20/04/2026
Mora kids 2026
මේම තරගවාලිය නියෝජනය කරමින් ජයග්‍රහනය කරපු සියලුම දරුවන්ට හදවතින්ම සුබ පතනවා, තරග වලට ඉදිරිපත් උන හැමෝටම මේක හොද අවස්තාවක් වගේම හොද අත්දෑකීමක්... දරුවෝ හැමෝටම ඉදිරි අනාගතයේදී තවත් ජයග්‍රහන ලබා ගනිමින් ක්‍රීඩාවේ ඉහලටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.... ❤️🙏🙏🙏
C.m.h acedmy එකේ පුහුනුවීම් ලබන දරුවන් කිහිප දෙනෙක්ම තමන්ගේ වෙලාව කැප කරල මේ පොඩි දරුවෝ වෙනුවෙන් මේ දවස් දෙක කැප උනා, ඒ වගේම පුහුනුවීම් කාලය තුලදී දරුවන් පිරිස වැඩි උනාම practice කරන්න yomesh මට ගොඩක් උදව් කලා.. ඒ වගේම සසුලිගේ දෙමාපියන්, මිහින්දිගේ දෙමාපියන් Samuduni Chandrapala මට ලොකු ශක්තියක් උනා දරුවෝ මේ තරගයට එක්කන් යන තැනට වැඩ ටික කරගන්න,
තමන්ගේ පෞද්ගලික කාලය, දනය වියදම් කරමින් දරුවන් සියලුම දෙනා වෙනුවෙන් පැමිණි දෙමාපියන්ට ගොඩාක් ස්තූතී... 🙏🙏🙏... දෙමාපියෝ හැමෝගෙන්ම ලැබුන දායකත්වය නිසයි මේ හැමදේම කිසි ප්‍රශ්නයක් නොවී නිමා කරගන්න පුලුවන් උනේ... ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි..
ගොඩක් දරුවොයි දෙමාපියනුයි මගෙ ඇහුවා c.m.h කියන එකේ තේරුම මොකද්දා කියලා,
මම athletic traning පටන් ගන්නේ 2025.,ජනවාරි 2, විහාරමහාදේවි පාසලේ පුහුනුකරු විදියට. පාසලේ මට හිටියේ ලමයි දෙන්නයි පුහුනුවීම් කරන්න.. මාස 3ක් මම ඒ ලමයි දෙන්නම පුහුනුවීම් කරවනවා... ඊට පස්සේ ඒ දරුවෝ දෙන්නා වෙනුවෙන් මම පාසලෙන් බැහැරව වැඩිදුර පුහුනුවීම් කරන්න පටන් ගත්තා... 2025. අප්‍රේල් මාසයේ mora kids meet එක ගැන දැනගන්න ලැබෙනවා. ( මම පුහුනුකරුවෙක් විදියට යන පලවෙනි සමස්ත ලංකා තරගය).. ඒ meet එක කරන්න වෙන්නේ academy එකකින්, නමුත් ලමයි දෙන්නෙක්ව පුහුනුවීම් කරවපු මට කොහෙන්ද academy එකක් කරන්න තරම් ලමයි, ඒ උනාත් මම මගේම කියලා academy එකක් ආරම්භ කරනවා... ඒ වෙද්දී මගේ ලග පුහුනුවීම් ආවේ මිහින්දි හා හිරුන්දි දරුවෝ දෙන්නා පමනයි..
C - chathura
M - mihindi
H - hirundi ( c.m.h කියන්න එකෙ තේරුම තමයි මේ )
පලවෙනි mora kids meet එකෙ
under 14n grils hight Jump 3rd places එක දිනාගන්න් මිහින්දිට පුලුවන් වෙනවා, පුහුනුකරුවෙක් විදියට private meet එකක ලබාගත් පලමු ජයග්‍රහනය..
නමුත් 2026 දී දරුවන් 54ක් මෙම තරග මාලව නියෝජනය කිරීමට පිලුවන් උනා,,, ඒ දෙමාපියන්ගෙන් ලැබුන සහයෝගයත් එක්ක...
ඒ වගේම තරගාවලි වාර්ථාවක් c.m.h නම ඉදිරියේ සටහන කරන්න යසිදුට පුලුවන් වෙනවා. 400m gold medal එක දිනන්න මිහින්දිට පුලුවන් වෙනවා.. ලොකු තරගයකින් පසු නොතිබුනු ජයග්‍රහනක් c.m.h නමින් සටහන් කරන්න ( 400 × 4 )
තරගයට ඉදිරිපත් වුන දරුවන්ට පුලුවන් වෙනවා.
Gold medal 2
Silver medal 4
Browns medal 11ක් දිනා ගන්න දරුවන්ට හැකියාව ලැබෙනවා... මාස 1 1/2ක් වගේ කෙටී කාලයක් පුහුනුවීම් කරලා මේ වගේ ජයග්‍රහන ලබා ගැනීමට හැකිවීම ගැන මා ඉතා සතුටු වෙමි...
ඒ මගේම Sudira Nilanga සුදිර සර්, අපි දෙන්නම එකට එකතු වෙලයි පුහුනුවීම් කරන්නේ. මේ ගමන යන්න මට ලොකු ශක්තියක් උනා, ගොඩාක් ස්තූතී... ❤️🙏❤️
පුහුනුවීම් කාලය තුලදී හා තරගය පැවැත්වූ දින 2 තුලදි මම දරුවන්ට ටිකක් සැර වෙමින්, හා දඩුවන් දෙමින් සිටියේ ඔවුන්ව එක් රැහැනකට තබා ගැනීමට අවශ්‍ය නිසාවෙනී... එසේ දඩුවම් කිරීම නිසාවෙන් කාගේ හෝ හිත් රිදීමක් සිදුවූයේ නම් සමාව ඉල්ල සිටිමි...
මෙම තරගමාලාවට මාහට උදව් උපකාරකල නම් කී, නොකී හැමදෙනාටම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා...
මාගේ අතින් යම්කිසි අඩුපාඩුවක් වැරැද්දක් සිදුවූයේනම් එයටද සමාව අයදිමි...
දරුවන්ගේ අධ්‍යාපන ගැන දෙමාපියන් වැඩිපුර සැලකිලිමත් වෙන්න, පාඩම් කරන්නේ නෑ කිලයා ක්‍රීඩාව නතර කරන එක නෙවෙයි විසදුම...