30/08/2026
මේ ඩොක්ට අක්ක කියන විදිහට ජිම් විතරක් ගිහින් මදිලු ,ඩයට් කරලත් මදිලු මෙන්න මේ පිල් එක බොන්නත් ඕනෙලු. මේ ඉන්නෙ නියම Scammers ල තමයි. වීඩියෝ එක අන්තිමට කියනව මේ මේ ඩයට් එකකුත් හරියට කරන්න ඕනෙ හලෝ කියලත් ලැජ්ජ නැතුව.
ඉතින් ඩයට් එකක් හරියට කරානම් හරිනෙ. තමන්ට හරියට කෑම පාලනය කරගන්න බැරි නිසා මේ ටැබ්ලට් එකක් මත දාල ඒක දාල විකුනන්න හදන එක මේ ඩොක්ට ලෝගුවටයි වෙද නලාවටයි හැන්ගිලා කරන ජරා වැඩක් විදිහට Fitgeek නම් දකින්නෙ.ඔව් ඉතින් මේ දවස්වල මිනිස්සු හැමෝටම අමාරුයි තමයි එහෙම කියල තමන්වත් පාවිච්චි කරන්නෙ නැති, කවුරුවත් පාවිච්චි කරලත් නැති, වීඩියෝ එක පහලින් fake account වලින් බොරු කමෙන්ට් දාල "මට වැඩ කරනවා " කියල ටැබ්ලට් promote කරන අය තමයි නියම scammers ල කියන්නෙ.
පරිස්සමෙන් ලමයි ඒක නිසා තමයි හැමදාම කියන්නෙ ඩොක්ට උනත් , ඇග හැදුව උනත්, කොච්චර වීව්ස් තිබ්බත් සල්ලි වලට රහ වැටුනම ඉතින් තමන්ගෙ එකෙක්ට උනත් වහ දෙන්න දෙපාරක් හිතන්නෙ නැති
නැති සමාජයක අපි ඉන්නෙ.
ඒවගේම අනිත් පැත්තටත් බර අඩු වෙනවනම් , ඇග හැදෙනවනම් , 6 පැක් එනව කියල claim කරනවනම් මොකක් හරි method එකකින් කිසිම evidance හරි research එකකින් හරි පිලිගත හැකි backup හරි නැතුව ලේසියෙන් ඔය කියන ඕනෙම ජහ ජරා දෙයක් දෙපාරක් හිතන්නෙ නැතිව ගන්න ගව සම්පතකුත් අපිට ඉන්නවා. පස්සෙ අඩාගෙන කමෙන්ට් කරනවා අය්යෝ මට අරක උනානෙ මේක උනානෙ , සල්ලි නැති කරගෙන විතරක් බේරුනම් ඇති කියල මම ප්‍රාර්තනා කරනවා ඒ අයටනම්. ඇයි ඔයාලට තේරෙන්නෙ නැද්ද අන්න ඔය ඔයාලගෙ තියෙන ඒ සොයාබලා නොගන්න එක තමයි මේ scammers ලගෙ දියුනුවේ රහස.
ඉතින් පස්සෙ කාලෙක උන් දියුනු වෙලා motivational වීඩියෝස් දානවා. මම බින්දුවෙ ඉදන් නැගිට්ට කිය කිය අන්තිමට බලද්දි ඌ නම් බින්දුවෙ ඉදන් මේවහේ නැගිටල ඌගෙ product එක නිසා ඔයාල ඔක්කොම එක එක රෝග හදාගෙන දන ගගා හොස්පිටල් ගානෙ යනවා බේත් ගන්න තියන ඉතුරු සල්ලි ටිකත් වියදම් කරගෙන් ඔන්න ඕකයි තත්වෙ.
ඉතින් පොඩ්ඩක් හරි හොයල බලල ඇගට දාගන්න දෙයක්, ගාගන්න දෙයක් ගන්න. ඔහොම හොයන්නෙ බලන්නෙ නැතුව ඔයාල වාහනයක් , පෝන් එකක් ගනීද ? නෑනෙ ඉතින් ඒවගේ දේවල් එක්ක බලද්දි තමන්ගෙ ශරීරය කියන්නෙ වාහන ,පෝන් , ඉඩම් කඩම් වලට වඩා ආයෙ replace කරන්න බැරි දෙයක් කියල ඇයි ඔයාලට තේරෙන්නෙ නැත්තෙ කියන එක මට හරිම පුදුමයි.
මීට ,
අවුරුදු 12ක කාලයක් පුරාවට කිසිම සප්ලිමන්ට් එකක් , මැජික් බේතක් මේ වෙනකන් විකුනලා නැති සහ ඒ නිසා කොන්ද කෙලින් තියන් ඒගැන කතා කරන්න පුලුවන් මම Fitgeek. (මෙහෙම කියන්න පුලුවන් අය හරි අඩුයි හොදේ 😉)