07/08/2026
ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන්ලෝස් කුසලානය ජයග්‍රහණය යනු පාසල් ශිෂ්‍ය භටයෙකුට,භට ඛන්ඩයකට ලැබිය හැකි ඉහළම විශිෂ්ඨතම ජයග්‍රහණයයි,හමන්ලුස් ජාතික කදවුරට ඛන්ඩයක් තේරිපත්විම ඉතා අභියෝගාත්මක කාර්යකි,දිවයින පුරා විසිර පවතින ආරක්ශක ශිෂ්‍යභට බාලක කන්ඩ 4493 අතරින් එම ගෞරවණිය අවස්තාව හිමිවන්නෙ දිවයිනෙ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍යභට කන්ඩ 40 ක් වැනි ඉතා සිමිත පිරිසකට පමණි,මෙහි ආරම්භය 1917 වසරදි සිදුවි ඇත,මෙම කුසලානය ජාතික ශිෂ්‍යභට බළකායට ලබා දි ඇත්තෙ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආන්ඩුකාරයෙකු සහ නීති ක්ෂේත්‍රයේ කටයුතු කල නිතිඥයෙකු වු හමන්ලුස් මහතායි,එතුමා හෙතම ශිෂ්‍යභට වියාපාරයට සම්බන්ද වු අතර එතුමන්ගෙ නාමය ඉතිහාසයට එකතු වි තිබේ,මෙම කුසලානය දිවයිනෙ ප්‍රබලතම බාලක ශිෂ්‍යභට කන්ඩය අරබයා ලබා දිම සිදු වේ,මෙහි පළමු ජයග්‍රාහකයා වන්නෙ මහනුවර කින්සුඩ් විද්‍යාලයයි,වර්තමානය වන විට මෙම රිදි කුසලානය ජාතික වස්තුවක් ලෙස ප්‍රකශයට පත්කර ඇත,මේ වන විට වසර 109 ක සාඩම්බර ඉතිහාසයක් සහ ජාතික වස්තුවක් ලෙස මෙම කුසලානය ජයග්‍රහණය පාසලකට ශිෂ්‍යභට කටයුතු වලින් ලැබිය හැකි ඉහළම ජයග්‍රහණයයි.ජාතික ශිෂ්‍යභට බලාකයේ පැරණිතම මෙන්ම ඉහළම කුසලානය වන්නෙද මෙයයි,මෙම කදවුරට තේරි පත්විම සදහා පලමුව බලඇණි ඇගයිම් කදවුරෙන් ඉහළම දක්ශතා සහිතව තේරිපත්ව පසුව පළාත් ඇගයිම් කදවුරෙන් ලංකාවේ වැඩිම ලකුණු ප්‍රතිශතයක් ලබාගත යුතුය එම ශිෂ්‍යභට කන්ඩ හර්මන්ලුස් කදවුර නියෝජනය කරනු ඇත,ශිෂ්‍යභට කන්ඩ දහස් ගණනක් අතරින් තේරිපත්වන ශිෂ්‍යභට කන්ඩ අතලොස්ස ඉතාම දක්ශ එකකට එකක් පරයායන ශිෂ්‍යභටයන් බව අමුතුවෙන් කිවයුතු නැත,හර්මන්ලුස් ජාතික කදවුර තුළ
> ඝන සරඹ පරික්ශණය
> ශාරිරික අභ්‍යාස පරික්ශණය
> අධ්‍යක්ශක පරික්ශණය
> ඝන සරඹ සංදර්ශන පරික්ශණය
> ඉදිරිපත් කිරිමෙ පරික්ශණය
> විවිධ ප්‍රසංග පරික්ශණය
> භට නිවාස පරික්ශණය
> ජිව වෙඩිතැබිම පරික්ශණය
> ආත්ම විස්වාස පරික්ශණය
> ප්‍රජා සේවා
ආදි අංශ ගණනාවකින් තේරිම් කටයුතු සිදුකර දිවයිනේ විශිෂ්ඨතම කන්ඩය තෝරාගනු ලබයි,ඉතිහාසයේ කුසලානය වැඩිම වාරගණනක් දිනා ඇත්තෙ දෙවන බලඇනියයි,වසර ගණනාවක් පුරාවට අප කන්ඩයද ශුරතා,අනුශුරතා ලබා ජයග්‍රාහි කන්ඩය නියෝජනය කර ඇති බව නිහතමානිව සිහිපත්කරනෙමු,වසරේ ජයග්‍රාහි ප්‍රමුඛ කන්ඩය ජනාධිපති කන්ඩය ලෙස අභිසෙස් ලබන අතර ඉතා හරසරින් කුසලානය ලබාදිම සිදුවේ,ජාතික මට්ටමේ පදක්කම් වලටද අයිතිය මෙයින් ලබාගනි,ඉතින් හුදෙක් හර්මන්ලොස් කදවුර යනු සියලු ශිෂ්‍යභට ක්ෂෙත්‍ර අභිබවන ජාතික කදවුරයි,අපගේ එකම අරමුණ ඒ ජාතික ශිෂ්‍යභට මුදුන්මල්කඩ විදයාර්ථ මැණියන් වෙනුවෙන් ලබාගැනිමයි……….
චිරං ජයතු විද්‍යාර්ථ !