14/04/2024
පාසලක නිවාසාන්තර ක්‍රීඩා යනු පන්ති කාමර අධ්‍යාපනයට සිදුවන හානියක් නොවේ. නිවාසාන්තර ක්‍රීඩා යනු අධ්‍යාපනයම වේ..!
දරුවෝ, ගුරුවරු, දෙමව්පියෝ හා අධ්‍යාපන පරිපාලකයින් ගොඩදෙනෙක් හිතනවා, අධ්‍යාපනය තියෙන්නේ පන්ති කාමරය ඇතුලේ විතරක් කියලා.. ඇත්තටම ඒක එහෙම ද..? පන්ති කාමරයෙන් පරිබාහිරව මොනතරම් නම් අධ්‍යාපනයක් පාසල තුල ගොඩ නගන්න පුළුවන්ද.! අධ්‍යාපනය කියන්නේ විභාග ලකුණ හෝ විභාගයට දරුවන් ලබාගන්නා ඉංග්‍රීසි අක්ෂරය විතරද...?
මගෙ නම් අදහස ඒක එහෙම නෙවෙයි කියන එකයි. දරුවන් පුරවැසියන් වෙලා මේ සමාජයට එකතු වෙද්දී, දරුවන් තුල ගොඩනැගෙන්න ඕනී ආකල්ප සහ කුසලතාවයන් ලිඛිත පරීක්ෂණයකට විතරක් ලඝු කරන්න අපිට බෑ... පසුගාමී බංකොලොත් රටක අපි තවමත් හිතාගෙන ඉන්නේ විභාගය තමයි, අධ්‍යාපනයේ මුදුන් මල්කඩ කියලා.
නිකමට මෙහෙම හිතන්නකෝ... දරුවෝ තමන් ඉගෙන ගන්නා පොතේ පතේ දැනුම, තමන් මතක තියාගෙන ඉදලා විභාගයට ලියන කරුණු ප්‍රායෝගික තලයකදි අත්විඳින්නේ කවදාද..? ඉස්කෝලෙන් out වුණාට පස්සෙද..? අපේ රටේ නම් ඒක එහෙමයි... ඉතිං ඉස්කෝලෙන් එළියට එන්නේ ගිරවෙක්...
ඒ ගිරවා දන්නේ හැමදෙයක්ම ලියන්න සහ කියවන්න විතරයි... ප්‍රායෝගිකව ඒ දේවල් කරන්න ඒ ගිරවා දන්නේ නෑ... මේ වෙනකොට අපේ පද්ධතීන් බොහොමයකට මේ ඛේදවාචකයේ නීරස අත්දැකීම ඇස්පනාපිටම අත්විඳින්න ලැබිලා තියෙනවා...
නිවාසාන්තර ක්‍රීඩාවලදී දරුවෝ පිට්ටනියට බැහැලා ප්‍රායෝගිකව ලැබිය යුතු අත්දැකීම් බොහොමයක් අද වෙද්දී දරුවන් තුලින් ඉතා සීඝ්‍රයෙන් ගිලිහෙමින් තියෙනවා.. සහයෝගය, එකමුතුකම, දරාගැනීම, උපක්‍රමශීලී බව, යම් වැඩක් සැලසුම් කිරීම, බාධාවන් පැමිණෙන්නට කලින් ඒවා හදුනාගැනීම, ඒ බාධාවන්ට පිලිතුරු සෙවීම මේ ආදී දහසකුත් දේවල් දරුවන්ට හුරුවෙන්න තියෙන හොඳම තැනක් තමයි නිවාසාන්තර ක්‍රීඩා... ඒත් ඒක එහෙම වෙන්නේ නෑ..
ඒ ගැන මට තියෙන්නේ දුකක් සහ කම්පාවක්..... මේ ප්‍රායෝගිකත්වය අත්නොවිඳින දරුවා තමා වැඩිහිටියෙක් වුණාම, රැකියාවේදී සහ ගමේ හෝ නගරයේදී තමන්ගේ වැඩේ ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියෙක් වෙන්නේ... සහයෝගයෙන් ගොඩක් දේවල් ජයගන්න පුළුවන් කියන අදහස පිළිගන්නේ නැත්තේ... එයා දන්නේ ලිඛිත විභාග කර කර තමන්ගේ position එක රැකගැනීම හෝ ඉහළ දමාගැනීම ගැන විතරයි.. එයාට කණ්ඩායම් හැගීම ගැන අබමල් රොණක හෝ සිතුවිල්ලක් පහළ වෙන්නේ නෑ... මොකද එයාට ඒක පුරුදු නැති නිසා... එයාව ඒ විදිහට පුරුදු කරලා නැති නිසා...
ඒක පුරුදු කරන්න තියෙන හොඳම ව්‍යාපෘතිය අද වෙද්දී පාසල් බොහොමයකින් ගිලිහෙමින් තියෙනවා.. ගුරුවරු අතලොස්සක් සහ දරුවෝ සුළුතරයක් විතරක් නිවාසාන්තර ක්‍රීඩාවලදී පිට්ටනියට බැහැලා හිටියට බහුතරයක් නිද්‍රාශීලියි.. ඒක එහෙම වෙනකොට අවසානයේ අපි මොකද කලේ කියල, ආපහු හැරිලා බලද්දී නටපු තොවිලෙකුත් නෑ... බෙරේ පලුවකුත් නෑ කියලා තමා හිතෙන්නේ...
ඒක නිසා දයාබර දෙමව්පියන්ට කියන්නේ තමන්ගේ දරුවගේ අධ්‍යාපනය කියන්නේ විභාග ප්‍රථිඵලය පමණක් නෙවෙයි... කායික මානසික සමබරතාවයක් තියෙන දරුවෙක් හැදෙන්න නම් පොතේපතේ දැනුම වගේම ක්‍රීඩාව සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් ආශ්‍රිත අත්දැකීම් දරුවෙකුට අනිවාර්යයෙන්ම අවශ්‍යයි... ඒ ගැන මේ දවස් ටිකේදිවත් හිතන්න...!
තමන්ගේ දරුවා නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වෙන කාලේ පිට්ටනියේ සෙල්ලම් කලා කියලා ක්‍රීඩාවකට නොතේරෙන්න පුළුවන්.. ජයග්‍රහණය නොකරන්න පුළුවන්.. සහතිකයක් නොලැබෙන්න පුළුවන්..
හැබැයි ඒ කාලසීමාව තුල දරුවා ලබන අත්දැකීම් ඔබටවත් මටවත් වෙන කිසිම තැනකදි ලබාදෙන්න බෑ... දරුවා ඒ තුලින් ලබන පන්නරය ඔබටවත් මටවත් දෘශ්‍යමාන කරලා පෙන්වන්න බෑ.. ඒක අදෘශ්‍යමානයි...! හැබැයි ඒක දරුවාගේ අභ්‍යන්තරය තුල ශක්තියක් වෙලා ගබඩා වෙනවා... දරුවා වැඩිහිටියෙක් විදිහට ජීවීතේට මුහුණ දෙද්දී ඒ ශක්තිය කොතන හෝ තැනකදී දරුවට ප්‍රයෝජනවත් වෙනවා... ඉතිං ඒ ගැන ටිකක් හිතමු...!
Copied by FB