16/06/2026
මේ වෙනකොට cholesterol කියන්නෙ හෙම්බිරිස්සාව කැස්ස වගේ ගොඩක් අයට තියන රෝගයක් වෙලා කියල Fitgeek ට හිතෙනවා ඒකට හේතුව හම්බෙන බහුතරයකටම cholesterol තියනවා යාලුවනේ. ඉතින්
උදේම මේ පෝස්ට් එක එකතු කරන්න හිතුවෙ ඒ නිසයි. මොකද මම දැකල තියනවා සතියක් දෙකක් ව්‍යායාම කරද්දි මෙන්න මේ cholesterol සදහා ලබා දෙන බෙහෙත් ගන්න එක client නවත්‍තනවා තමන්ට ඕනෙ නිසා. එහෙම නවත්තන්න කලින් නවත්තනද අහන client ලත් ඉන්නවා coach ගෙන් නමුත් coach වැරදි guideline එකක් දෙන්නත් පුලුවන් මොකද ඔහුට මේ සම්බන්දයෙන් ඔබට උපදෙස් දෙන්න ඇත්තටම පුලුවන්ද ? අද අපි මේ ගැන කතා කරමු.
මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක ලියන්න මට වැදගත් වෙන මූලාශ්‍ර කීපයක් යොදාගන්නවා ඒ තමයි.
American Heart Association, NHS, ACC/AHA Cholesterol Guidelines සහ CDC Physical Activity Guidelines ටික. ඒවගේම මම වෛද්‍යමය පැත්තෙන් උපදෙස් ලබා දීමට මට නොහැකි නිසා වැඩිදුර උපදෙස් සදහා ඔබේ ඩොක්ටව හම්බෙන්න පුලුවන් නමුත් සාමාන්‍ය දැනුම සදහා මෙම ලිපිය කියවන්න කියල ඉල්ලීමක් මම ඔබෙන් කරන්නෙ.
ඉතින් මුලින්ම කියන්න ඕනෙ ඔයත් එහෙම නවත්තපු නවත්වන්න හිතන කෙනෙක් නම් Fitgeek ගෙ උපදෙස තමයි නවත්තන්න කලින් අනිවාර්‍යෙන්ම doctor එක්ක අනිවාර්යයෙන් කතා කරන්න.
මොකද Exercise පටන් ගත්තා කියලා cholesterol medicine එක නවත්වන්න හොඳයි කියන එක හොද අදහසක් නෙවෙයි.ඔව් Fitgeek පිලිගන්නවා Exercise එක වැදගත්, නමුත් statins/LDL-lowering medicines වල වැඩේ මේ cholesterol අඩු කිරීමම විතරක් නෙමෙයි හොදේ. LDL cholesterol අඩු කරලා artery තුළ plaque build-up වීම අඩු කිරන නිසා heart attack/stroke අවදානම අඩු කරනවා. ඉතින් ඒ නිසා AHA/NHS වගේ මූලාශ්‍රවලට අනුව statins long-term ගන්න සිදුවෙන අය ඉන්න පුලුවන් ඉතින් නවත්තද්දී cholesterol නැවත ඉහළ යන්න පුළුවන් ඔයාල ව්‍යායාම කරත්.
ඒ නිසා බෙහෙත doctor කිව්ව විදිහට දිගටම ගන්න ඕනෙ Fitgeek එක්ක එකතු වෙන යාලුවො අනිවාර්‍යෙන්ම , ඒවගේම අනිවාර්‍යෙන්ම හොද කෝච් කෙනෙක් තෝරගෙන exercise සහ diet changes කරන්න ඔහුගෙ උපදෙස් අනුව, පසුව lipid profile/LDL test එක 4-12 weeks අතර නැවත කරලා doctor එක්ක dose අඩු කරන්නේද, වෙනස් කරන්නේද, නැවත නවත්වන්නේද තීරණය කරන්න පුලුවන් ඔයාලට.
ඒවගේම AHA එකේ recommendation එකට අනුව නම් Fitgeek හොයාගත්තෙ එයාලගෙ මේ excercise recommendation එක අනිවාර්‍යෙන්ම Exercise target එකක් ලෙස සතියකට විනාඩි 150 වගේ moderate-intensity activity එකක් කරන්න ඒවගේම සතියකට දින 2ක් strength training එකතු කරගන්නත් අමතක කරන්න එපා. මොකද ඒක ඔයාලගෙ HDL, triglycerides, blood pressure, insulin sensitivity වගේ දේවල් improve කරනවා. නමුත් ඉතින් මෙහෙම කරන එක ඒක prescription medicine එකට replacement එකක් නොවෙයි කියලත් ඕන් Fitgeek ඔයාලට මතක් කරන්න ඕනෙ.
ඉතින් ඔන්න සරලම උත්තරය ඔයා මගේ client නම් ඔයා මගෙන් ඇහුවොත් ව්‍යායාම සහ ආහාර පාලනය කරන අතරෙ.
කෝච් Exercise පටන් ගත්තා කියලා Cholesterol medicine නවත්වන්න හොඳද කියල.
මගේ කෙටි උත්තරය: Doctor කියන්නේ නැත්නම් නවත්වන්න එපා.
ඒවගේම fitness coach කෙනෙක් විදිහට ,පොඩි advice ටිකක් දෙන්නම් මේ තමයි මගේ දීර්ග උත්තරය ඔයාගෙ ගැටලුවට.
1. Doctor කිව්ව විදිහට medicine එක දිගටම ගන්න.
2. Regular exercise පටන් ගන්න.
3. Saturated fat අඩු කරලා, vegetables, fruits, whole grains, fish, nuts, fibre වැඩි කරන්න.
4. Smoking/vaping කරනවනම් නවත්වන්න.
5. සති 4-12කට පස්සේ lipid profile එක නැවත check කරලා doctor එක්ක results discuss කරන්න.
6. Dose අඩු කරනවද, වෙන medicine එකකට යනවද, නැත්නම් දිගටම ගන්නවද කියලා doctor තීරණය කරයි.
සැයු : හැබැයි ඉතින් මේ මොනවත් නැතුව ඔයාලගෙ trainer ගෙ උත්තරය "අපෝ දැන් ඕව ඕනෙ නෑ නවත්තන්න ව්‍යායාම කරනවනෙ අපි 👽 "කියල කියනවනම් අනිවාර්‍යෙන්ම නවත්තන්න ඒ medicine නෙමෙයි ඒ trainer යටතේ පුහුනුවීම් කරන එක.
එහෙනම් ජයවේවා. මම හිතනවා මෙය වටිනා ලිපියක් වෙයි කියල Fitgeek ඔයාල වෙනුවෙන් ලියපු.
ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)
#සින්හලෙන්ෆිට්නස් #කොලෙස්ටරෝල්