01/03/2021
තරඟය පාවා දුන්නාද????????
මංචි ජාතික වොලිබෝල් තරඟාවලියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තරඟයක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම හා ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම අතර තරඟය මහත් කතාබහට ලක්වූවා.ඒ තරඟ පාවාදීමක් සම්බන්ධව.මෙහි සත්‍ය අසත්‍ය අපි නොදන්නා අතර සමහර පිරිසක් අප SLV සමූහයටද චෝදනා කලේ අප සජීවි විකාශය නැවැත්වූයේ කිසිවෙකුගේ උවමනාවකට බවයි.
මෙම තරඟය යුධ හමුදාව පරාජය වූවා නම් යුධ හමුදාව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වේ.එවිට ඕෂන් ලංකා කණ්ඩායම අවසන් වටයට තේරී පත් වේ.එම නිසා විදුලි බල මණ්ඩලය තරඟය හිතා මතා පරාජය වී යුධ හමුදා කණ්ඩායමට අවසන් වටයට පැමිණීමට අවස්තාව ලබා දුන් බවට වොලිබෝල් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.
විදුලි බල මණ්ඩල කණ්ඩායම තරඟය පරාජය වීම නිසා ඕෂන් ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස තරඟාවලියෙන් එලියට විසි වූ අතර යුධ හමුදාව අවසන් වටයට පැමිණිමට සමත් වූවා.
තරඟය යුධ හමුදාව වෙත හිතා මතා පරාජය වීම සෑබෑවටම සිදුවූවානම් එය වොලිබෝල් වලට කලු පැල්ලමකි.ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සිටින විදුලි බල මණ්ඩල කණ්ඩායමෙන් මෙවැනි සිදුවීමක් සිදුවීම වොලිබෝල් ක්‍රීඩාවේ ජීව ගුණයට එප්ල කල මරු පහරකි.
විදේශ රටවල් තුල තරඟ පාවාදීම් සම්බන්ධව දැඩි දඩුවම් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේද එවැනි දඩුවම් අවශ්‍ය කාලයක් පැමිණ ඇතැයි අපේක්ෂා කරමු.මේ පිලිබඳ වොලිබෝල් බලධාරීන්ද මුනිවත රැකීම මහත් ගැටලුවකි.අපට ගැටලුව පෙන්වා දිය හැකි අතර ඒවාට අදාල ක්‍රියා මාර්ග ගැනීමට අපට බලයක් නොමැත. අවසානයේදී ඉතාමත් දක්ෂ කණ්ඩායමකට තරඟාවලියෙන් ඉවතට විසි වන්නට සිදු වුනි.ශ්‍රී ලංකා වොලිබෝල් වල ගජ මිතුරු ස්වරූපය නැවත පසක් කරමින් 2021 මංචි වොලිබෝල් තරඟාවලිය නම් අවසන් විය.
Thenuka Vidanagamage
Namal Rajapaksa
Namal Rajapaksa Media
Ministry of Youth and Sports