17/02/2023
යල කන්නයට සූදානම් වන මීමුරේ .... මීමුරේ කෘෂිකාර්මික ජීවනරටාවක් පවත්වාගෙන යන සාම්ප්‍රධායික ගොවියන් යල සහ මහ කන්න දෙකටම වගාකිරීම කරන්නෙ අඩුවෙන් ...
ඊට හේතුවක් තියෙනවා ...
සාමාන්‍යයෙන් යල කන්නය ආරම්භ වන්නේ වසරේ 12වන 14වන සති අතර කාලයේදී ය. නමුත් වියළි හා අතරමැදි කලාප සදහා යල කන්නය සඳහා විශේෂ වර්ෂාවක් ලැබෙන්නෙ නෑ ... නකල්ස් කඳුවැටියේ නැගෙනහිර කඳුවලල්ලෙ මධ්‍යේ පිහිටා තිබෙන ගමක් තමයි මීමුරේ .... ඉතිං මෙම ප්‍රදේශවලට ලැබෙන්නේ සති කිහිපයකට සීමා වූ තාවකාලික වර්ෂාවක් විතරයි ඒක නිසා බොහෝවිට තමන්ගෙ පරිබෝජන සදහා මහ කන්නයේ වී සෑහෙනවනම් යල කන්නයේ බෝංචි , මිරිස් වගේ ගොඩ වගාවක් තමයි සිදුකරන්නෙ ...
නමුත් ලංකාවෙ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක් වන දුම්බරමිටියාවතේ උල්පත් වලින් එකතු වී මහවැලි ගඟ පෝෂණය කරනා මීමුරේ ගම්මානය හරහා ගලායන දිමිගොල් ඔයත් , මීමුරේ ගමේ මායිම්න් ගලායන හීන් ගඟත් නිසා වර්ශාව අඩු උනත් මීමුරේ ගොවියන්ට වී ගොවිතැනට ජලය ලබාගැනීමේ හැකියාව තියෙනවා ....
සාමාන්‍යයෙන් යල කන්නය පවතින සති 22 ක කාලය , කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝවිට වසරේ 12 වන සතිය තුල ආරම්භ වන අතර ... නැගෙනහිර හා පහතරට අතරමැදි කලාපීය ප්‍රදේශ සඳහා යල කන්නයේ වැසි ලැබීම වසරේ 14 වන සතියේ පමණ ආරම්බ වෙන්නෙ ... මීමුරේ ඇතුලු අනෙකුත් අතරමැදි කලාපීය සියලු ප්‍රදේශ සඳහා 13 වන සතියේදී පමණ සාමාන්‍යෙන් වර්ෂාව ලැබීම ආරම්භ වෙනවා ... මාර්තු මාසයේ අන්තිම අප්‍රේල් මාසයේ මුල කාලයේ වගේ ...
ඉතිං අප්‍රේල් වැස්ස බලාගෙන යලට සූදානම් වන මීමුරේ උඩහකුඹුර වෙල් යාය තමයි මේ ....
#මීමුරේ #යල #වීගොවිතැන