28/08/2026
💥 𝗧𝗛𝗘 𝗥𝗢𝗔𝗥 𝗜𝗦 𝗥𝗘𝗔𝗟… 𝗧𝗛𝗘 𝗥𝗘𝗦𝗨𝗟𝗧 𝗜𝗦 𝗛𝗜𝗦𝗧𝗢𝗥𝗬! 💥
They came with a plan…
𝗪𝗘 𝗖𝗔𝗠𝗘 𝗪𝗜𝗧𝗛 𝗔 𝗦𝗧𝗢𝗥𝗠! 🌪️🏏🔥
Every run. Every wicket. Every moment…
𝗪𝗘 𝗙𝗢𝗨𝗚𝗛𝗧 𝗟𝗜𝗞𝗘 𝗧𝗜𝗧𝗔𝗡𝗦! 😤⚔️
🏆 𝗔𝗡𝗢𝗧𝗛𝗘𝗥 𝗕𝗔𝗧𝗧𝗟𝗘.
🔥 𝗔𝗡𝗢𝗧𝗛𝗘𝗥 𝗩𝗜𝗖𝗧𝗢𝗥𝗬.
🖤 𝗧𝗛𝗘 𝗧𝗜𝗧𝗔𝗡𝗦 𝗠𝗔𝗥𝗖𝗛 𝗢𝗡!
𝗢𝗡𝗘 𝗗𝗥𝗘𝗔𝗠 • 𝗢𝗡𝗘 𝗧𝗘𝗔𝗠 🖤🏏
🏆🔥🏏
ගිය වසරේ අප කණ්ඩායම සහභාගී වූ 19 වන තරඟය උදුවප් මස සීතල නත්තල් දිනයේ ගම්පොළ වික්‍රමභාහු විද්‍යාල ක්‍රීඩාංගණයේදී Havelock කණ්ඩායමට එරෙහිව පැවැත් විය. කාසියේ වාසිය ජයගැනීමෙන් අනතුරුව, අප කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව, Dineth Theekshana සහ Isura madubashana ආරම්භක පිතිකරුවන් ලෙස අර්ධ ශතක සබඳතාවයක් පවත්වන ලදී. Isura madubashana ලකුණු 22ක් ද, Dineth Theekshana වේගවත් ලකුණු 31ක් ද ලබා ගන්නා ලදී.
අප කණ්ඩායමේ කඩුලු 4ක් ඉක්මනින් දැවී ගොස්, පීඩනයට ලක්ව සිටි අවස්ථාවේ, පිටියේ එක්වූ නායක Sasanka Nawarathne සහ Gandush Keshana අප කණ්ඩායමේ ඉනිම සෙමින් ඔසවා තබමින් ස්ථාවර කරන ලදී. ඉනිමේ නංගුරම බවට පත්වූ නායක Sasanka Nawarathne පිටිය පුරා අලංකාර පහරවල් එල්ල කරමින් පන්දු 87ක් තුළ ලකුණු 100ක් ලබා ගන්නා ලදී.
මෙම ශතකය අප කණ්ඩායමේ පිතිකරුවෙකු ලබාගත් දෙවන ශතකය වන අතර, එයට 4 පහර 10ක් සහ දැවැන්ත 6 පහර 3ක් අන්තර්ගත විය. එයට මනා සහයෝගයක් ලබාදුන් Gandush Keshana පන්දු 54කින් ලකුණු 50ක් ලබාගන්නා ලදී. එම අර්ධ ශතකයට 4 පහර 5ක් අන්තර්ගත විය. ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ Asanka Bandara වේගවත් ඉනිමක් දියත් කරන ලදී. ඔහුගේ ඉනිම පන්දු 21කදී ලකුණු 57ක් වූ අතර එම ඉනිම 4 පහර 1ක් සහ දැවැන්ත හයේ පහර 7කින් සමන්විත විය. Asanka Bandarage මෙම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 271.43ක් වූ අතර එයට වඩා මෙම ඉනිම ,ක්‍රීඩාංගනයට පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණු ඉනිමක් බවට පත්වූ බව නොඅනුමානය. විශිෂ්ට ඉනිම් තුනකින් වර්ණවත් වූ අප කණ්ඩායමේ පිතිකරණය නියමිත පන්දු වාර 40 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 333ක් ලෙස දැක්විය.
මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹා යාම සඳහා පිටියට පිවිසි Havelock CC කණ්ඩායමට කිසිවිටකත් සාර්ථක වීමට අප පන්දු බලඇණිය ඉඩ ලබා නොදුන්නේය. Havelock CC කණ්ඩායමේ පන්දු බලඇණිය මෙන්ම පිතිකරණ බලඇණිය අන්ත අසරණ තත්ත්වයකට ඇද දැමූ අප පන්දු යවන්නන් Havelock CC ඉනිම පන්දු වාර 22යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 89කට පමණක් සීමා කරන ලදී. Havelock CC කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙක් පමණක් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අප පන්දු යවන්නන් වග බලා ගන්නා ලදී. අප කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන Harendra B Mahagedara, නව පන්දුවේ දෝලනයත් සමඟ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ඔහු තම පන්දු වාර 5 අවසානයේ නිලකුණු පන්දු වාරයක්ද සමඟ ලකුණු 19ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදී කඩුලු තුනක් ගොදුරු කරගන්නා ලදී. Asanka Bandara, Thushara Namal, Inshaf, Anuruddha Bandara, Isura madubashana, Kasun Rathnayake අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. ඒ අනුව අප කණ්ඩායම ක්‍රීඩා කරනු ලැබූ 19 වන තරඟය, Havelock CC කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු 244ක ජයග්‍රහණයක් අත්කරගන්නා ලදී.
මෙම ජයග්‍රහණය ඉතිහාසගත වන්නේ අප කණ්ඩායම විසින් මෙම වසරේම මාර්තු මස පැවති Falcon CC කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 240ක ජයග්‍රහණය අභිබවා යමිනි. මෙම වසරේ අප කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ අතරින් ලකුණු 200ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවකින් ජය ලැබූ දෙවන තරඟය මෙය වන අතර ලකුණු 100ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් ජය ලැබූ 06 තරඟය ද වේ. මෙම තරගය සංවිධානය කිරීම වෙනුවෙන් අප කණ්ඩායමේ කළමනාකරු Harendra B Mahagedara මහතාට සහ Havelock CC කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයන් හට ස්තූතිය පළ කිරීමට කැමැත්තෙමු. තවත් මෙවැනි තරඟ විස්තරයකින් ඉක්මනින් හමුවෙමු.