28/08/2026
මේ ලෝකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ තරඟයක් ඇතුලෙ.
ඒක ඒ මිනිස්සු හිතින් මවා ගත්ත අමුතුම තරඟයක් !
පෘතග්ජන මනුස්ස ස්වභාවය තමයි, හැම වෙලේම තමන් අනික් අය එක්ක සංසන්දනය කරන එක !
ඒ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෙ නෑ, මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් තව මනුස්සයෙට සමාන වෙන්නෙ නෑ කියන එක.
අඩු ගානෙ නිවුන්නු දෙන්නෙක් වත් එකිනෙකාට 100% ක් සමාන වෙන්නෙ නෑ.
ඉතින් අපි කොහොමද තව කෙනෙක් එක්ක තමන්ව සංසන්දනය කරන්නෙ?
තමන්ව අනුන් එක්ක සංසන්දනය කරලා අමුතුම තරඟයක් ඔලුවෙ හදා ගන්න එක තමා මනුස්සයෙක්ට කරන්න පුලුවන් මෝඩම වැඩේ.
මොකද,
ඔයා තව කෙනෙක් එක්ක රූපයෙන් තරඟ කලොත්, මේ ලෝකෙ ලස්සනම කෙනා බවට ඔයා පත් වුණත්, ඔයාට වඩා දැනුමෙන් ඉහලට ගිය කෙනෙක් මේ ලෝකෙ ඉන්න පුලුවන් ,
එතනදි ඔයා ඒ කෙනාට දෙවෙනි වෙනව.
රස්සාවෙන් තරඟ කරලා ඉහලම පුටුවකට ගියත්, ඔයාට වඩා නිදහසේ සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ ගෙවන මනුස්සයෙක් ඉන්න පුලුවන් මානසික සහනය උපරිමයෙන් ලබන.
හිතන්න, මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැහැ.
ඔයාගෙ තියන දක්ෂතා වෙන කෙනෙක්ට නැති වෙන්න පුලුවන් , හැබැයි ඒ කෙනා ඔයාට වඩා වෙනස්ම දක්ෂතාවයකින් යුක්ත වෙන්න පුලුවන් .
ඔයා ඉස්පිරිතාලෙ ලොකුම දොස්තර උනත්, ඔයාගෙ වාහනේ කැඩුන වෙලාවට ඔයා යන්නෙ ගරාජ් බාස් කෙනෙක් හොයාගෙන.
ඔයා මේ ලෝකෙ ඉන්න ප්‍රකෝටිපතියෙක් උනත්, ඔයාට ලෙඩ උන ගමන් ඔයාට දොස්තර කෙනෙක් හොයාගෙන යන්න වෙනව.
ඔයා මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා උනත්, ඔයාට ගෙයක් හදා ගන්න ඕනෙ නම් මේසන් බාස් කෙනෙක්ගෙ සහයෝගෙ ගන්න වෙනව.
ඒ නිසා කා එක්ක වත් තරඟයක් ඔය ඔලු ගෙඩිය ඇතුලෙ මවා ගන්න එපා.
තරඟ කරලා ඉවර කරන්න අපි කාටවත් බෑ.
අවශ්‍ය තැනදි අවශ්‍ය කෙනෙක්ට උදව් උපකාර කරලා, සහයෝගෙන් වැඩ කර ගන්නව තරම් ලස්සනක් වෙන කොහෙන්ද ජීවිතේකට?
ඉරිසියාව, තරඟය නැති බැදීම් කොච්චර ලස්සනද ?
ජීවත් වෙන පොඩි කාලෙක එක එක්කෙනා එක්ක තරඟ කරලා අපි හැමෝම යන්නෙ පොලවෙ පස් වෙන්න...
එදාට වල වහන්න එන්නෙ ආදරේ කරපු මිනිස්සු මිසක්, තරඟ කරපු මිනිස්සු නෙවෙයි.
ඊයෙ හිටිය ඔයාට වඩා ගුණධර්ම වලින්, ආදරෙන් කරුණාවෙන් පරිපූර්ණ වෙච්ච මනුස්සයෙක් වෙන්න.
වටිනාකම් ඇති වෙන්නෙ ගුණ ධර්ම වලින් මිසක් ලොකුකම් වලින් නෙවෙයි බව හොදට මතක තියා ගන්න 💕👑️
අනුන් එක්ක තරඟයක් නැති ලස්සන හදවත් තියන හැම මනුස්සයෙක්ටම ජයෙන් ජයම වේවා 😍🥰💕
✍️ හසනි ලේල්වල 🫡❤️