Shan Gangahagedara Swimming Academy

21/03/2023
21/03/2023
12/01/2023
28/09/2022

🇱🇰 පහසුවෙන් පිහිනීමේ ක්‍රමය ඉතා සරළව...

Learn to swim as a beginner - Step 03..🏊‍♀️🏊‍♀️

22/09/2022

මිනිහෙක් දියේ ගිලෙනකොට පීනන් පුලුවන් කෙනෙකුට විතරමද එයාව බේරගන්න පුලුවන්.. නෑ.. ඇත්තටම ගොඩ ඉන්න අයටත් පුලුවන් එයලට උදව් කරන්න..

මිනිස් සිරුරේ ඝණත්වය සහ ජලයේ ඝණත්වය අතර තියෙන්නෙ ඉතා සුලු වෙනසක්.

ඒ නිසා ඔබේ සිරුරේ පරිමාව නිසා ලැබෙන උඩු කුරු තෙරපුමට අමතරව ලැබෙන සුලු උඩු කුරු තෙරපුම් සහයක් මගින් ඔබව දියේ නොගිලී තබාගන්න පුලුවන්.

කොටින්ම මූඩිය තදින් වැසූ හිස් මෙගා බෝතල් දෙක තුනකට මිනිහෙක් නොගිලී තබාගත හැකී.

පහුගිය කාලයේ දියේ ගිලෙන අය මුදාගන්න ක්ශණිකව දියට පැනපු කිහිප දෙනෙකුගෙම දිවි අහිමි උනා.ඒ ජීවිතාරක්ශක පුහුණුවක් හෝ ජීවිතාරක්ශක උපකරන වලින් තොරව ක්ශණිකව දියට පැනීම නිසා.

මිනිසුන් දියේ ගිලෙන සිදුවීම් වලට අදාල වීඩියෝ දර්ශන වල පේන්න තියෙන දෙයක් තමයි අදාල සිදුවීම් සිදුවෙන විට බොහෝ පිරිස් මෝටර් රථ පවා නවතාගෙන ඒ දෙස බලා සිටින බව.
මේ බොහොමයක් මෝටර් රථවල බීමට ජලය ගෙනයන ප්ලාසිට්ක් බෝතල් තියෙනව. හැබැයි කිසිම කෙනෙක් නිකමට වත් උදව් කරන්නේ නෑ.. ඒ තමයි නොදැනුවත්කම..

ක්ශණිකව ක්‍රියාත්මක වී ප්ලාස්ටික් බෝතල් කිහිපයක් සොයාගෙන එකට ගැටගසා දියේ ගිලෙන පුද්ගලයා වෙතට විසි කිරීම හෝ දියේ ගිලෙන්නා බේරාගැනීමට දියට පණින්නාට රඳවා ගැනීමට ලබාදීම මගින් අඩුම තරමේ එක් ජීවිතයක් හෝ අවධානම අඩුකරගත හැකී.

ඔබේ වාහනයේ අමතර රෝදයද හොඳ ආරක්ෂක උපකරණයක් බව දන්නවාද ? හොඳින් හුලං ගසා ඇති අමතර රෝදයකට දෙතුන් දෙනෙක් දියේ නොගිලී තබා ගැනීමට හැකිය. සැකයක් ඇත් නම් වතුරට දමා බලන්න.

ඔබේ කලිසම හෝ කමිසය හොදින් හුලන් රැදෙන රෙද්දකින් තනා ඇත් නම් දෙයක් නම් එහි එක් කොනක් ගැටගසා හුලන් පුරවා ඔබට විසිකල හැක..

කලබලය නිසා මෙය කල නොහැකි බව කිසිවෙකුට තර්ක කල හැකි වුවත් හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණදීමේ පලමු පියවර කලබල නොවී සිටීම බව අමතක නොකල යුතුයි.

කිසිවෙකු හෝ දියේ ගිලෙන බව දැනගැනීමට ලැබුණු විට ක්ශණිකව ඒ දෙසට දිවයාමට පෙර නිවසේ ඇති හිස් බැරලයක් හා ලණු පටක් හෝ රැගෙන යාමට අමතක කරන්න එපා.
එය අඩුම තරමින් ඔබේ ජීවිතය හෝ රැක දේවි.

කණගාටුවට කාරණය නම් මෙවැනි වටිනා දේවල් පාසල් වල විශය නිර්දේශයට ඇතුල් නොවීමයි.. එසේ උනා නම් ජීවිත කීයක් නම් මේවන විට බේරාගන්න තිබුනාද? අර දියේ ගිලෙන අයට ගොඩ ඉදන් උදව් කරන්න තිබුනා.. හැබැයි නොදැනුවත්කම නිසා ඒ අය කිසි දෙයක් කලේ නෑ..

එමෙන්ම මිනිසුන් දියට පැනීම සඳහා සුලභව භාවිත කරන පාලම් ඉවුරු ආදිය ආශ්‍රිතව මෙවැනී එකිනෙක ගැටගැසූ බෝතල් කිහිපයක්,පරණ වාහන ටියුබ් කිහිපයක් හෝ එකට ඈඳූ සෘජු ෆෝම් බෝල කිහිපයක් වැනි සෑහැල්ලු පරිමාවෙන් වැඩි කුමක් හෝ දෙයක් එල්ල තැබිය හැකිනම් එය කාගේ හෝ ජීවිතයක් රැක ගන්නට මහත් උපකාරී වේවි.. අන්තිමට සාරාංශය,, මිනිහෙක් ගිලෙන තැනක උඩබලන් ඉන්නවට වඩා මොලේ තියෙන අයට කරන්න වැඩ තියනවා..✋

ඔබ දෙයක් ඉගෙන ගත්තා නම්.. ඒක හිතට ගන්න.. තව කෙනෙක් දැනුවත් කරන්න අමතක කරන්න එපා.. එක ජීවිතයක් හරි බේරුනොත් එයට ඔබත් වක්‍රව දායක වන බව සිතන්න..

Copied from For the public service page

Address

Kirinda

Telephone

+94766623882

Website

Alerts

Be the first to know and let us send you an email when Shan Gangahagedara Swimming Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shan Gangahagedara Swimming Academy:

Share

Category