Six Cricket

Six Cricket Sri Lanka's No 01 Cricket Network 🔥
(1)

මෙය ඉතා හදිසි අවස්ථාවක් බැවින් කොට්ටාව, මහරගම, හෝමාගම සිටින ඔබේ මිතුරන් වෙත හැකි තාක් Share කරන්න
30/11/2025

මෙය ඉතා හදිසි අවස්ථාවක් බැවින් කොට්ටාව, මහරගම, හෝමාගම සිටින ඔබේ මිතුරන් වෙත හැකි තාක් Share කරන්න

Bazzball කියන්නේ වේගවත් ලකුණු විතරමද ? මේ දිනවල යොවුන් ඉන්දීය කණ්ඩායම එංගලන්තය තුල තරඟ 5 කින් යුත් ටෙස්ට් තරඟාවලියක නිරත...
17/07/2025

Bazzball කියන්නේ වේගවත් ලකුණු විතරමද ?

මේ දිනවල යොවුන් ඉන්දීය කණ්ඩායම එංගලන්තය තුල තරඟ 5 කින් යුත් ටෙස්ට් තරඟාවලියක නිරත වනවා.නායකත්වය පවා යෞවනයෙකුට පවරමින් ඉන්දියාව මෙවර එංගලන්ත සංචාරයකට එක්වන්නේ පිතිකරණය මත වැඩි බරක් පටවමින්.පිතිකරණ සංයුතිය තුල බහුවිද තරඟරටාවක් සහිත පිතිකරුවන් සුලභ වීම ඊට හේතුවක්.

කරුන් නයර්,සායි සුදර්ශන් යනු අවසන් county තරඟාවලිය තුල අතිශය සාර්ථක තරඟ කාර්තු නිමාකල දෙපලක්.අවසන් දශකයකට සාපේක්ෂව මේ දශකය තුල එංගලන්තය පිතිකරුවන්ට තර්ජනාත්මක බවින් අඩු තණතිලි සැකසෙන යුගයක් නිර්මාණය වීම අඛණ්ඩව දක්නට පුලුවන්.නමුත් සායි හා කරුන් අසාර්ථක වද්දී ඉන්දියානු පිතිකරණ ලැයිස්තුවේ නොම්මර 7 දක්වා සියලුම පිතිකරුවන් ලකුණු අතරට පිවිස අවසන්.

රාහුල්,ගිල්,පාන්ට් ශතක අතර කාර්‍යබහුල වද්දී රවීන්ද්‍ර ජඩේජා වාර්ථාගත පිතිකරණ දස්කම් දක්වන්නට සමත්වුණා . තවමත් තරඟාවලිය සක්‍රීය මට්ටමේ පවතිනවා. ජැස්ප්‍රිට් බුම්රා මෙහෙයවන පන්දු බලඇණිය තුල සිරාජ්,ආකාශ් දීප් නිරන්තර දස්කම් අතරට පිවිසෙන්නට සමත් වීම සුභවාදී කරුණක්.ඉන්දියාව අවසන් ඔස්ට්‍රේලියානු සංචාරය හමාර කරන්නේ පන්දු යවන්නන් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

ඒ අතුරින් මොහොමඩ් සිරාජ් සීඝ්‍ර දියුණුවක් ලියාගත් අයෙක්.ඉශාන්ට් ශර්මා මොහොමඩ් ශමී සහ බුවනේශ්‍වර් කුමාර් වැන්නවුන්ගෙන් හිස් වුණු ඉන්දීය වේගපන්දු බලඇණිය තුල සිරාජ්ගේ කාර්‍ය අතිශය ප්‍රශ්ස්ත බව පසක් කරන්නට ඔහු මෙකී තරඟාවලිය තුල සමත් වුණා.සමස්තයක් වශයෙන් ගත් කල දත්ත සංඛ්‍යා ශතක කඩුලු මේ සියල්ලම එක්කොට ගත්තද මේ යොවුන් ඉන්දීය කණ්ඩායම තරඟාවලිය පුරාවට සත්කාරක එංගලන්තයට ඉදිරියෙන් සිටින බව තරඟාවලිය පුරාවට පෙන්වූ සුලභ දසුනක්.

නමුත් තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදී තරඟාවලියේ පෙරමුණ ගන්නට සමත් වන්නේ අවසන් තරඟයේ ලද පෙරලිකාර ජයත් සමඟින්. ජෝ රූට්,හැරී බෲක් හා ජිමී ස්මිත් පිතිකරණ බල ඇණිය තුල දියත් කරන්නේ ආක්‍රමණශීලී පිතිකරණ රටාවක්.නමුත් ජෝ රූට් බෲක් හා ස්මිත්ගේ පිතිකරණ ස්ථායී බාවය අයෙක්ගෙන් අයෙක්ට බොහෝ සේ වෙනස්. ඉන්දීය වේගපන්දු යවන්නන් කෙතරම් පාලනයක් නිර්මාණය කරගත්තද මේ පිතිකරණ විලාශය බොහෝ විට ඔවුන් තරඟයෙන් එලියට ඇදදමන්නට සමත්වුණා.

ඇන්ඩර්සන් හා බ්‍රෝඩ් ගේ විශ්‍රාම ගැනීමත් ඔලී රොබින්සන් වැනි පැහැබර අනාගතයක් තිබූ ක්‍රීඩකයින් හට විනය ගැටලු ඉස්මතු වීමත් පැයට හැතැප්ම 90 සීමාව අඛණ්ඩව රඳවාගත් වේගවත් පන්දුයවන්නන්ගේ ආබාධත් ශොයිබ් බශීර් වැනි අතිශය දුර්වල දඟ පන්දු යවන්නෙක් ඔවුන්ගේ සංචිතයේ ප්‍රධාන දඟ පන්දු යවන්නාගේ භූමිකාව නියෝජනය කිරීමත් එංගලන්ත පන්දු බලඇණිය අස්ථාවර මට්ටමක රඳවා තබන කරුණක්. මේ පන්දු බලඇණිය පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව ඉන්දීය යොවුන් පිතිකරුවන් සතුව තිබෙනවා.එය ඔවුන් දිගටම පෙන්වූ කරුණක්. නමුත් එංගලන්ත ක්‍රීඩකයින් තරඟ කෙටි ප්‍ර්‍යත්න්‍යන්ගෙන් තමන් දෙසට නතුකරගන්නට සමත් වීම ඊට බොහෝ සෙයින් පෙනුණු කරුණක්.

බොහෝ දෙනෙක් පන්දුවාරයකට ලකුනු 5 ක් ඉක්මවා රඳවා ගැනීම bazzball බව සිතුවත් තරඟාවලිය පුරාවට එංගලන්තය දියත් කලේ සටන්කාමී ක්‍රීඩා විලාශයක් . ඔවුන් පන්දුවාරයක් තුල ඉහළ ලකුණු පුවරක් සොයා ගියේ නොමැති තරම් . ඉන්දීය ක්‍රීඩකයින් එංගලන්ත ක්‍රීඩකයන් හා බහින්බස් වීම පිටිය තුල නිරන්තරයෙන් sledge කිරීම් දක්නට ලැබුණු කරුණක්. මේවාට ඔවුන් පාදක කරගත්තේද වෙනදා එංගලන්තය වේගවත් ලකුණු ලබාගැනීම් සිදුකිරීම මෙවර කිරීමට අපොහොසත් වීමයි. ක්‍රව්ලි හා ගිල් ගේ බහින්බස් වීමත් ඒ අතර ප්‍රධානයි.නමුත් ක්‍රිකට් ප්‍රේක්ශකාගාර තුල ටෙස්ට් ක්‍රිකට් රසකාමීත්වයට ස්ටෝක්ස්-මැකලම් යුගය නිර්මාණය කරන්නේ සුවිසල් අත්දැකීමක්.

තරඟාවලිය පුරාවට පිත්තෙන් හරිහමන් යමක් කරන්නට නොහැකිවූ බෙන්ස්ටෝක්ස් පන්දුවෙන්ද දැනෙනන යමක් කලේ නෑ. කඩුලු 5 අවස්තා,අර්ධ ශතක,ශතක නොවුනාට ඔහු අවසන් තරඟය හමාර කලේ තරඟයේ වීරයා වෙමින් . ක්‍රීඩකයෙකුට ක්‍රීඩාව තුල නිර්මාණය කල හැකි වටිනාම දෙය ලකුණු කඳු හෝ කඩුළු මළු නොවන බවත් ජයග්‍රහණයන් තුල ශබ්ධ නගන impacts බවත් උක්ත ලියා තැබූ මැකලම් ස්ටෝක්ස් යුගය ප්‍රේක්ශකයන්ගේ දිනපොත් තුල යාවත්කාලීන කල කරුණක්.

ප්‍රේක්ශකගාර හිස් නොවන්නට වගබලාගත් ඔවුන් ප්‍රේක්ෂකයන්ට ඉතිරිකල මතක තුල දත්ත කඳු ඉක්මවා impacts ගැන කතා වෙනු ඇත.

‘රෝහිත් ෂර්මා විනිශ්චය නොකර ඉමු, මොකද ඔබ ලගදිම ඔහුව ප්‍රශංසා කරයි’ – MI පිතිකරණ පුහුණුකරු කීරන් පොලාර්ඩ් කියයි.
04/04/2025

‘රෝහිත් ෂර්මා විනිශ්චය නොකර ඉමු, මොකද ඔබ ලගදිම ඔහුව ප්‍රශංසා කරයි’ – MI පිතිකරණ පුහුණුකරු කීරන් පොලාර්ඩ් කියයි.

“සමහර වෙලාවට අඩු ලකුණු කිහිපයක් ලැබෙන අවස්ථා තියෙනවා… ඔහු තනි පුද්ගලයෙක් විදිහට දැන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව ර.....

මම ටිකක් හැගීම්බර් උනා – මොහොමඩ් සිරාජ් හැගීම්බර වෙයි
03/04/2025

මම ටිකක් හැගීම්බර් උනා – මොහොමඩ් සිරාජ් හැගීම්බර වෙයි

“මම ටිකක් හැඟීම්බර වුණා, මොකද මම මෙහි අවුරුදු හතක් රතු ජර්සියෙන් ක්‍රීඩා කළ නිසා,” තරගයේ වීරයා ලෙස නම් කිරීමෙන් පස...

ජේකබ් ඩෆී විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්වේ
03/04/2025

ජේකබ් ඩෆී විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්වේ

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේකබ් ඩෆී නව අංක 1 පිරිමි T20I පන්දු යවන්නා බවට පත්වී තිබේ. පාකිස්තානයට එරෙහිව නවසීලන.....

බුම්රාගේ ආබාධය ටිකක් බරපතලයි – වෛද්‍ය කණ්ඩායම් කියයි
02/04/2025

බුම්රාගේ ආබාධය ටිකක් බරපතලයි – වෛද්‍ය කණ්ඩායම් කියයි

“බුම්රාගේ ආබාධය ටිකක් බරපතලයි. වෛද්‍ය කණ්ඩායමට අවශ්‍ය වන්නේ ඔහුට ආතති අස්ථි බිඳීමක් සිදු නොවන බවට වග බලා ගැනීමටය...

ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන කමිටු තුනකට පත් කෙරේ.
02/04/2025

ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන කමිටු තුනකට පත් කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපතිවරයා ලෙස අඛණ්ඩව සිව්වන වරටත් නිතරගයෙන් තේරී පත් වූ ෂම්මි සිල්වා, ජාත්‍යන්තර ක්‍රික.....

එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් පත් කෙරේ
02/04/2025

එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් පත් කෙරේ

එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස චාලට් එඩ්වර්ඩ්ස් පත් කර තිබේ. 300 වතාවකට වඩා තම රට නියෝජනය කළ හි.....

ආභාධයට පත් වූ චැප්මන් වෙනුවට සයිෆර්ට්ට එක්දින කැඳවීමක් !
01/04/2025

ආභාධයට පත් වූ චැප්මන් වෙනුවට සයිෆර්ට්ට එක්දින කැඳවීමක් !

නවසීලන්ත පිතිකරු මාර්ක් චැප්මන් පාකිස්තානයට එරෙහිව හැමිල්ටන් හි පැවති දෙවන එක්දින තරගයෙන් ඉවත් කර ඇති අතර, ඔහුග....

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල වසර 22කට පසු කෝට්ටේ හටන ජයගනී.
01/04/2025

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල වසර 22කට පසු කෝට්ටේ හටන ජයගනී.

කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා සාන්ත තෝමස් විදුහල අතර පැවති කෝට්ටේ හටන මහා ක්‍රිකට් තරගයේ ජය වසර...

ශම්මි සිල්වා 4 වැනි වරටත් නිතරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තේරී පත්වෙයි..
31/03/2025

ශම්මි සිල්වා 4 වැනි වරටත් නිතරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තේරී පත්වෙයි..

2025–2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

මුම්බායි ඉන්දියන්ස් නායක පාන්ඩ්‍යාට දඩ !
31/03/2025

මුම්බායි ඉන්දියන්ස් නායක පාන්ඩ්‍යාට දඩ !

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අහමදාබාද්හිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මන්දගාමී පන්දු...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Six Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Six Cricket:

Share

Category