A.S.R Fitness

A.S.R Fitness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A.S.R Fitness, Gym/Physical Fitness Center, 89/A ihala yagoda, Ganemulla.

A.S.R Fitness 💪❤️transformation 3 month(40kg)☠️
22/08/2024

A.S.R Fitness 💪❤️
transformation 3 month(40kg)☠️

New A.S.R Fitness❤️💪    ceremony
26/03/2024

New A.S.R Fitness❤️💪 ceremony

2024 Colombo fitness festival (CFF) 65KG Strongwoman තරගයට A.S.R Fitness  කීඩා සමාජය යටතේ සහාබාගි වී 3rd place  ලාබා ගත්...
03/03/2024

2024 Colombo fitness festival (CFF) 65KG Strongwoman තරගයට A.S.R Fitness කීඩා සමාජය යටතේ සහාබාගි වී 3rd place ලාබා ගත් Dewmi Rathnayaka ට උනුසුම් සුබ පැතුම්💪

15/01/2024

👉මොනවද මේ Dianabol ?

💥Dianabol|D-bol

ජිම් යන අය ගොඩ දෙනෙක් අහලා තියන දෙයක් තමා මේ D-bol කියන්නේ.සමහර අය භාවිතා කරලත් ඇති.තවත් සමහරක් භාවිතා කරනවා හෝ භාවිතා කරන්න හිතාගෙන ඇති.ගොඩක් අය නොදැනුවත් ම භාවිතා කරලා නොහිතූ අතුරුඵල වලට මූන දෙන්න සිද්ද වෙලා ඇති.ඇත්තටම මොනවද මේ Dianabol කියන්නේ..මොකද්ද මේකෙන් සිද්ද වෙන්නේ.මේකෙන් තියන හිතකර අහිතකර දේවල් මොනවද කියලා කතාකරන්න තමා මේ පෝස්ට් එක ගේන්නේ.

👉Dianabol කියන්නේ මොකද්ද? ඇත්තටම Dianabol කියන්නේ වෙළෙඳ නාමයක්.මේ වෙලඳ නාමය යටතේ තමා Metandienone නැත්නම් methandrostenolone මේවා වෙළඳපලට එන්නේ.මේක අයත් වෙන්නේ androgen සහ anabolic steroid (AAS) ඛාන්ඩයට.මේක පෙති ආකාරයෙන් මෙන්ම එන්නත් ආකාරයෙන් ලබාගන්න පුලුවන්.මේක ඩ්‍රග් එකක්,නැත්නම් මත්ද්‍රව්‍යක් ලෙසවගේම තහනම් මත්ද්‍රව්‍යක් ලෙස තමා හඳුන්වන්නේ.ලංකාවේ වගේම ගොඩක් රටවල් වල මේක Black market එකෙන් තමා වෙළඳපලට නිකුත් වෙන්නේ.

•ඉතිහාසය ගත්තොත් මේක සොයාගන්නේ 1955 දී.1957 වනවිට එක්සත් ජනපදය විසින් metandienone වල පේටන්ට් බලපත්‍රය ලබාගනිමින් එක්සත් ජනපදයේ 1958 වන විට Dianabol සන්නාමය යටතෙ අලවිකිරීම ආරම්භකරනවා.මුලින්ම මේක අධික මේදය දහනය කිරීමේ ඖෂධයක් විදිහට භාවිතා කරත් පසුවට බර ඉසිලීමේ වගේම අනිකුත් ක්‍රීඩා වල ශක්තිය වැඩිකිරීමේ ඖෂධයක් විදිහට භාවිතා කරනවා.පසුව කාලයත් සමග ඖෂධවල ආරක්ෂාව, විවිධ දේ සඳහා නීති ගෙනඒමත් සමග 1985 දී මෙහි නීතිමය භාවය සම්පූර්නයෙන්ම අවලංගුකර නිශ්පාදනය ද වසාදමනවා.ඒත් නැවත 1990 anabolic steroids පාලන පනත යටතේ වෛද්‍ය අනුමැතිය යටතේ පමණක් ලබාගත හැකි බව නිර්දේශ කිරීමත් සමග සමහරක් රටවල් වල මෙය නිශ්පාදනය කිරීමට පටන් ගන්නවා.

💪• Performance

මෙය භාවිතා කරන්නේ ගොඩක් කායවර්ධන කරන අය වගේම විවිධ ක්‍රීඩාවල නිරත වන අය තමන්ගේ performance වැඩි දියුණු කරගැනීම සඳහාත් භාවිතා කරනවා.නමුත් මෙය නීති විරෝධී ලෙසයි සලකන්නේ.ඇත්තටම මෙය භාවිතාකිරීම මගින් testosterone නිපදවීම වඩාත්ම වැඩිකරන නිසා ශරීර ශක්තිය වැඩිවීමකටද ශරීරයට ශක්ති සම්පන්න භාවයක් දැනීමට ද පටන්ගන්නවා.මෙය භාවිතය මගින් අඩුකාලයකින් අසාමාන්‍ය ලෙස මාංශපේශී වර්ධනය කරගත හැකි මෙන්ම.ශරීර මේදයද යම්තාක් දුරට දහනය කරනවා.විශේශයෙන්ම වැඩිපුරම මෙමගින් performance වැඩිකිරීම සිදු කරයි.නමුත් මේ දේවල් ඇරෙන්නට අනෙක් සියලු දේම අහිතකර දේවල් ය.

💔• Side effects

👉මෙහි ඇති අතුරු ප්‍රතිඵල බොහෝමයකි.වඩාත්ම භයානක වන්නේ මෙයට ඇබ්බැහිවීමට පටන්ගැනීමයි.සාමාන්‍යයෙන් මෙය භාවිතය කරනතාක් පමණයි ප්‍රතිඵල ලබාගත හැකිවන්නේ.භාවිතය නතරවන විට මෙහි ප්‍රතිඵල නැතිවී ශරීරය හා ශක්තිය තිබුනාටත් වඩා පහළමට්ටමකට වැටිමක් සිදුවෙයි.ඉතින් දිගින් දිගටම මෙහි ප්‍රතිඵල පවත්වාගැනීමට අවශ්‍ය නිසා නැවත නැවතත් දිගින් දිගටම Dianabol භාවිතා කිරීමට පෙළඹවේ.

👉°මීට අමතරව මෙමගින් අක්මාවට හා වකුගඩු වලට අධික ලෙස හානිකාරක බව වෛද්‍ය පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.ගොඩ දෙනෙක් මෙම හානිය අවමකිරීමට Fish oil සමග liv. 52 ලබාගන්නා අතර විශේශයෙන් සඳහන් කලයුතුයි. මේවා ලබාගත්තද වන හානිය අවමකිරීම කළ නොහැකි බව.

👉°තවද අධික testosterone නිපදවීම නිසා හිසකෙස් වර්ධනය අඩාල වීම හා හිසකෙස් අහිමිවීම සිදුවේ.එසේම ස්වාභාවික ප්‍රමාණයට වඩා වැඩිපුර කෘතිමව නිපදවීමට යාමෙන් එම ඓන්ද්‍රීන් වලට ද හානිවිය හැක.එසේම මෙමගින් අධික ලෙස ශරීරය පුරාවටම කුරුලෑ වැනි බිබිලි ඇතිවීම.කටහඬ වෙනස් වීම. අස්ති දුර්වලවීම්,කාලයත් සමග යත්ම කාන්තා හෝමෝන ශරීරය තුල නිපදවීමට පටන්ගැනීම නිසා පිරිමි පියයුරු වර්ධනය වීමක්ද,අධික ලෙස ලිංගික ආශාවන් වැඩිවීමක්ද.ප්‍රජනන තරල රදවාගැනීම වැනි දේවල් වලට මූහුණ දීමට සිදුවේ.
(D bol වලින් මුහුණ දීමට සිදුවන අතුරුආභාධ සඳහා comment section එක බලන්න )

ඉතිං මේ Dianabol වල හිතකර දේට වඩා අහිතකර දේවල් බොහෝමයකි විශේශයෙන්ම වෘත්තීය මට්ටමේ නොවන අයෙක් කිසිසේත්ම Dianabol ගැනීම නුසුදුසුය.වෘත්තීය මට්ටමේ උවද නිසි වෛද්‍ය උපදෙස් ඇතිව ලබාගන්නවාද නැද්දයන්න තීරනය කළයුතුය.ශරීරයේ භාහිර පෙනුම වගේම සෞඛ්‍ය ද වැදගත් බව මතකතබාගන්න.

මේ පෝස්ට් එකෙන් යම්කිසි දෙයක් ඔබේ දැනුමට ලබාගත්තානම් ලයික් කරන්න.තව කෙනෙකුට දැනගන්න ශෙයාකරන්න.

ඔබටත් අවශ්‍ය අනවශ්‍ය මේදය දහනය කර බර අඩුකරගැනීමටද..? අධික කෙට්ටු ශරීරයෙන් මිදීමට
මාංශපේශී වර්ධනය කරගැනීමටද..?
ඔයාගේ අවශ්‍යතාවය සපුරාගන්න නිසි ව්‍යායාම මාලාවක්,ආහාර සැලැස්මක් නැද්ද..?කොච්චර ව්‍යායාම කරත් තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නැද්ද. ?
දැන්ම 074 2899861 අංකයට Whatsapp message එකක් දාන්න..

🫵ඔබටත් අවශ්‍ය

• Online Personal Training
• Personalized Workout plans
• Personalized Diet Plans

සේවාවන් ලබාගත හැක.

Trainer : Lankeshwara Mayadunne
Physical Fitness Training NVQ 4
Personal Trainer


Address

89/A Ihala Yagoda
Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when A.S.R Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share