Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය

  • Home
  • Sri Lanka
  • Kaduwela
  • Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය

Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය The Official page of Kaduwela Sankhapitti Dhathu Pooja Maha Perahara - Kaduwela

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහරේ හයවන දිනයේ අලි ඇතුන් සහිත පිටත වීථී ...
05/08/2026

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහරේ හයවන දිනයේ අලි ඇතුන් සහිත පිටත වීථී පෙරහර පසුගියදා (27) දින වීථි සංචාරය කෙරිණි.

හයවන දින පිටත වීථී පෙරහර ප්‍රධාන දායකත්වය - කොතලාවල අතුල එන්ට්‍රප්‍රයිසස් අධිපති අතුල ජයලත්
මැතිතුමා

රන්සිවිගේ විදුලි ආලෝකය විවෘත කිරීම - නිව් කළ්‍යාණි ජුවලර්ස් අධිපති කේ. අමරරත්න කෝඳාගොඩ මැතිතුමා හා පහන් කෝඳාගොඩ පුතණුවන්.

දේව ප්‍රතිමා වැඩමකරවීම

1. විෂ්ණු දේව ප්‍රතිමාව - රොටා හාඩ්වෙයාර් අධිපති හේමචන්ද්‍ර පලිහේන මැතිතුමා

2. සුමන සමන් දේව ප්‍රතිමාව - ප්‍රේමදාස ස්ටෝර්ස් අධිපති ප්‍රේමදාස ගමගේ මැතිතුමා

3. කතරගම දේව ප්‍රතිමාව -රොහාන් එන්ට්‍රප්‍රයිසස් අධිපති කේ.ඒ.විජයදාස මැතිතුමා

4. පත්තිනි දේව ප්‍රතිමාව - ගමගේ ස්ටීල්ස් අධිපති ගමගේ මහතා

තෙරුවන් සරණයි !

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

මාධ්‍ය අංශය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල.





#183වනසර්වඥධාතුපූජාමහපෙරහර










183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයේ හයවන දිනයේ දී (27) සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා  සිදුකරන සවස ගිලන්පස...
30/07/2026

183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයේ හයවන දිනයේ දී (27) සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා සිදුකරන සවස ගිලන්පස බුද්ධ පූජාව සහ තේවා මුරය, කොටුවත්ත එක්සත් තරුණ කැල සංවිධානයේ සාමාජිකයින් සියලුම දෙනාගේ සැදැහැබර දායකත්වයෙන් සිදුකෙරිණි.

තෙරුවන් සරණයි !

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

මාධ්‍ය අංශය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල.





#183වනසර්වඥධාතුපූජාමහපෙරහර










🙏 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏හයවන පිටත වීථි පෙරහරේ උත්සව සභාව අද බැතිබර හා අභිමානවත් අයුරින් පැවැත්විණි.ව...
30/07/2026

🙏 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏

හයවන පිටත වීථි පෙරහරේ උත්සව සභාව අද බැතිබර හා අභිමානවත් අයුරින් පැවැත්විණි.

විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ, ආරාධිත අමුත්තන්, පෙරහර නිලධාරී මණ්ඩලය, දායක පින්වතුන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සව සභාව අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන ලදී.

සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ සියවස් ගණනාවක අභිමානවත් පෙරහර සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන මෙම මහා පුණ්‍යෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලුම පින්වතුන්ට සහ සංවිධායක මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

තෙරුවන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම නිරන්තරයෙන් ලැබේවා! 🙏

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර









🙏 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏හයවන පිටත වීථි පෙරහරේ පූජනීය චාරිත්‍රයක් ලෙස දේව ප්‍රතිමා ධාතු මන්...
30/07/2026

🙏 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏

හයවන පිටත වීථි පෙරහරේ පූජනීය චාරිත්‍රයක් ලෙස දේව ප්‍රතිමා ධාතු මන්දිරය වෙත වැඩම කරවීම මහත් ගෞරවයෙන් හා බැතිබර සිතින් සිදු කෙරිණි.

මෙම උතුම් අවස්ථාව සඳහා දේව ප්‍රතිමා වැඩම කරවීමේ ගෞරවය පහත සඳහන් දායක පිංවතුන් වෙත හිමි විය.

🔸 විෂ්ණු දේව ප්‍රතිමාව – ව්‍යාපාරික චතුර වේරහැරගේ මැතිතුමා
🔸 සමන් දේව ප්‍රතිමාව – කහදවල රංගායතනයේ අධිපති දයාන් කහදවල මැතිතුමා
🔸 කතරගම දේව ප්‍රතිමාව – වීරසිංහ ඔටෝ ට්‍රේඩර්ස් අධිපති ෆ්‍රෑන්ක් සේනානායක මැතිතුමා
🔸 පත්තිනි දේව ප්‍රතිමාව – කඩුවෙල පියසීලි මැතිණිය
🔸 ගණ දෙවි දේව ප්‍රතිමාව – සජිත් සංජීව මැතිතුමා
🔸 සරස්වතී දේව ප්‍රතිමාව – නිලක්ෂි රත්නතුංග මැතිණිය
🔸 විභීෂණ දේව ප්‍රතිමාව – කේ. ඒ ගුණවර්ධන මැතිතුමා
🔸 දැඩිමුණ්ඩ දේව ප්‍රතිමාව – සදරුවන් සේල් සෙන්ටර් අධිපති ප්‍රදීප් මැතිතුමා
🔸 ගම්භාර දේව ප්‍රතිමාව – WA සුපර් ලයින් අධිපති වසන්ත ටයිටස් මැතිතුමා

මෙම උතුම් පුණ්‍ය කාර්යයට දායක වූ සියලු දායක පිංවතුන්ට තෙරුවන්ගේ සරණ හා ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🙏

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර









183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයේ හයවන පිටත වීථි පෙරහැර වෙනුවෙන් විදුලි ආලෝකය විවෘත කිරීම කඩුවෙල කොතලාවල සංඛපිට්...
30/07/2026

183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයේ හයවන පිටත වීථි පෙරහැර වෙනුවෙන් විදුලි ආලෝකය විවෘත කිරීම

කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයේ හයවන පිටත වීථි පෙරහැර නිමිත්තෙන් සංවිධානය කරන ලද විදුලි ආලෝකය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය පසුගියදා (27) බැතිබර අයුරින් පැවැත්විණි.

මෙම පුණ්‍ය කාර්යය සඳහා,

🔸 සංඛජ ෆෘට්ස් අධිපති ශාන්ත ඩයස් වික්‍රමනායක මැතිතුමා
🔸 මයුර මෝටර්ස් අධිපති මයුර ශාන්ත මැතිතුමා
🔸 ව්‍යාපාරික අනුර රත්නායක මැතිතුමා
🔸 ටාම් සොලියුෂන් අධිපති තරංග කුරේ මැතිතුමා
🔸 ව්‍යාපාරික ලසන්ත අතුරලිය මැතිතුමා
🔸 නීතිවේදී ආචාර්‍ය රමේෂ් විජේවර්ධන මැතිතුමා

ඇතුළු පිරිසගේ සැදැහැබර දායකත්වය ලැබිණි.

මෙම උතුම් පුණ්‍ය කාර්යයට දායක වූ සියලු දායක පිංවතුන්ට තෙරුවන්ගේ සරණ හා ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

තෙරුවන් සරණයි! 🙏

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර
#සංඛපිට්ඨිපුරාණරජමහාවිහාරය








183 වන ඓතිහාසික කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයයේ පළමු පිටත වීථි පෙර...
30/07/2026

183 වන ඓතිහාසික කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයයේ පළමු පිටත වීථි පෙරහැර දින ධාතු මන්දිරයේ විවෘත කිරීම.....

පෙරහැරේ මංගල චාරිත්‍රයක් ලෙස ධාතු මන්දිරය විවෘත කිරීමේ යතුර වැඩම කරවීමේ පූජනීය අවස්ථාව පසුගියදා (27) දින ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.

මෙම පුණ්‍යෝත්සවය සඳහා විහාරස්ථානයේ පෙරහැරේ නිල රාජකාරී මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම චාරිත්‍රය සිදු කෙරිණි.

📍 සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය, කොතලාවල, කඩුවෙල

🙏 තෙරුවන්ගේ ආශිර්වාදය සැමට උදාවේවා!

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර








28/07/2026

🔴LIVE🔴
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ 183 වන සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යය

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහැර සිරිත කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ183 වන සර්වඥ ධාතු පූජා මහා පෙරහ...
28/07/2026

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහැර සිරිත
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ
183 වන සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යය
අද රාත්‍රී 10:30 සිට අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවෙන්..

28/07/2026

තේජසින්, විචිත්‍රත්වයෙන් හා ගෞරවයෙන් සිරිලක බෞද්ධ උරුමය විදහා දක්වමින් , වීථී සැරියට සූදානම් වන 183 වන සර්වඥ ධාතු පූජා මහා පෙරහරේ ගජරාජයන්...!! 🐘✨🤍

28/07/2026

183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහරෙහි මඟුලැතු ♥️🥹🐘✨

Address

Sankapitti Purana Viharaya
Kaduwela
10640

Opening Hours

Monday 05:30 - 20:00
Tuesday 05:30 - 20:30
Wednesday 05:30 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:30 - 20:30
Sunday 05:30 - 20:30

Alerts

Be the first to know and let us send you an email when Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share