12/06/2026
"දීපල් අයියේ, කැරම් බෝඩ් එකක් ගන්න පුළුවන්ද"
ඉහතින් දැක්වූයේ වසර 40 කට අධික කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ නිතර ඇසෙන වචන කිහිපයක්.
ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන පැමිණෙන සෑම දෙනාටම හැකි උපරිම ආකාරයෙන් පසුගිය දශක කිහිපයම ඔහු සේවය නිරත විය. ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පවතින ක්‍රීඩා වල නිරත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දීපාල් අයියා ගෙන් ක්‍රීඩා කටයුතු සඳහා ලැබුණු දායකත්වය ගැන මම විස්තර කළ යුතු නැත.
කොළඹ විශ්ව විද්‍යාලයේ සෑම පීඨයකම සිසුන් දන්නා සේවකයකු වේ නම් ඒ දීපාල් අයියාය. ඔබගේ විශ්‍රාම යාම ඇත්ත වශයෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයට විශාල පාඩුවක් වනු නිසැකය.
සුභ විශ්‍රාම දිවියක් දීපාල් අයියේ 🥹