RED LIONS paliella

RED LIONS paliella Never give up trying 🫀♥️
🏆

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.💗🙏
14/04/2026

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.💗🙏

RED LIONS 🦁 _ ක්‍රීඩා සමාජය මගින් තුන්වන වරටත් පවත්වනු ලබන බක් මහා උලෙළ අප්‍රේල් මස 16 දින දවස පුරා....🎁🎎♥️ එය සාර්ථක කර...
04/04/2026

RED LIONS 🦁 _ ක්‍රීඩා සමාජය මගින් තුන්වන වරටත් පවත්වනු ලබන බක් මහා උලෙළ අප්‍රේල් මස 16 දින දවස පුරා....🎁🎎♥️


එය සාර්ථක කර ගැනීම සදහා සියලු දෙනාගේම සහයෝගය අප බලාපොරොත්තු වෙමු...♥️🫂🥁🎆🎁🎎
අපි රෙඩ්ලයන්ස් 💗

║ ප්‍රදේශයේ දූ දරුවන්ට ක්‍රීඩා පිටියක් ලබා දීමේ උදාරතර අරමුණ ඇතිව, පාලිඇල්ල රෙඩ් ලයන් ක්‍රීඩා සමාජය විසින් දෙවන වරට සංවි...
10/03/2026

║ ප්‍රදේශයේ දූ දරුවන්ට ක්‍රීඩා පිටියක් ලබා දීමේ උදාරතර අරමුණ ඇතිව, පාලිඇල්ල රෙඩ් ලයන් ක්‍රීඩා සමාජය විසින් දෙවන වරට සංවිධානය කරන ලද ගීත නාට්‍ය සංදර්ශනය, ආධුනික ගීත ප්‍රසංගය, පොල් තොරණ, පලතුරු බදුන් වෙන්දේසිය හා සල්පිල් බදුන් වෙන්දේසිය 𝟮𝟬𝟮6 මාර්තු එනම් මෙම මස 𝟬𝟲 / 𝟬𝟳 දෙදින පාලිඇල්ල ග්‍රාමයේ දී පැවැත්විණ.. ඒ සදහා නන් අයුරින් උපකාර කළ ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි....RED LION paliella 🫂❤️‍🩹

26/02/2026

ගියවර ඔබගේ ආදරනීය සහයට තුති පුදමින් ගමට පොදු ස්තානයක් ලබාගැනීමේ අරමුණ සම්පූර්ණ කරගැනීම පිණිස, පාලිඇල්ල රෙඩ්ලයන් ක්‍රීඩා සමාජය විසින් මෙවරත් සංවිධානය කරන ගීත නාට්‍ය සංදර්ශනය 👩‍🎤💂‍♂
මාර්තු මස එනම් 6 / 7 සිකුරාදා ,සෙනසුරාදා දෙදින පැවැත්වේ ♥️
මෙය අපගේ දෙවැනි අඩි තාලමයි.🏏🎾☺️
මෙම අරමුණ සම්පූර්ණ කර ගැනීම සදහා ඔබගේ සහය ඉතා වැදගත් එය අපට ලොකු සහනයක් ♥️

පාලිඇල්ල RED LIONS ක්‍රීඩා සමාජය මගින් පවත්වනු ලබන සුප් දන්සල ඇසල පොහෝ දින එනම්, 2025/07/10 වන දින සවස 2.00.සිට පාලිඇල්ල...
02/07/2025

පාලිඇල්ල RED LIONS ක්‍රීඩා සමාජය මගින් පවත්වනු ලබන සුප් දන්සල ඇසල පොහෝ දින එනම්, 2025/07/10 වන දින සවස 2.00.සිට පාලිඇල්ල හංදියේදී ...
ඔබ සැමට ආරාධනා ...🍵☸️❤️‍🩹

10/04/2025

RED LIONS_ ක්‍රීඩා සමාජය මගින් දෙවන වරටත් පවත්වනු ලබන බක් මහා උලෙළ අප්‍රේල් මස 15 දින දවස පුරා....🎁🎎♥️


එය සාර්ථක කර ගැනීම සදහා සියලු දෙනාගේම සහයෝගය අප බලාපොරොත්තු වෙමු...♥️🫂🥁🎆🎁🎎
අපි රෙඩ්ලයන්ස් 💗

11/03/2025

Sanga is a very talented player who is loved by everyone 🏏💗
Sangakkara 💗

29/12/2024

විවාදයක් නැ...
මේ තමයි වර්තමානයේ,
ලංකාවේ ඉන්න හොඳම බැටා...!

Test නම් Test...
ODI නම් ODI...
T20I නම් T20I...

කුඹුරු නම් කුඹුරු...
කාපට් නම් කාපට්...
SENA නම් SENA...

කොල්ලට මේ ඕනි එකක් ඔට්ටුයි !

කතාවක් තියෙනවනේ,
' නිහඬ මිනිස්සු තමයි භයානකම ' කියලා...
මේ ඒ වගේ එකෙක්...
ඌ වැඩ පෙන්නුවේ...
කටින් නෙමෙයි පිත්තෙන්...
රැගිලි නැ...
වැඩ විතරයි...

අන්නේකයි ඌට අද මේ තරම් මිනිස්සු ආදරේ ♥️

ලංකාවේ අපේ එකම පැතුම,
පැතුමා...!

මේ අවුරුද්ද පැතුම්ට සුවිශේෂි වසරක්...!
අර උඩ කියපු දේවල් පිත්තෙන්ම ඔප්පු කරපු වසරක්...!

ශ්‍රි ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා කිසිම පිතිකරුවෙක්ට බැරි වුනා ජාත්‍යන්තර එක්දින තරගයක ද්විත්ව ශතකයක් ලබා ගැනීමේ හීනය තවදුරටත් හීනයක් නොකර සාක්ෂාත් කර ගන්න මේ වසරේදී පැතුම්ට පුළුවන් වෙනවා.

ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවි ලකුණු 210*ක් රැස් කරමින්...!

එතැනින් පස්සේ එංගලන්තයට ගිහින් ටෙස්ට් තරගයක නොදැවි ලකුණු 127ක් රැස් කරනවා. ඒ තමයි මේ අවුරුද්දේ අපේ එකෙක් SENA ටෙස්ට් තරගයක ගහපු හොඳම ටෙස්ට් ඉනිම,

දැන් නවසීලන්තයට එරෙහිව නවසීලන්තයට ගිහින් විස්සයි විස්ස තරගයක ලකුණු 90ක් රැස් කරනවා. ඔහුට හරි සහයක් ලැබුනා නම් අවුරුදු 13කට පස්සේ අපේ එකෙක් ගහන ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයක් දැකබලා ගන්න ප්‍රේක්ෂක අපිට අවස්ථාව ලැබෙනවා.

ඊටත් වඩා පැතුම් මේ ගහන්නේ නිකන්ම නිකන් මැච් වල නෙමෙයි. ගොඩාක් වෙලාවට අනිත් උන් එකතු වෙලා හාන තරග බොහොමයක පැතුම් මේ වගේ තනියම ගහලා රටේ නම්බුව බේරලා තරග දිනවන්න උත්සහ කරලා තියෙනවා.

හුගාක් වෙලාවට ඔහු හිටපු ලෙජන්ඩ්ලා පැතුම්ට එල්ල කරන චෝදනාවක් තමයි එයා මැච් එක ඉවර කරන්නේ නැතුව අවුට් වෙලා යනවා කියලා...

ඇත්ත ඉතිං...! මොකද පැතුම් ගැහුවේ නැත්තම් හුගාක් වෙලාවට අපේ ගහන්න වෙන එකෙක් නැ.. අනිත් රටවල් වල වගේ කන්ඩායම අමාරුවේ වැටුනු වෙලාවට අත උස්සලා රට වෙනුවෙන් ගහන්න එක එක ප්ලෙයර්ස්ලා ඉදිරිපත් වුනාට අපේ හුගාක් වෙලාවට ඔය වැඩේ කරන්නේ පැතුම් විතරයි. පැතුම් ගැහුවේ නැත්තම් අනිත් උන්ගෙන් ඒ ටිකවත් නැ...

ඊයෙත් වුනේ ඒ වගේ වැඩක්..!
අපේ ඕපනර්ස්ලා දෙන්නා අච්චර ගහලා දීපු මැච් එකේ පැතුම්ට සප් එක දීලා ඉතුරු ටික ගහලා දෙන්න එක බැටෙක්ට බැරි වුනා.

ඒ සහය පැතුම්ට ලැබුනා නම්,
පැතුම්ගේ 100 විතරක් නෙමෙයි අපි මැච් එකත් දිනලා,

Anyway පැතුම් කියන්නේ,
ලංකාවේ මේ වෙද්දි ඉන්න හොඳම බැටා කියන්න,
තව මොන කතා ද ?

✍ | Rishie Bro
Powered by : Nelsons

07/12/2024

ඒක වෙනවම vibe එකක් 💗🏏🎾

Address

Kurunegala
MAWATHAGAMA

Website

Alerts

Be the first to know and let us send you an email when RED LIONS paliella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category