BERNA

Website

BERNA The secret
of Sri lankan Tradition

10/11/2026
~මඟුල් ලකුණ~ස්වස්තික දෙකයසිරිවස දෙකයනදවට දෙකයසෝවැති දෙකයඅවතංස දෙකයවර්ධමාන දෙකයභද්‍රපීඨ දෙකයප්‍රාසාද දෙකයතොරණ දෙකයශ්වේතචත...
08/11/2026

~මඟුල් ලකුණ~

ස්වස්තික දෙකය
සිරිවස දෙකය
නදවට දෙකය
සෝවැති දෙකය
අවතංස දෙකය
වර්ධමාන දෙකය
භද්‍රපීඨ දෙකය
ප්‍රාසාද දෙකය
තොරණ දෙකය
ශ්වේතචත්‍ර දෙකය
බඩ්ග දෙකය
තාලවෘන්ත දෙකය
මයුරහස්ත දෙකය
චාමර දෙකය
උෂ්ණීෂ දෙකය
මණි දෙකය
සුමනදාම දෙකය
නීලෝත්පල දෙකය
රක්තෝත්පල දෙකය
රක්තපද්ම දෙකය
ශ්වේතෝත්පල දෙකය
ශ්වේතපද්ම දෙකය
පුන්කලස් දෙකය
පුණි පානු දෙකය
සමුද්‍ර දෙකය
චක්‍රවාට පර්වත දෙකය
හිමවත් පර්වත දෙකය
මහාමේරු පර්වත දෙකය
සූර්යමණ්ඩල දෙකය
චන්ද්‍රමණ්ඩල දෙකය
සපරිවාර සතර මහාද්වීප දෙකය
සපරිවාර සප්ත රත්න දෙකය
චක්‍රවර්ති රාජයෝ දෙදෙනාය
දක්ෂිණාවර්ත ශ්වේතශංඛ දෙකය
ස්වණි මත්ස්‍යයුගල දෙකය
චක්‍රායුධ දෙකය
සප්ත මහා ගංගා දෙකය
සප්ත මහා සීදන්තසාගර දෙකය
සප්ත මහා ශෛල දෙකය
සප්ත මහා තටාක දෙකය
සුපර්ණී රාජයෝ දෙදෙනාය
සුංසුමාර රාජයෝ දෙදෙනාය
ධවජ දෙකය
පතාක දෙකය
සවණි පර්වත දෙකය
සවණි වාල්විජිනි දෙකය
කෛලාශ පර්වත දෙකය
සිංහරාජයෝ දෙදෙනාය
ව්‍යාඝ්‍රරාජයෝ දෙදෙනාය
වලාහක අශ්වරාජයෝ දෙදෙනාය
උපෝසථ හස්ති රාජයෝ දෙදෙනාය
වාසුකී නාගරාජයෝ දෙදෙනාය
හංස රාජයෝ දෙදෙනාය
වෘෂභ රාජයෝ දෙදෙනාය
ඓරාවන හස්ති රාජයෝ දෙදෙනාය
ස්වණි මකර රාජයෝ දෙදෙනාය
චතුම්ඛ ස්වණි නෞකා දෙකය
වත්සක ධෙනුහු දෙ දෙනාය
කිම්පුරුෂයෝ දෙ දෙනාය
කින්නරාධිගනාවෝ දෙදෙනාය
කුරවීක රාජයෝ දෙදෙනාය
මයුර රාජයෝ දෙදෙනාය
කෞංච රාජයෝ දෙදෙනාය
චක්‍රවාක රාජයෝ දෙදෙනාය
ජීවං ජීවක රාජයෝ දෙදෙනාය
ෂඩ්විධ දිව්‍යලෝක දෙකය
ෂෝඩශවිධ බ්‍රහ්මලෝක දෙකය
යනාදි දෙසිය සොළසක් මඬිගල ලක්ෂණයෝ බුදුරජුන්ගේ
ශ්‍රීපාදතලයෙහි පිහිටා ඇත්හ.

මඟුල් ලකුණ නිමි.

Magul lakuna

#මඟුල්ලකුණ@top fans

07/11/2026

Journey with drums 🥁🎧

06/11/2026
06/11/2026

Sound balance 🎧🥁🤎💛🤎

වදන් පොතේ කන්ද කුමාර වර්ණනාව~තානු තරුණ අරුණ කිරණ බරණීන් සෑදි තේජනේභානු අසුර අසුරන් යුද ඔදවාඩි ගිරි          රාජනේමුණු සය...
06/11/2026

වදන් පොතේ කන්ද කුමාර වර්ණනාව~

තානු තරුණ අරුණ කිරණ බරණීන් සෑදි තේජනේ
භානු අසුර අසුරන් යුද ඔදවාඩි ගිරි රාජනේ
මුණු සයෙකි අත් දොළසෙකි මයුරා පිට වාහනේ
රුණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ

බලවර්දන තුගු පාබල සිරිනුත් ගිරි රාජනේ
නැගිදුරුපන අසුරන් දප බිඳහැරි සිහ රාජනේ
නොසවර්දන මුණු සයෙකි නැගි සිකිණිලු වාහනේ
ජයවර්දන නුවර පිහිටි කදිර දේව රාජනේ

සිද්ද රන්දුනු තදව ගනිමින් ඊරන් නියක් අරගෙනා
සද්ද වූ ලෙස ගොසය කරවා මාගුල් පෙරහැරයෙන් යනා
යුද්ද වන් තද රොසින් දස හිස් රාවනා බිඳ ජයගෙනා
ඇද්ද තව මට වෙන්නේ පිහිටෙක් කතරගම සුරිඳුන් වනා

කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරාණන්
සකල සිරිලක දෙවි නරන් හට පැවත එන සොම් සඳාණන්
පතුරුලන කෙනෙ ගොයම් විලසට නුවණ මට දෙන රජාණන්
රුදුරු රිපඳුරු පදට ගුරු මට කතරගම දෙවි රජාණන්

කදිරනේ නෙක බරණීනේ නීති සෑරුසුනේ ගිරි තෙදණීනේ
කළරනේ මණි දුනු ගෙහේ අත පොළමින් වැළලිය මෙනේ
විදිරනේ සෑර එකතීනේ සෑඩ අසුරුනේ දප මඩිමිනේ
කදිරනේ දෙවි උතුමනේ සවසිරි දෙනේ රකු මා දැණේ

කතරනේ රුව බබලමින් සිටි සුසැට බරණීන් සිරිසරා
අතරනේ දුනු රැගෙන නිතියෙන් මයුරා වාහනයට අරා
කොත රනේ රන් මාලිගාවට වැඩම කරවා විසිතුරා
කතරනේ දෙවි උතුමනේ මට නුවණ ගෙනදෙන් පින්පුරා

රුණු රට කදිරාපුරාදිප මුණුසය ඇති දෙවි රජාණනි
ආනුබාවෙන් මෙ මට නෙ සතර සිද්ද කර දෙන සමුරුරාණනි
භානු තෙදපල සව්සතුන් හට එළිය කර දෙන සොම් සඳාණනි
දි නුවණ සිරි දිනෙන් දින රකු කතරගම පුර දෙවි රජාණනි

සයුර මෙන් රළ නෙපුද පෙරහර ඉසුරුවන විමනේ සුරුන්
පතුරුවන තද තෙදින් අදපති මෙසිරිලක හිමි දෙවි නරන්
නිතර සෙත්කොට බලා දිවැසින් නොයෙක් රෝදුක් දුරු කරන්
පතර යසසිරි නුවණ දෙන් මට කදිර සුරිඳුනි සුර වරන්

Vadan potha

Ruhunu Maha Katharagama Dewalaya

Address

Umesh Eranga Dance Studio
Kolonnawa
1600

Opening Hours

Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when BERNA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share