණා. මොකද අපි අවුරුදු දෙකක් පුරා එකදු තරගාවලියක්වත් පරාජය වෙලා නැහැ. ආසියානු කුසලානයත්, T20 ලෝක කුසලානයත් දිනාගෙන තියෙනවා. ඒ නිසා ඔබට ඕනේ ඒ දේම ඉදිරියටත් කරගෙන යන්න. හැම දෙයක්ම හොඳින් සිදුවෙමින් තියෙනකොට, ඇයි මේ වෙනස."
“ඔව්, IPL එක මට අවශ්‍ය විදිහට හොඳින් ගියේ නැහැ. මගේ යාළුවෝ සහ පවුලේ අය මාව සැනසුවා, ‘මේක ජීවිතයේ කොටසක්’ කියලා. නමුත් ඔවුන් ගියාට පස්සේ, ඔබ ඔබේ පවුල සමඟ තනි වෙනවා. අපි හිත හිතා හිටියා මේක කොහොමද වෙන්නේ කියලා.”
“ඉන්දීය තේරීම් කමිටුවේ අය කණ්ඩායම නම් කිරීමට දින දෙක තුනකට කලින් මට කතා කළා. ඔවුන් කිව්වා, ‘මම හිතන්නේ දැන් ඉදිරියට යන්න කාලය ඇවිත්. කොහොමද යන්නේ? IPL එකේ සිදුවුණු දේ ඔබ දැක්කානේ’ කියලා. මම ඒ වෙලාවේ ප්‍රතිචාර දැක්වුවේ නැහැ, මොකද ඒක මගේ හැටි නෙවෙයි. ගත් තීරණය කණ්ඩායමේ යහපත වෙනුවෙන් හොඳම දේ කියලා ඔවුන්ට හැඟෙන්න ඇති. ඔවුන් තීරණය ගත්තා, මට ඒක දැනුම් දුන්නා. කිසිම ප්‍රශ්නයක් නැහැ.”
කෙසේ වෙතත්, සූර්යකුමාර් තවමත් නැවතත් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.
“මම සූදානම්. මම තවමත් ක්‍රීඩා කරනවා, ඉදිරියටත් ක්‍රීඩා කරනවා. ඔබට කාලය හරි කියලාත්, දේවල් හරි කියලාත් හැඟෙන ඕනෑම වෙලාවක මාව කැඳවන්න!”
ඔයාල මොකද හිතන්නේ? ඉන්දියාව වෙනුවෙන් T20 තරග 50කට නායකත්වය දීලා එයින් 42ක් ජයග්‍රහණය කරලා, ආසියානු කුසලානයක් සහ T20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කල සූර්යකුමාර් යාදව්ට මේ අත්වුන ඉරණම හරිද වැරදිද? 👀❤️
ඔයාගේ අදහසත් පහළින් Comment කරන් යන්න 💭