𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗥𝗮𝘄𝗮𝘆𝗮

𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗥𝗮𝘄𝗮𝘆𝗮 ᴄʀɪᴄᴋᴇᴛ ʀᴀᴡᴀʏᴀ | 🏏
ᴡʜᴇʀᴇ ᴄʀɪᴄᴋᴇᴛ ɴᴇᴠᴇʀ ꜱᴛᴏᴘꜱ... 🔥

🚨BREAKING | T20I නායකත්වය අසලංකට! 👑🏏එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉදිරි T20I තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම...
04/09/2026

🚨BREAKING | T20I නායකත්වය අසලංකට! 👑🏏

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉදිරි T20I තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවරෙයි! 🇱🇰🔥

🚑 කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු තරගාවලියට නෑ!

LPL 2026 අතරතුර ඇති වූ ආබාධ හේතුවෙන් දෙදෙනාම තවදුරටත් පුනරුත්ථාපන කටයුතුවල නිරත වන බැවින් එංගලන්තයට එරෙහි T20I තරගාවලියට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

🔹 කුසල් මෙන්ඩිස් – දකුණු පාදයේ Hamstring ආබාධයක්
🔹 බිනුර ප්‍රනාන්දු – පිටුපස ආබාධයක්

ඒ අනුව T20I සංචිතයේ සිදුකර ඇති වෙනස්කම්:

➡️ පවන් රත්නායක – කුසල් මෙන්ඩිස් වෙනුවට
➡️ දිල්ෂාන් මධුශංක – බිනුර ප්‍රනාන්දු වෙනුවට

👑 චරිත් අසලංක – ශ්‍රී ලංකා T20I නායකයා! 🇱🇰🔥

🏆🔥 Player of the Match – දසුන් ශානකගේ සුපිරි ඉනිම පිටුපස තිබුණු සැලැස්ම! 🇱🇰🗣️ දසුන් ශානක:“මුලින්ම මගේ සැලැස්ම වුණේ පන්දු...
04/09/2026

🏆🔥 Player of the Match – දසුන් ශානකගේ සුපිරි ඉනිම පිටුපස තිබුණු සැලැස්ම! 🇱🇰

🗣️ දසුන් ශානක:

“මුලින්ම මගේ සැලැස්ම වුණේ පන්දුවේ merit එක අනුව සහ field placements අනුව ක්‍රීඩා කිරීමයි. ලකුණු 30ක් වගේ ලබාගත්තට පස්සේ wicket එක හොඳයි කියලා මට දැනුණා. ඒ නිසා මගේ hitting arc එකට පන්දුව ආව හැම අවස්ථාවකම chance එක ගන්න තීරණය කළා.” 🔥

“වාසනාවකට අද රෑ හැමදේම මට හරි ගියා.” 😮‍💨💥

ඒ වගේම තමන්ව batting order එකේ ඉහළට යැවීම ගැන දසුන්, නායක Jason Holder සහ coachට විශේෂ ස්තූතියක් පළ කළා. ❤️

🗣️ “ඒ තීරණය ඇත්තටම coach සහ captain දෙන්නාම එකතුවෙලා ගත්ත එකක්. මට ඉහළින් batting කරන්න අවස්ථාව ලබාදුන්නට මම ඔවුන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”

කැරිබියන් තණතීරු සකස් කරන ground staff ගැනත් දසුන් විශේෂයෙන්ම කතා කළා. 🏏🌴

🗣️ “ඔවුන්ට ලොකු hug එකක් දෙන්න ඕනේ! හොඳ wickets සකස් කරන්න ඔවුන් ගොඩක් මහන්සි වෙනවා. ඇත්තටම මම Caribbean වල batting කරන්න ගොඩක් enjoy කරනවා. මෙහි surfaces fantastic!” 🔥

💯 පන්දු 39ක වේගවත්ම CPL ශතකය… 121 ලකුණු… Player of the Match!*

දසුන්ට ඉහළ batting position එකක් ලබාදීමේ තීරණය නම් සම්පූර්ණයෙන්ම හරි ගියා! 😮‍💨🔥🇱🇰

🚨 𝗪𝗢𝗥𝗟𝗗 𝗥𝗘𝗖𝗢𝗥𝗗 🥇 ➡️ කැරිබියන් දූපත් අතරේ ලෝක වාර්තාවක් තැබූ දසුන් ශානක! 😮🔥🇱🇰කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පිතිකරුවෙ...
04/09/2026

🚨 𝗪𝗢𝗥𝗟𝗗 𝗥𝗘𝗖𝗢𝗥𝗗 🥇 ➡️ කැරිබියන් දූපත් අතරේ ලෝක වාර්තාවක් තැබූ දසුන් ශානක! 😮🔥🇱🇰

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය රැස් කිරීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අද (04) සමත් වුණා! 💥💯

දසුන් ශතකයට ළඟා වූයේ පන්දු 39කින් වන අතර, ඔහු බිඳ දැමුවේ 2018දී ඇන්ඩෘ රසල් තැබූ පන්දු 40ක වාර්තාවයි. 🔥

🥇 දසුන් ශානක — පන්දු 39 (2026)
🥈 ඇන්ඩෘ රසල් — පන්දු 40 (2018)
🥉 ටිම් සයිෆර්ට් — පන්දු 40 (2025)
🥉 ශිම්රොන් හෙට්මයර් — පන්දු 40 (2025)

තමන්ගේ පළමු CPL තරගාවලියේදීම, තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් දසුන් ශානක තැබුවේ අමතක නොවන සලකුණක්! ❤️🇱🇰

අගය කරන්නම ඕනේ performance එකක්! 👏🔥

🚨💯 දසුන් ශානකගෙන් CPL ඉතිහාසය අලුත් කළ සුපිරි ශතකයක්! 🔥🇱🇰දසුන් ශානක පන්දු 39කින් ශතකය වාර්තා කරමින් CPL ඉතිහාසයේ වේගවත්ම...
04/09/2026

🚨💯 දසුන් ශානකගෙන් CPL ඉතිහාසය අලුත් කළ සුපිරි ශතකයක්! 🔥🇱🇰

දසුන් ශානක පන්දු 39කින් ශතකය වාර්තා කරමින් CPL ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස් කළා! 🤯💥

🔥 121 Runs*
🏏 43 Balls
💯 Century off 39 Balls

🔥🇱🇰 Major Club 50 Over තරගාවලියේ අද දවසේ සුපිරි දස්කම්! 🏏🏏 ජනිත් ලියනගේ – Bloomfield💯 165 (130)🏏 ලසිත් කෲස්පුල්ලේ – CCC🔥...
03/09/2026

🔥🇱🇰 Major Club 50 Over තරගාවලියේ අද දවසේ සුපිරි දස්කම්! 🏏

🏏 ජනිත් ලියනගේ – Bloomfield
💯 165 (130)

🏏 ලසිත් කෲස්පුල්ලේ – CCC
🔥 148 (125)

🏏 කමිඳු මෙන්ඩිස් – CCC
💥 139 (129)

⚾ වනුජ සහන් – Ace Capital
🎯 6/34 (10)

Major Club 50 Over පිටියේ පිතිකරුවන්ගෙන් දැවැන්ත ඉනිම් කිහිපයක් වගේම, වනුජ සහන්ගෙන් සුපිරි කඩුලු 6ක පන්දු යැවීමක්! 🔥🇱🇰

🚨ආබාධයකින් පසු ක්‍රීඩකයෙකු නැවත සංචිතයට තෝරාගැනීමට පෙර තරගයකදී තම fitness ඔප්පු කළ යුතු බව selection policy එකේ සඳහන් වු...
03/09/2026

🚨ආබාධයකින් පසු ක්‍රීඩකයෙකු නැවත සංචිතයට තෝරාගැනීමට පෙර තරගයකදී තම fitness ඔප්පු කළ යුතු බව selection policy එකේ සඳහන් වුවත්, කුසල් මෙන්ඩිස් තරගයක්වත් ක්‍රීඩා නොකර එංගලන්ත සංචාරයේ ODI සහ T20I කණ්ඩායම් දෙකේම නායකයා ලෙස නම් කර තිබෙනවා.

Daily FT වාර්තාවට අනුව, කුසල් මේ වන විට batting, wicket-keeping සහ running sessions වල නිරත වුවද, තවමත් 100% match intensity එකකට යොමු කර නැහැ.

කෙසේ වෙතත් physioගේ උපදෙස් මත ඔහු දේශීය තරග ක්‍රීඩා කිරීමෙන් වැළකී සිට ඇති අතර, එංගලන්තයේදී England Lions සමඟ පැවැත්වෙන සැප්තැම්බර් 11 සහ 13 warm-up T20 තරගවලදී match fitness ඔප්පු කිරීමට නියමිතයි. 🏏

🌏 SENA රටවල Asian batting ආධිපත්‍යය! 🏏🔥Rohit Sharma, Kusal Perera, Babar Azam සහ KL Rahul — SENA රටවලදී format තුනේම ශතක...
03/09/2026

🌏 SENA රටවල Asian batting ආධිපත්‍යය! 🏏🔥

Rohit Sharma, Kusal Perera, Babar Azam සහ KL Rahul — SENA රටවලදී format තුනේම ශතක වාර්තා කළ එකම ආසියානු පිතිකරුවන් හතරදෙනා! 🤯💯

🇮🇳 Rohit Sharma
🇱🇰 Kusal Perera
🇵🇰 Babar Azam
🇮🇳 KL Rahul

මේ සුවිශේෂී ලැයිස්තුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ Kusal Janith Perera පමණයි! 🇱🇰❤️👑

🚨 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු Women’s Asia Cup තරගාවලියේදී ඉන්දුනීසියාවට එරෙහිව අතිවිශිෂ්ට ප...
03/09/2026

🚨 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු Women’s Asia Cup තරගාවලියේදී ඉන්දුනීසියාවට එරෙහිව අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ක්‍රිකට් පිටිය දෙවනත් කළා! 🤯🇱🇰

🎯 පන්දුවාර 3.3
💥 ලකුණු 5ක් පමණයි
🔥 කඩුලු 7ක්!

එකම පන්දු යැවීමකින් ඉන්දුනීසියානු පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමූ චමරි, ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 49කට සීමා කිරීමට විශාලතම දායකත්වය ලබාදුන්නා. 🥶

සාමාන්‍යයෙන් පිත්තෙන් තරග තනිවම ජයග්‍රහණය කරවන චමරි… අද නම් පන්දුව අතට අරගෙනත් යකා නැටුවා! 😤🔥

🦁 7/5 IN JUST 3.3 OVERS!

මේක තමයි අපේ නායිකාවගේ ALL-ROUND POWER! 🇱🇰❤️

🚨 මේ තීරණය ගැන මොකද හිතන්නේ ?? England T20I series එකට පවන් රත්නායක ඇතුලත් කරලා නැ... නමුත් ඔහු සුපුරුදු පරිදි එක්දින සං...
02/09/2026

🚨 මේ තීරණය ගැන මොකද හිතන්නේ ??

England T20I series එකට පවන් රත්නායක ඇතුලත් කරලා නැ... නමුත් ඔහු සුපුරුදු පරිදි එක්දින සංචිතයට ඇතුලත් වෙනවා... ❤️‍🔥

🚨ඉන්දියාවට එරෙහිව පැවති විශිෂ්ට ටෙස්ට් තරගාවලියෙන් පසුව සොනාල් දිනූෂ සහ පසිඳු සූරියබණ්ඩාර ICC Test Batting Rankings තුළ ...
02/09/2026

🚨ඉන්දියාවට එරෙහිව පැවති විශිෂ්ට ටෙස්ට් තරගාවලියෙන් පසුව සොනාල් දිනූෂ සහ පසිඳු සූරියබණ්ඩාර ICC Test Batting Rankings තුළ කැපී පෙනෙන ඉදිරි පිම්මක් ලබාගෙන තිබෙනවා! 🔥

🚀 සොනාල් දිනූෂ

📈 පෙර ස්ථානය — 183
🔥 නව ස්ථානය — 25

එනම් ස්ථාන 158ක දැවැන්ත ඉදිරි පිම්මක්! 🤯👏

එමෙන්ම, ශ්‍රී ලංකා පිතිකරු පසිඳු සූරියබණ්ඩාර ද පළමු 100 දෙනා අතරට පිවිසීමට සමත්ව තිබෙනවා. 🇱🇰🔥

📈 පෙර ස්ථානය — 244
🚀 නව ස්ථානය — 74

ඒ අනුව පසිඳු, ස්ථාන 170ක ඉදිරි පිම්මක් ලබාගෙන ICC Men’s Test Batting Rankings හි Top 100 අතරට එක්වුණා! 💪🦁

අනාගත ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරණ බලඇණියේ මේ තරුණ දක්ෂතා දෙන්නාගෙන් තවත් විශාල දේවල් බලාපොරොත්තු වෙමු! ❤️🇱🇰

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗥𝗮𝘄𝗮𝘆𝗮 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share