Millionz Crick Info

Directions Website Contact the business

Millionz Crick Info Its all About Cricket.. get update with us..

පවන් රත්නායකගේ සුපිරි උඩ පන්දු  රැකගැනීම..  Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥
31/10/2026

පවන් රත්නායකගේ සුපිරි උඩ පන්දු රැකගැනීම..



Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

Danny with his family.. ❤
28/10/2026

Danny with his family.. ❤

"අපේ දවස උදාවුනාම අපට සම කල හැකි වෙනත් කණ්ඩායමක් නෑ!" 🔥🇱🇰සුපිරි ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහ...
24/10/2026

"අපේ දවස උදාවුනාම අපට සම කල හැකි වෙනත් කණ්ඩායමක් නෑ!" 🔥🇱🇰

සුපිරි ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය තබපු සටහන!

"ඉතා විශිෂ්ට ලෙස ඉලක්කය හඹා යෑම ගැන සුභ පැතුම් කොල්ලනේ. අපේ දවස උදාවුනාම අපට සම කල හැකි වෙනත් කණ්ඩායමක් නෑ. මම නිතරම කියන විදියට අපේ කණ්ඩායම තුළ දක්ශතා තියෙනවා. ඉතා හොඳයි. දිගටම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙනදෙන්න.."

දිගටම මේ විදියටම ගේම ගහමු කොල්ලනේ! 🇱🇰🦁💪

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

🚨 ශ්‍රී ලංකා - පාකිස්ථාන ටෙස්ට් සංචිතය නිකුත් වෙයි! 🇱🇰🏏තරග 2කින් යුත් පාකිස්ථාන ටෙස්ට් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ...
13/10/2026

🚨 ශ්‍රී ලංකා - පාකිස්ථාන ටෙස්ට් සංචිතය නිකුත් වෙයි! 🇱🇰🏏

තරග 2කින් යුත් පාකිස්ථාන ටෙස්ට් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ විශේෂතා:

🔹 එෂාන් මාලිංග සහ අංජල බණ්ඩාර ප්‍රථම වතාවට ටෙස්ට් සංචිතයට!
🔹 වේගපන්දු යවන දිල්ෂාන් මධුශංක නැවතත් කණ්ඩායමට!
🔹 කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සංචිතයෙන් ඉවතට!

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

🚨🇱🇰 “ක්‍රීඩකයන් නොමැති විට අපට තරග පරාජය වීමට සිදුවෙනවා. නව ක්‍රීඩකයන් බිහිකර ගත යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයි. අපි ඉවසීම...
13/10/2026

🚨🇱🇰 “ක්‍රීඩකයන් නොමැති විට අපට තරග පරාජය වීමට සිදුවෙනවා. නව ක්‍රීඩකයන් බිහිකර ගත යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයි. අපි ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.” 🏏

🗣️ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කරයි.

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

🇱🇰🏏 පරාජයෙන් පසු කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රකාශයක්!පාකිස්තානය හමුවේ ලැබූ පරාජයෙන් පසු අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන...
12/10/2026

🇱🇰🏏 පරාජයෙන් පසු කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රකාශයක්!

පාකිස්තානය හමුවේ ලැබූ පරාජයෙන් පසු අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්, පිතිකරණයේ සහ පන්දු රැකීමේ අඩුපාඩු නිවැරදි කරගෙන මීළඟ තරගයේදී ජයග්‍රහණයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තම කණ්ඩායමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළා. ❤️🔥

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

🚨 NEWS ALERT 🇱🇰🏏'Island Sports' වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන නායකත්වය කුසල් මෙන්ඩිස...
06/10/2026

🚨 NEWS ALERT 🇱🇰🏏

'Island Sports' වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමට වැඩි ඉඩක් පවතිනවා.

තේරීම් කමිටුව විසින් ටෙස්ට් නායකත්වය සඳහා ස්ථිර විසඳුමකට එළඹෙන තෙක්, කුසල් මෙන්ඩිස් හට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම තරග රටාවන් (Formats) මෙහෙයවීමේ වගකීම හිමිවීමට නියමිතයි. ✍️👇

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

🚨🏏 එක්දින පිටියේ වර්තමාන රජු කවුද? — සංඛ්‍යා ලේඛනවලින්ම උත්තරය දෙන ගිල්! 👑🇮🇳ශ්‍රේෂ්ඨ එක්දින පිතිකරුවෙකු ලෙස සිය නම තවදුර...
30/09/2026

🚨🏏 එක්දින පිටියේ වර්තමාන රජු කවුද? — සංඛ්‍යා ලේඛනවලින්ම උත්තරය දෙන ගිල්! 👑🇮🇳

ශ්‍රේෂ්ඨ එක්දින පිතිකරුවෙකු ලෙස සිය නම තවදුරටත් ඉහළටම ගෙන යමින් සිටින ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් මේ වන විට එක්දින ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා රැසකට හිමිකම් කියනවා.

🔹 පන්දු 117කදී ද්විත්ව ශතකයක් රැස් කරමින් එක්දින ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකයට හිමිකම් කීම. ✅

🔹 එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පැමිණීම. ✅

🔹 එක්දින ලකුණු 3,500 සීමාව වේගවත්ම ලෙස පසුකරමින් නව වාර්තාවක් පිහිටුවීම. ✅

📊 තවත් විශේෂත්වයක් වන්නේ ඔහුගේ මෑත කාලීන දක්ෂතාවයි.

අවසන් එක්දින තරග 10 තුළදී ශතක 2ක්, ද්විත්ව ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ගිල් සමත්ව තිබෙනවා. 🔥

ලකුණු 400කට අධික ඉලක්කයක් හඹා යන තරගයකදී කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් අඩකටත් වඩා තනිවම රැස් කිරීම ඔහුගේ වර්තමාන පිතිකරණ ආධිපත්‍යය තවත් පැහැදිලි කරන අවස්ථාවක්.

සචින් ටෙන්ඩුල්කාර්ගෙන් පසුව විරාත් කෝලි, කෝලිගෙන් පසුව ශුබ්මන් ගිල් — එක්දින ක්‍රිකට් පිටියේ මීළඟ දැවැන්ත පිතිකරණ යුගය ගිල්ගේ නමින් ලියැවෙමින් තිබෙන බව නම් ඔහුගේ වාර්තා දෙස බැලූ විට පැහැදිලියි. 👑🔥

❤️ වර්තමාන එක්දින පිටියේ ගිල්ගේ ආධිපත්‍යය නම් කතා දෙකක් නැහැ!

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

ශුබ්මන් - රෝහිට් ප්‍රබල ප්‍රහාරයක: ලකුණු 406ක දැවැන්ත TARGET එක හමුවේ ඉන්දියාවෙන් සුපිරි ආරම්භයක්!ගුවහාටි (Guwahati):බටහ...
30/09/2026

ශුබ්මන් - රෝහිට් ප්‍රබල ප්‍රහාරයක: ලකුණු 406ක දැවැන්ත TARGET එක හමුවේ ඉන්දියාවෙන් සුපිරි ආරම්භයක්!

ගුවහාටි (Guwahati):
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින අන්තර්ජාතික ක්‍රිකට් (ODI) තරගයේදී ලකුණු 406ක දැවැන්ත විජයග්‍රාහී ඉලක්කයක් හඹායන ඉන්දීය කණ්ඩායම, නායක Shubman Gill සහ Rohit Sharmaගේ ප්‍රබල ඉනිම් හේතුවෙන් තරගයේ පූර්ණ පාලනය තමන් සතු කරගැනීමට සමත්ව සිටිනවා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් පළමුවෙන් Bat කළ කොදෙව් පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 405ක් රැස් කළා. කොදෙව් ඉනිම වෙනුවෙන් John Campbell (101), Amir Jangoo (114) සහ Shai Hope (104) යන ක්‍රීඩකයින් තිදෙනාම Century වාර්තා කරමින් කොදෙව් එක්දින ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව Board එකට එකතු කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය කොදෙව් පන්දු යවන්නන්ට කිසිදු ඉඩක් නොතබමින් ප්‍රබල Counter-Attack එකක නිරත වුණා. පන්දුවාර 20ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී (188/0) ලකුණු 188ක් ලබාගැනීමට ඉන්දියාව සමත් වුණා.

නායක Shubman Gill පන්දු 61කින් 4s 9ක් සහ 6s 5ක් සමගින් Runs 96*ක් ලබාගෙන Nervous Nineties සීමාවේ පසුවන අතර, අනෙක් අන්තයෙන් ඔහුට වේගවත් සහයක් දෙන Rohit Sharma පන්දු 62කින් 4s 7ක් සහ 6s 6ක් සමගින් Runs 83*ක් ලබාගෙන පිටියේ නොදැවී රැඳී සිටිනවා.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30ක් තුළ තවත් අවශ්‍ය වන්නේ ලකුණු 218ක් පමණයි.

ලකුණු සටහන (Scoreboard Summary):
• West Indies: 405/7 (Overs 50.0)
• India: 188/0 (Overs 20.0) - CRR: 9.40
• Target Equation: පන්දු 180කින් ලකුණු 218යි (Wickets 10ක් අතැතිව)

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

🚨 කුසල් මෙන්ඩිස්ට එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල නව ඉහළම ස්ථානයක් 🇱🇰🏏ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, ...
30/09/2026

🚨 කුසල් මෙන්ඩිස්ට එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල නව ඉහළම ස්ථානයක් 🇱🇰🏏

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, නවතම ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ලෝක එක්දින පිතිකරුවන් අතර 7 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර, ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 674ක්.

පසුගිය ශ්‍රේණිගත කිරීම්වලට සාපේක්ෂව ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට කුසල් සමත්ව තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති මෑත එක්දින තරගාවලියේදී කුසල් මෙන්ඩිස් දැක්වූ දක්ෂතා මෙම ඉහළ යාමට දායක වී තිබෙනවා.

🇱🇰🔥 ශ්‍රී ලංකා නායකයා දැන් ලෝකයේ හොඳම එක්දින පිතිකරුවන් 10 දෙනා අතර!

Millionz Crick Info — Game එකට එහා ගිය Cricket! 🔥

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Millionz Crick Info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Millionz Crick Info:

Shortcuts

Share