28/08/2025
🏊♂️ ජාතික පාසල් පිහිනුම් තරගාවලිය 2025
මහින්ද විදුහලේ Danujith Yashintha — වාර්තාගත රන් පදක්කම් දෙකක්
සුගතදාස පිහිනුම් තටාකයේ දැවැන්ත උණුසුමක් අතරින් ක්‍රීඩාකරුවන්ගේ දක්ෂතා මත, ජාතික පාසල් පිහිනුම් තරගාවලිය 2025 සාර්ථකව පවත්වන ලදි.
මෙම තරගාවලියේදී මහින්ද විදුහලේ W. Danujith Yashintha තම වයස් කාණ්ඩයේ දැවැන්ත කාර්යයක් කරමින් ඉතිහාසගත විදියට වාර්තා පිහිටුවුවේය.
👑 14න් පහළ වයස් කාණ්ඩය (Under-14) 50m Breaststroke තරගයෙහි තත්පර 33:76 කාලයක් ලබා ගනිමින් ඔහු මුල් ස්ථානය දිනාගත් අතර, නව වාර්තාවක් පිහිටුවා සිය නම රන් අකුරින් ලියාගත්තාය.
👑 එමෙන්ම Under-14 100m Breaststroke තරගයද සම්පූර්ණයෙන්ම ආධිපත්‍යය යටතට ගෙන, 1:15.68 කාලයක් සමගින් නැවතත් රන් පදක්කමක් හා නව වාර්තාවක් දිනූ ඔහු, තරග මාලාවේ විශිෂ්ටම ක්‍රීඩකයන්ගෙන් එක්කෙනා බව තහවුරු කළේය.
🥉 තවදුරටත්, ඔහු 100m නිදහස් ආර (Freestyle) තරගයෙහි 3 වන ස්ථානය දක්වා ඉහළ යාමට සමත් විය.
ඊට අමතරව, මේ වසරේ පැවති 50th සමස්ත ලංකා පාසල් ජල ක්‍රීඩා ශූරතාවලියේ තරගවලදී රන් පදක්කම් 2ක් හා රිදී පදක්කමක් දිනූ අතර, 49th ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පාළාත නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩකයා වූයේ ද Yashintha ය.
මෙම සාර්ථකත්වය මගින් මහින්ද විදුහලට මහත්වූ ගෞරවයක් ගෙන දුන් ඔහු, අනාගතයේ දීත් ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩාවේ ප්‍රමුඛ තරුණ තාරකාවක් බවට පත්වන බව සහතිකය.
මෙවර තරගාවලියට දිවයින පුරා 225කට අධික පාසල් සහභාගී වූ අතර, ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 1,100කට වැඩි පිරිසක් තම දක්ෂතා පරීක්ෂා කරමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සඳහා තරග කරති.
🏅 ඔහුගේ අනාගතයට Swim Sri Lanka සුභ පැතුම් එක් කරයි.💐