03/09/2026
ටයිගර් වුඩ්ස්ට වසර පහක රිය පැදවීමේ තහනමක්: මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවෙන් නිදහස්
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් විසින් පසුගිය මාර්තු මාසයේදී ෆ්ලොරිඩාහිදී සිදු වූ රිය අනතුරකට අදාළව ඇති කරගත් එකඟතාවක් මත, මත්පැන් පානය කර රිය පැදවීමේ මුල් චෝදනාව වෙනුවට අවදානම් ලෙස රිය පැදවීමේ චෝදනාවට එකඟ වී තිබෙනවා.
ඒ අනුව, ෆ්ලොරිඩාහි මාටින් ප්‍රාන්තයේ අධිකරණයක් හමුවේ ඇති කරගත් මෙම එකඟතාව යටතේ ටයිගර් වුඩ්ස් හට අමෙරිකානු ඩොලර් 1,000 ක දඩයක් නියම කර ඇති අතර, ඔහුගේ රියැදුරු බලපත්‍රය වසර පහක කාලයකට අත්හිටුවීමටයි නියෝග කර ඇත්තේ.
පසුගිය මාර්තු මාසයේදී සිදුවූ මෙම අනතුරින් පසු වුඩ්ස් මත්පැන් පරීක්ෂාවෙන් (Breathalyser) සමත් වුවද, වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම අනතුරින් කිසිදු තුවාලයක් සිදුව නොමැති අතර, සිදුවීමෙන් පසු ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යම් කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. මෙම සිදුවීම ඔහුගේ ජීවිතයේ මත්පැන් හෝ ඖෂධ බලපෑම යටතේ රිය පැදවීම සම්බන්ධයෙන් වාර්තා වූ දෙවන අත්අඩංගුවට ගැනීම ලෙස සැලකේ.