WayoFit

WayoFit Every One Who Wish to Stay Fit & Healthy Living.

'WayoFit' Provides fitness instruction & enjoyable exercise Opportunities for Healthy living for Wayamba University Students & The Staff.

20/06/2025

මෙන්න ඔබට උදව්වක් වන, මේදය දැවීම සඳහා සරල උපදෙස් කිහිපයක් – 🔥
✅ 1. _*දිනකට ලීටර් 2.5 – 3 ක් වතුර බොන්න*_

උදේට ලෙමන් එක් කළ උණුසුම් වතුර බොන්න – මේදය දැවීමට හොඳයි

✅ 2. _*ආහාර වේල මඟහැරීම නොකරන්න*_
උදෑසන ආහාරය අනිවාර්යයි – ශරීරයේ metabolism වැඩි කරයි

කුඩා කෑම වේල කිහිපයක් ගන්න. තවත් කෑම කැමැත්ත අඩු කරයි

✅ _*3. වර්ජනය කරන්න:*_
Soft drinks, fried food, fast food
මෙවැනි ආහාර insulin spikes සහ fat storage වැඩි කරයි.
✅ 4. _*ව්‍යායාම අනිවාර්යයි*_
සතියකට 3 වතාවක්වත් ව්‍යායාම කරන්න

✅ 5 _*. දිනකට පැය 7–8ක් නිදා ගැනීම metabolism හොඳ කරයි.*_

නිදාගෙන නැතිව පවතින විට කෑම කැමැත්ත වර්ධනය වේ✅6. _*කාබෝහයිඩ්‍රේට් පාලනය කරන්න ,*_
සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් තෝරන්න (රතු බත්, කඳ, ඔට්ස්, වැනි)

සුදු බත්, පාන්, සීනි, කේක්, බිස්කට් වැනි ඉක්මන්-shrink carbs සීමා කරන්න

දිවා වේලාවේ හෝ ව්‍යායාම පසු කාබෝහයිඩ්‍රේට් අනුභව කරන්න (ඒත් රාත්‍රියේ විශාල කොටසක් නොගන්න..)
💐💐💐💐💐💐🤛💪
by chanika chathurangani

Send a message to learn more

19/06/2025

🥗 Top Foods That Help Burn Fat

✅ 1. High-Protein Foods
Chicken breast, eggs, fish (especially salmon, tuna)

Greek yogurt, tofu, lentils (parippu), chickpeas
🔹 Why: Boost metabolism, reduce cravings, preserve muscle.

✅ 2. Leafy Greens & Veggies
Spinach, kale, broccoli, cabbage, carrots
🔹 Why: Low-calorie, high-fiber, keeps you full.

✅ 3. Healthy Fats
Avocados, olive oil, chia seeds, nuts (in small amounts)
🔹 Why: Fats keep you satisfied and reduce belly fat when eaten in the right amount.

✅ 4. Fatty Fish (Omega-3)
Salmon, mackerel, sardines
🔹 Why: Omega-3 reduces inflammation and belly fat.

✅ 5. Green Tea / Herbal Tea
Contains catechins and caffeine
🔹 Why: Boosts metabolism and fat oxidation.

✅ 6. Whole Grains (in small portions)
Quinoa, brown rice, oats, millets
🔹 Why: High in fiber, slow-digesting, stabilizes blood sugar.

✅ 7. Spices
Cinnamon, turmeric, ginger, chili powder
🔹 Why: Help control blood sugar and slightly increase metabolism.

✅ 8. Fruits (Low-Glycemic)
Berries, apples, pears, grapefruit
🔹 Why: High fiber, low sugar, full of antioxidants.

✅ 9. Water & Lemon Water
Staying hydrated boosts calorie burn by 2–3%
🔹 Lemon water (warm) in the morning aids digestion and fat burning

Send a message to learn more

08/09/2022
,
04/06/2022

,

❤️
29/05/2022

❤️

18/05/2022

දිනක් එක් පුද්ගලයෙක් තම බෝට්ටුවක පින්තාරු කිරීමට මිනිසෙකුට බාර දුන්නේය...

ඔහු තම තීන්ත සහ බුරුසු ගෙනැවිත්, හිමිකරු ඔහුගෙන් ඉල්ලා සිටි පරිදි බෝට්ටුව දීප්තිමත් රතු පාටින් පින්තාරු කිරීමට පටන් ගත්තේය...

පින්තාරු කරන අතරතුර, ඔහු බඳෙහි කුඩා සිදුරක් දැක, නිහඬව එය අලුත්වැඩියා කළේය....

ඔහු පින්තාරු කිරීම අවසන් වූ පසු මුදල් ලබාගෙන පිටව ගියේය...

ඊළඟ දවසේ, බෝට්ටුවේ හිමිකරු පින්තාරු කල පුද්ගලයා වෙත පැමිණ, ඔහු ගේවූ මුදලට වඩා බෙහෙවින් වැඩි වටිනාකමක් ඇති චෙක්පතක් ඔහුට පිරිනැමුවේය...

පින්තාරුකරු පුදුමයට පත් වී,
“ඔබ දැනටමත් බෝට්ටුවේ පින්තාරු කිරීම සඳහා මට මුදල් ගෙවා ඇත සර්!”
යැයි පැවසීය...

හිමිකරු පැවසුවේ,
“නමුත් මෙය තීන්ත වැඩ සඳහා නොවේ, ඔබ ඒ බෝට්ටුවේ සිදුර අලුත්වැඩියා කිරීමටයි..."

“ආ...! නමුත් එය සුළු දෙයක්.. ඇත්තෙන්ම එතරම් නොවැදගත් දෙයකට මට මෙතරම් ඉහළ මුදලක් ගෙවීමට අවශ්‍ය නෑ...”
පින්තාරුකරු පැවසීය...

“මගේ හිතවත් මිත්‍රයා, ඔබට තේරෙන්නේ නැහැ, සිදු වූ දේ මම ඔබට කියන්නම්..

ඔරුව තීන්ත ගාන්න කිව්වම මට සිදුර ගැන කියන්න අමතක වුණා, බෝට්ටුව වියළී ගිය පසු, මගේ දරුවන් බෝට්ටුව රැගෙන මාළු ඇල්ලීමට ගියා...
සිදුරක් ඇති බව ඔවුන් දැන සිටියේ නෑ... ඒ වෙලාවේ මම ගෙදර හිටියේත් නැහැ...
මම ආපසු පැමිණ ඔවුන් බෝට්ටුව රැගෙන ගොස් ඇති බව දුටු විට, බෝට්ටුවේ සිදුර මතක් වූ නිසා මා බලාපොරොත්තු සුන් වී ගියා...

ඔවුන් මසුන් ඇල්ලීමෙන් පසු නැවත එනු දුටු විට මගේ සහනය සහ සතුට ගැන ඔබ සිතා බලන්න...

ඊට පස්සේ, මම බෝට්ටුව පරීක්ෂා කළා, ඔබ සිදුර අලුත්වැඩියා කර ඇති බව සොයාගත්තා...!
දැන් පේනවා නේද ඔයා මොකක්ද කළේ කියලා...
ඔබ මගේ දරුවන්ගේ ජීවිතය බේරුවා..!
ඔබ කිවූ " සුළු දෙයක්" උනත් එය වෙනුවෙන් ගෙවා දමන්නට මා ළඟ මුදල් මදි...”....................................................

කවුරුන් සදහාද, කවදාද, කෙසේද යන්න කුමක් වුවත්, හැමවිටම උදව් කරන්න, හයියක් වෙන්න, අවධානයෙන් සවන් දෙන්න...
ඔබට ජීවිතේ හමුවන සියලුම 'බෝට්ටු සිදුරු' ප්‍රවේශමෙන් අලුත්වැඩියා කරන්න...
යමෙකුට අපව අවශ්‍ය වන්නේ කවදාදැයි ඔවුන් නොදන්නවා වගේම, ඔබගේ එම සැලකිල්ල සහ කරුණාව ඔබ වෙත පුදුම සහගත ලෙස නැවත පැමිණෙන්නේ කවදාදැයි ඔබද කිසිදා නොදනී....

කෙසේනමුත්, ඔබ නොදැන 'බෝට්ටු සිදුරු' ගණනාවක් අලුත්වැඩියා කර දීම තුලින්, මේ වනවිටත් කිහිප දෙනෙකුගේම ජීවිත ගණනාවක් බේරගෙන තිබෙනවා ඇති...

වෙනසක් කරන්න...
හොඳම කෙනා වෙන්න...
හමුවන සියලු 'බෝට්ටු සිදුරු' ප්‍රවේශමෙන් අලුත්වැඩියා කරන්න....

ජය ❤❤
උපුටා ගැනීමකි

මිනිහෙක් දියේ ගිලෙනකොට පීනන්න පුලුවන් කෙනෙකුට විතරමද එයාව බේරගන්න පුලුවන්.. නෑ.. ඇත්තටම ගොඩ ඉන්න අයටත් පුලුවන් එයලට උදව්...
17/05/2022

මිනිහෙක් දියේ ගිලෙනකොට පීනන්න පුලුවන් කෙනෙකුට විතරමද එයාව බේරගන්න පුලුවන්.. නෑ.. ඇත්තටම ගොඩ ඉන්න අයටත් පුලුවන් එයලට උදව් කරන්න..

මිනිස් සිරුරේ ඝණත්වය සහ ජලයේ ඝණත්වය අතර තියෙන්නෙ ඉතා සුලු වෙනසක්.

ඒ නිසා ඔබේ සිරුරේ පරිමාව නිසා ලැබෙන උඩු කුරු තෙරපුමට අමතරව ලැබෙන සුලු උඩු කුරු තෙරපුම් සහයක් දිම මගින් ඔබව දියේ නොගිලී තබාගන්න පුලුවන්.

කොටින්ම මූඩිය තදින් වැසූ හිස් මෙගා බෝතල් දෙක තුනකට මිනිහෙක් නොගිලී තබාගත හැකියි.

පහුගිය කාලයේ දියේ ගිලෙන අය මුදාගන්න ක්ෂණිකව දියට පැනපු කිහිප දෙනෙකුගෙම දිවි අහිමි උනා. ඒ ජීවිතාරක්ෂක පුහුණුවක් හෝ ජීවිතාරක්ෂක උපකරණ වලින් තොරව ක්ෂණිකව දියට පැනීම නිසා.

මිනිසුන් දියේ ගිලෙන සිදුවීම් වලට අදාල වීඩියෝ දර්ශන වල පේන්න තියෙන දෙයක් තමයි අදාල සිදුවීම් සිදුවෙන විට බොහෝ පිරිස් මෝටර් රථ පවා නවතාගෙන ඒ දෙස බලා සිටින බව.

මේ බොහොමයක් මෝටර් රථවල බීමට ජලය ගෙනයන ප්ලාසිට්ක් බෝතල් තියෙනව. හැබැයි කිසිම කෙනෙක් නිකමට වත් උදව් කරන්නේ නෑ.. ඒ තමයි නොදැනුවත්කම..

ක්ෂණිකව ක්‍රියාත්මක වී ප්ලාස්ටික් බෝතල් කිහිපයක් සොයාගෙන එකට ගැටගසා දියේ ගිලෙන පුද්ගලයා වෙතට විසිකිරීම හෝ දියේ ගිලෙන්නා බේරාගැනීමට දියට පනින්නාට රඳවා ගැනීමට ලබාදීම මගින් අඩුම තරමේ එක් ජීවිතයක හෝ ජීවිත අවදානම අඩුකරගත හැකියි.

ඔබේ වාහනයේ අමතර රෝදයද හොඳ ආරක්ෂක උපකරණයක් බව දන්නවාද ? හොඳින් හුලං ගසා ඇති අමතර රෝදයකට දෙතුන් දෙනෙක් දියේ නොගිලී තබා ගැනීමට හැකිය. සැකයක් ඇත්නම් වතුරට දමා බලන්න.

ඔබේ කලිසම හෝ කමිසය හොදින් හුලං රැඳෙන රෙද්දකින් තනා ඇති දෙයක් නම් එහි එක් කොනක් ගැටගසා හුලං පුරවා ඔහු වෙත විසිකල හැක..

කලබලය නිසා මෙය කල නොහැකි බව කිසිවෙකුට තර්ක කල හැකි වුවත් හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණදීමේ පලමු පියවර කලබල නොවී සිටීම බව අමතක නොකල යුතුයි.

කිසිවෙකු හෝ දියේ ගිලෙන බව දැනගැනීමට ලැබුණු විට ක්ෂණිකව ඒ දෙසට දිවයාමට පෙර නිවසේ ඇති හිස් බැරලයක් හා ලණු පටක් හෝ රැගෙන යාමට අමතක කරන්න එපා.
එය අඩුම තරමින් ඔබේ ජීවිතය හෝ රැක දේවි.

කණගාටුවට කාරණය නම් මෙවැනි වටිනා දේවල් පාසල් වල විෂය නිර්දේශයට ඇතුල් නොවීමයි.. එසේ උනා නම් ජීවිත කීයක් නම් මේ වන විට බේරාගන්න තිබුනාද? අර දියේ ගිලෙන අයටත් ගොඩ ඉදන්ම උදව් කරන්න තිබුනා.. හැබැයි නොදැනුවත්කම නිසා ඒ අය කිසි දෙයක් කලේ නෑ..

එමෙන්ම මිනිසුන් දියට පැනීම සඳහා සුලභව භාවිත කරන පාලම් ඉවුරු ආදිය ආශ්‍රිතව මෙවැනි එකිනෙක ගැටගැසූ බෝතල් කිහිපයක්, පරණ වාහන ටියුබ් කිහිපයක් හෝ එකට ඈඳූ සෘජුෆෝම් බෝල කිහිපයක් වැනි සෑහැල්ලු පරිමාවෙන් වැඩි කුමක් හෝ දෙයක් එල්ල තැබිය හැකිනම් එය කාගේ හෝ ජීවිතයක් රැක ගන්නට මහත් උපකාරී වේවි..

අන්තිමට සාරාංශය,,

මිනිහෙක් ගිලෙන තැනක උඩබලන් ඉන්නවට වඩා මොලේ තියෙන අයට කරන්න වැඩ තියනවා..✋

ඔබ දෙයක් ඉගෙන ගත්තා නම්.. ඒක හිතට ගන්න.. තව කෙනෙක් දැනුවත් කරන්න අමතක කරන්න එපා.. එක ජීවිතයක් හරි බේරුනොත් එයට ඔබත් වක්‍රව දායක වන බව සිතන්න.. share කරන්න..

අන්තර්ජාලයෙන් හා සමහර ලිපි මගින් උපුටා ගන්නා ලදී.. ✋ For the public service ❤️

(මුල් ලිපියේ හිමිකරු නොදනිමි. ඔහුට මාගේ ප්‍රණාමය)
උපුටා ගැනීමක්

04/03/2022
Protein Sources 🥩🍖🍗🥚
21/02/2022

Protein Sources 🥩🍖🍗🥚

21/02/2022

👇

Address

Kuliyapitiya
60200

Telephone

+94717144611

Website

Alerts

Be the first to know and let us send you an email when WayoFit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WayoFit:

Share