Team BLACK LIONS Athletics

Team BLACK LIONS Athletics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Team BLACK LIONS Athletics, Professional Sports Team, Gampola.

Team BLACK LIONS
11/12/2024

Team BLACK LIONS

Team BLACK LIONS Athletics production,Resource Contribution   campus
12/11/2024

Team BLACK LIONS Athletics production,Resource Contribution campus

08/11/2024

The Black Lions are gearing up for 2025 after a very successful year of competition

06/08/2024

🇱🇰 අපමණ කැපවීමකින් ලක් මවගේ දරුවන් ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් කිරීමට වෙහෙසෙනා ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා පුහුණුකරුවන්ට හා ක්‍රීඩාව තුළ අපමණ වෙහෙසකින් කැපවීමකින් සිය දහඩිය වඟුරමින් ලක් මව ජාත්‍යන්තරය තුළ බැබළවීමට වෙහෙසෙනා දැයේ වීර සිංහ පැටවුන් වෙනුවෙන් පිදෙනා උපහාරයයි..!!,🇱🇰

Special thanks goes to SCOT campus 🇱🇰🔥❤️

Greetings Himansi. I am proud of being able to develop you into such a strong athlete. Also now you have a good school a...
07/07/2024

Greetings Himansi. I am proud of being able to develop you into such a strong athlete. Also now you have a good school and a strong team. You are currently the most popular athlete in Sri Lanka in the junior level 1500m event.We have to take it up to the senior level And should be taken to the international level.

I am confident that we can do it because of the athletes in our team, Tarushi Abhishekah, who is currently the most popular player in the 800m event at the junior level, and Vihari Ranasinghe, who has qualified for the Sri Lankan national pool in the 1500m event.

As a team we can do it. You have already accomplished my goal of getting under 4.40.00 Let's get ready for the next step....❤️🔥💪

Yes..!! we are team BLACK L🏃ONS...🔥

03/06/2024
21st   ASIAN JUNIOR ATHLETICS CHAMPIONSHIPS - dubai UAE - 2024Team BLACK LIONS Athletics ' athlete 15-year-old Tarushi s...
23/05/2024

21st ASIAN JUNIOR ATHLETICS CHAMPIONSHIPS - dubai UAE - 2024

Team BLACK LIONS Athletics ' athlete 15-year-old Tarushi showed excellent performance and qualified to compete in the finals of an Asian competition in the under-20 age group.

14/04/2024

පාසලක නිවාසාන්තර ක්‍රීඩා යනු පන්ති කාමර අධ්‍යාපනයට සිදුවන හානියක් නොවේ. නිවාසාන්තර ක්‍රීඩා යනු අධ්‍යාපනයම වේ..!

දරුවෝ, ගුරුවරු, දෙමව්පියෝ හා අධ්‍යාපන පරිපාලකයින් ගොඩදෙනෙක් හිතනවා, අධ්‍යාපනය තියෙන්නේ පන්ති කාමරය ඇතුලේ විතරක් කියලා.. ඇත්තටම ඒක එහෙම ද..? පන්ති කාමරයෙන් පරිබාහිරව මොනතරම් නම් අධ්‍යාපනයක් පාසල තුල ගොඩ නගන්න පුළුවන්ද.! අධ්‍යාපනය කියන්නේ විභාග ලකුණ හෝ විභාගයට දරුවන් ලබාගන්නා ඉංග්‍රීසි අක්ෂරය විතරද...?

මගෙ නම් අදහස ඒක එහෙම නෙවෙයි කියන එකයි. දරුවන් පුරවැසියන් වෙලා මේ සමාජයට එකතු වෙද්දී, දරුවන් තුල ගොඩනැගෙන්න ඕනී ආකල්ප සහ කුසලතාවයන් ලිඛිත පරීක්ෂණයකට විතරක් ලඝු කරන්න අපිට බෑ... පසුගාමී බංකොලොත් රටක අපි තවමත් හිතාගෙන ඉන්නේ විභාගය තමයි, අධ්‍යාපනයේ මුදුන් මල්කඩ කියලා.

නිකමට මෙහෙම හිතන්නකෝ... දරුවෝ තමන් ඉගෙන ගන්නා පොතේ පතේ දැනුම, තමන් මතක තියාගෙන ඉදලා විභාගයට ලියන කරුණු ප්‍රායෝගික තලයකදි අත්විඳින්නේ කවදාද..? ඉස්කෝලෙන් out වුණාට පස්සෙද..? අපේ රටේ නම් ඒක එහෙමයි... ඉතිං ඉස්කෝලෙන් එළියට එන්නේ ගිරවෙක්...

ඒ ගිරවා දන්නේ හැමදෙයක්ම ලියන්න සහ කියවන්න විතරයි... ප්‍රායෝගිකව ඒ දේවල් කරන්න ඒ ගිරවා දන්නේ නෑ... මේ වෙනකොට අපේ පද්ධතීන් බොහොමයකට මේ ඛේදවාචකයේ නීරස අත්දැකීම ඇස්පනාපිටම අත්විඳින්න ලැබිලා තියෙනවා...

නිවාසාන්තර ක්‍රීඩාවලදී දරුවෝ පිට්ටනියට බැහැලා ප්‍රායෝගිකව ලැබිය යුතු අත්දැකීම් බොහොමයක් අද වෙද්දී දරුවන් තුලින් ඉතා සීඝ්‍රයෙන් ගිලිහෙමින් තියෙනවා.. සහයෝගය, එකමුතුකම, දරාගැනීම, උපක්‍රමශීලී බව, යම් වැඩක් සැලසුම් කිරීම, බාධාවන් පැමිණෙන්නට කලින් ඒවා හදුනාගැනීම, ඒ බාධාවන්ට පිලිතුරු සෙවීම මේ ආදී දහසකුත් දේවල් දරුවන්ට හුරුවෙන්න තියෙන හොඳම තැනක් තමයි නිවාසාන්තර ක්‍රීඩා... ඒත් ඒක එහෙම වෙන්නේ නෑ..

ඒ ගැන මට තියෙන්නේ දුකක් සහ කම්පාවක්..... මේ ප්‍රායෝගිකත්වය අත්නොවිඳින දරුවා තමා වැඩිහිටියෙක් වුණාම, රැකියාවේදී සහ ගමේ හෝ නගරයේදී තමන්ගේ වැඩේ ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියෙක් වෙන්නේ... සහයෝගයෙන් ගොඩක් දේවල් ජයගන්න පුළුවන් කියන අදහස පිළිගන්නේ නැත්තේ... එයා දන්නේ ලිඛිත විභාග කර කර තමන්ගේ position එක රැකගැනීම හෝ ඉහළ දමාගැනීම ගැන විතරයි.. එයාට කණ්ඩායම් හැගීම ගැන අබමල් රොණක හෝ සිතුවිල්ලක් පහළ වෙන්නේ නෑ... මොකද එයාට ඒක පුරුදු නැති නිසා... එයාව ඒ විදිහට පුරුදු කරලා නැති නිසා...

ඒක පුරුදු කරන්න තියෙන හොඳම ව්‍යාපෘතිය අද වෙද්දී පාසල් බොහොමයකින් ගිලිහෙමින් තියෙනවා.. ගුරුවරු අතලොස්සක් සහ දරුවෝ සුළුතරයක් විතරක් නිවාසාන්තර ක්‍රීඩාවලදී පිට්ටනියට බැහැලා හිටියට බහුතරයක් නිද්‍රාශීලියි.. ඒක එහෙම වෙනකොට අවසානයේ අපි මොකද කලේ කියල, ආපහු හැරිලා බලද්දී නටපු තොවිලෙකුත් නෑ... බෙරේ පලුවකුත් නෑ කියලා තමා හිතෙන්නේ...

ඒක නිසා දයාබර දෙමව්පියන්ට කියන්නේ තමන්ගේ දරුවගේ අධ්‍යාපනය කියන්නේ විභාග ප්‍රථිඵලය පමණක් නෙවෙයි... කායික මානසික සමබරතාවයක් තියෙන දරුවෙක් හැදෙන්න නම් පොතේපතේ දැනුම වගේම ක්‍රීඩාව සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් ආශ්‍රිත අත්දැකීම් දරුවෙකුට අනිවාර්යයෙන්ම අවශ්‍යයි... ඒ ගැන මේ දවස් ටිකේදිවත් හිතන්න...!

තමන්ගේ දරුවා නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වෙන කාලේ පිට්ටනියේ සෙල්ලම් කලා කියලා ක්‍රීඩාවකට නොතේරෙන්න පුළුවන්.. ජයග්‍රහණය නොකරන්න පුළුවන්.. සහතිකයක් නොලැබෙන්න පුළුවන්..

හැබැයි ඒ කාලසීමාව තුල දරුවා ලබන අත්දැකීම් ඔබටවත් මටවත් වෙන කිසිම තැනකදි ලබාදෙන්න බෑ... දරුවා ඒ තුලින් ලබන පන්නරය ඔබටවත් මටවත් දෘශ්‍යමාන කරලා පෙන්වන්න බෑ.. ඒක අදෘශ්‍යමානයි...! හැබැයි ඒක දරුවාගේ අභ්‍යන්තරය තුල ශක්තියක් වෙලා ගබඩා වෙනවා... දරුවා වැඩිහිටියෙක් විදිහට ජීවීතේට මුහුණ දෙද්දී ඒ ශක්තිය කොතන හෝ තැනකදී දරුවට ප්‍රයෝජනවත් වෙනවා... ඉතිං ඒ ගැන ටිකක් හිතමු...!


Copied by FB

ස්වබාවධර්මයේ තරඟාවලිය එසේ නිමාවට පත් වීය.සියල්ලට හා සියල්ලන්ට උත්තර දී හමාරයි.02:09:12 (800M) THARUSHI02:10:73 (800M) VI...
04/03/2024

ස්වබාවධර්මයේ තරඟාවලිය එසේ නිමාවට පත් වීය.සියල්ලට හා සියල්ලන්ට උත්තර දී හමාරයි.

02:09:12 (800M) THARUSHI
02:10:73 (800M) VIHARI
04.37:27 (1500M) VIHARI
04:45:5 (1500M) HIMANSI

https://m.facebook.com/story.php?story_fbid=922944989832334&id=100063505249237

පුහුණුකරු බුද්ධිකගේ තරුෂි අභිෂේකා කණිෂ්ඨ අංශයේ මීටර් 800න් ආසියාවේම පළමු තැනට.

දැනට ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ අංශයෙන් මීටර් 800න් අංක එකේ ක්‍රීඩිකාව වන තරුෂි අභිෂේකා හා මීටර් 1500න් අංක එකේ ක්‍රීඩිකාව හිමංසි දුලංජනා ගම්පොල ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට දායාද කල බුද්ධික නුවන් මහතා පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති ජාතික තේරීම් තරඟාවලියේදී තරුෂි අභිෂේකා ආසියාවේ පළමු තැනට ගෙන එන්නට සමත් වූවේය.

එහිදී මීටර් 800 ඉසව්ව විනාඩි 02 තත්පර 09 දශම 16 කින් නිම කල තරුෂි අභිෂේකා මෙම වසරේ ඩුබායි හි පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පරිසාදන මට්ටම අභිබවමින් සුදුසුකම් ලබා ගන්නා අතර මේ වනතුරු කණිෂ්ඨ අංශයෙන් ආසියාවේ අංක එකේ සිටි චීන ක්‍රීඩිකාව yalun WANG ( වි: 02 තත් 10 දශම 12) අභිබවා ආසියාවෙන්ම පළමු තැන ලබා⁣ගන්නට සමත් වී ඇත.

එමෙන්ම මීටර් 1500 කණිෂඨ අංශයේ ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව වන හිමංසි දුලංජනා සිය ස්ථානය ආරක්ෂා කර ගනිමින් තරඟයේ ප්‍රථමයා වූයේ විනාඩි 04 තත්පර 45 දශම 5කින් තරඟය නිම කරමිනි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරඟ වැදුනු ගම්පොල ප්‍රදේශයේම විහාරි රණසිංහ මීටර් 800 ඉසව්ව විනාඩි 02 තත් 10 දශම 73 කින් හා මීටර් 1500 ඉසව්ව විනාඩි 04 තත්පර 37 දශම 27 නිම කරමින් ඉසව් දෙකෙන්ම සිය පුද්ගලික හොඳම දක්ෂතා දක්වන්නට සමත් වීය.

පුහුණුකරු බුද්ධික නුවන් මහතා අවුරුදු 04ක් තුල ගම්පොල මලල ක්‍රීඩාවට කල සේවය අති විශාලය.ඒ අතර ජාත්‍යන්තර පදක්කම් 03ක් සහ ජාත්‍යන්තර නියෝජන 5කි. එමෙන්ම මෙම වසරේ ඩුබාහි පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදී ශ්‍රී ලංකා ධඡය රනින් සරසන්නට තරුෂි අභිෂේකාට හා පුහුණුකරු බුද්ධික මහතාට හැකි වේවායි ගම්පොල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Address

Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when Team BLACK LIONS Athletics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share