17/10/2026
තරග 5 කින් සමන්විත ඉන්දියා - බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය පසුගියදා ආරම්භ වෙන්නේ සත්කාරක ඉන්දියාව කලින්ම තරගාවලියේ ජය තමන් සතුකර ගනී කියන අනාවැකිත් එක්ක.
හැබැයි දැන් මේ සේරම අනාවැකි බොරු කරමින් තරගාවලිය 2-2 ක් විදිහට සම වෙලා තියෙනවා.
වැඩි ලකුණු වාර්තා වුණ, පිතිකරුවන්ගේ පරාදීස බඳු තණතීරු වල ලකුණු වලින්ම විසඳුන තරග 4 ක නිමාවට පස්සේ අද මේ කණ්ඩායම් 2 තීරණාත්මක 5 වෙනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයට අද බැංගලෝරයේ චින්නසාමි ක්‍රීඩාංගනයට පැමිණෙනවා.
මේ තරගයත් අනිවාර්යයෙන්ම පිතිකරුවන්ගේ තරගයක් වුණොත් ඒක පුදුමයට කාරණයක් නොවෙන්නේ චින්නසාමි කියන්නෙත් පිතිකරුවන්ගේ පාරාදීසයක් වීම හේතුවෙන්.
මීට කලින් ඉන්දියාව ඇතුළේ දෙරට අතර පැවැත්වුණ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් බටහිර ඉන්දීය කොදෙව්වන් කවදාවත් ජයග්‍රහණය කරලා නෑ. ඔවුන්ට අවස්ථාව තියෙනවා අද ඉතිහාසය නැවත ලියන්න නෙමෙයි ඉතිහාසය අලුතින්ම ලියන්න.
අනිත් පැත්තෙන් ඉන්දියාව තමන්ගේ රට ඇතුළේ 2019 න් පස්සේ පන්දුවාර 20 Bilateral Series එකක් පරාද වෙලා නෑ. අවුරුදු 7 කට පස්සේ තමන්ගේ රටේදී තමන්ගේ ප්‍රේක්ෂකයන් ඉදිරියේම මෙහෙම අවමානයකට ලක් වෙන්න ඔවුන්ට බෑ.
විශේෂයෙන්ම නව නායක ශ්‍රෙයාස් අයියර්ට තමන්ගේ ප්‍රේක්ෂකයන් හමුවේ ඔප්පු කරන්න දෙයක් තවම ඉතිරි වෙලා තියෙනවා.
2026 අවුරුද්දේ චින්නස්වාමි ක්‍රීඩාංගනයේ පන්දුවාර 20 ක්‍රිකට් වල පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම් වල ලකුණු සාමාන්‍යය 195 ක්. ඒ කියන්නේ ඇත්තටම ආසන්න ලකුණු 200 ක සාමාන්‍යයක් ක්‍රීඩාංගනයේ තියෙනවා.
මොන ආකාරයේ පන්දුවාර 20 තරගයක වුණත් චින්න්ස්වාමි වල වැඩි වාසිය තියෙන්නේ ලකුණු හඹා යාමේ කණ්ඩායමට. වැඩි ජයග්‍රහණයන් ප්‍රමාණයක් දිනාගෙන තියෙන්නේ ලකුණු හඹා ගිය කණ්ඩායම්.
විශේෂයෙන්ම චින්නස්වාමි වල ක්‍රීඩාගංනයේ හතරේ සීමාව ළඟයි. ඒ වගේම රෑට පින්නත් එක්ක බලපෑමක් එන්නත් පුළුවන්. මේ නිසා කාසියේ වාසිය ලොකු බලපෑමක් එල්ල කරාවි.
කොදෙව්වන් වගේම ඉන්දියාවත් එන්නේ බරඅවි රැසක් සූදානම් කරගෙන. මේ කණ්ඩායම් දෙකටම ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වෙන්න හැකියාව තියෙන දරුණු ප්‍රහාරක පිතිකරුවන් රාශියක් ඉන්නවා.
හැබැයි අද තරගයේ වැඩි පීඩනයක් තියෙන්නේ ඉන්දියාව සතුව. මොකද කොදෙව්වන්ට නැති වෙන්න දෙයක් නෑ. ඉතිහාසයේ අන්න එහෙම නැති වෙන්න දෙයක් නැති අවස්ථා වල උපරිමයෙන් වැඩ පෙන්නපු ඩැරන් සැමී තමයි කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු විදිහ