SM SUWA CARE

SM SUWA CARE sport masseurs ana manual therapy. body health

08/09/2026
31/08/2026
ඔබේ ශරීරය... ඔබ සිතනවාට වඩා බොහෝ ගුණයකින් අභූත සහ පුදුමාකාරයි! 🤯​අප දිනපතා භාවිත කරන මෙම මිනිස් සිරුර තුළ කොතෙක් නම් කෝට...
01/08/2026

ඔබේ ශරීරය... ඔබ සිතනවාට වඩා බොහෝ ගුණයකින් අභූත සහ පුදුමාකාරයි! 🤯

​අප දිනපතා භාවිත කරන මෙම මිනිස් සිරුර තුළ කොතෙක් නම් කෝටි ගණනක අරුමපුදුම දේවල් සැඟවී තිබේදැයි ඔබ දන්නවාද?

​මෙම පින්තූරයේ දැක්වෙන සංඛ්‍යාවන් සියල්ලම ආසන්න අගයන් වේ. නමුත් ඒවා මගින් මිනිස් සිරුරේ ඇති සංකීර්ණ ව්‍යුහය සහ විස්මිත ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට උපකාරී වේ.

​🔷 🦴 ඇටකටු (අස්ථි) - 206

උපතේදී ළදරුවෙකුට අස්ථි 270ක් පමණ පවතී. වැඩෙත්ම සමහර අස්ථි එකිනෙකට බද්ධ වී (සංයෝජනය වී), වැඩුණු අයෙකුගේ අස්ථි 206ක් බවට පත්වේ. අපගේ මුළු සිරුරේම හැඩය දරා සිටින්නේ මේවාය.

​💪 පේශි (මස්පිඬු) - 650ක් පමණ

සිනාසීමේ සිට දිවීම දක්වා සෑම චලනයකටම වගකියන්නේ පේශීන්ය. ඇතැම් පේශි අපගේ අභිමතය පරිදි ක්‍රියා කරන අතර, හෘදය වැනි අවයව අපගේ අවධානයෙන් තොරවම නොනවත්වා ක්‍රියා කරයි.

​🔗 අස්ථිබන්ධන (Ligaments) - 900ක් පමණ

අස්ථි එකිනෙකට සම්බන්ධ කරමින්, සන්ධි ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ. මේවා නොමැති නම් අපගේ සිරුරේ ස්ථාවරත්වය නැති වී යනු ඇත.

​🦴 කණ්ඩරා (Tendons) - දහස් ගණනක්

පේශි සහ අස්ථි එකිනෙකට සම්බන්ධ කරන ශක්තිමත් නාඩිය. රූපයේ 4000ක් ලෙස සඳහන් වුවද, ඒවායේ නිවැරදි සංඛ්‍යාව ගණනය කිරීම පහසු නැත. සිරුරේ බොහෝ ස්ථානවල අනන්තවත් අතු බෙදී පවතී.

​🦴 සන්ධි - 360ක් පමණ

හිස හැරවීම, අත් නැමීම, ඇවිදීම, දිවීම වැනි සියලුම චලනයන් සඳහා පදනම වන්නේ සන්ධිය.

​❤️ අවයව - 80ක් පමණ

හෘදය, පෙනහැලි, අක්මාව, වකුගඩු, මොළය, අන්ත්‍ර ඇතුළු සෑම අවයවයක්ම වෙන වෙනම වගකීම් භාරගෙන පැය 24 පුරාම නොනවත්වා ක්‍රියා කරයි.

​🩸 ලේ නහර (රුධිර වාහිනී) - කිලෝමීටර 96,000ක් පමණ

එක් මිනිසෙකුගේ සියලුම රුධිර වාහිනී එක දිගට දිග හැරියහොත්, පෘථිවිය දෙවතාවක් වට කර තැබිය හැකි තරම් දිගු බව විද්‍යාඥයෝ ඇස්තමේන්තු කරති.

​🧠 ස්නායු සෛල (Neurons) - බිලියන 86 සිට 100 දක්වා

පැරණි ඇස්තමේන්තුවල බිලියන 100ක් ලෙස පැවසුවද, වර්තමාන බොහෝ පර්යේෂණවලට අනුව මිනිස් මොළයේ ස්නායු සෛල බිලියන 86ක් පමණ පවතී. මතකය, සිතීම, ඉගෙනීම සහ හැඟීම් සියල්ලටම හේතුව මේවාය.

​⚡ ස්නායු - යුගල 43ක්

කපාල ස්නායු යුගල 12ක් සහ සුෂුම්නා ස්නායු යුගල 31ක් එක්ව, සිරුරේ සෑම කොටසකටම විදුලි වේගයෙන් තොරතුරු හුවමාරු කරයි.

​🧬 සෛල - ට්‍රිලියන 37ක් පමණ

ඔබේ සිරුරේ ඇති සෑම සෛලයක්ම කුඩා කර්මාන්තශාලාවක් මෙන් ක්‍රියා කරයි. පැරණි සෛල විනාශ වී, නව සෛල සෑදෙන විස්මිත ක්‍රියාවලිය ජීවිත කාලය පුරාම සිදුවේ.

​🌍 මෙම ලෝකයේ ඔබ භාවිත කරන වටිනාම "යන්ත්‍රය" ඔබේම සිරුරයි. එයට නිසි ආහාර, ප්‍රමාණවත් නින්ද, දිනපතා ව්‍යායාම සහ යහපත් ජීවන රටාවක් ලබා දුන්නොත්, එය වසර ගණනාවක් ඔබ වෙනුවෙන් විස්මිත ලෙස ක්‍රියා කරනු ඇත.

​💬 මෙම තොරතුරුවලින් ඔබව වඩාත්ම පුදුමයට පත් කළේ කුමක්ද? Comment එකකින් කියන්න!
​📢 මෙම සටහන ප්‍රයෝජනවත් යැයි හැඟේ නම්, ඔබේ යහළුවන්ටත් දැනගැනීම සඳහා Share කරන්න!

ඔහු හිතුවේ ඒක පොඩි තුවාලයක් කියලා…  දවස් කිහිපයකින් ඔහුගේ ජීවිතය වෙනස් වුණා .මේකේ පේනවාද මේ තමයි  පිටගැස්ම  (Tetanus) රෝ...
31/07/2026

ඔහු හිතුවේ ඒක පොඩි තුවාලයක් කියලා… දවස් කිහිපයකින් ඔහුගේ ජීවිතය වෙනස් වුණා .

මේකේ පේනවාද මේ තමයි පිටගැස්ම (Tetanus) රෝගයේ දරුණුතම අවස්ථාවක් .

මෙහිදී සිරුරේ මස්පිඩු අපේ පාලනයෙන් තොරව තද වෙමින් , වේදනාකාරී ලෙස ගැස්සීම් ඇතිවෙයි . සමහර අවස්ථාවල රෝගියාට හුස්ම ගැනීමටවත් අපහසු වේන්න පුලුවන් .

ඒ නිසා අ මේ ගැන කතා කරමු බොහෝ දෙනා නොසලකා හරින නමුත් ඉතා භයානක රෝගයක් වන පිටගැස්ම ගැන .

🤔 මොකක්ද මේ පිටගැස්ම 👋Tetanus

පිටගැස්ම කියන්නේ Clostridium tetani කියන බැක්ටීරියාව මගින් ඇතිවන බරපතළ රෝගී තත්ත්වයක් .

මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වුණාම එය toxins කියන විෂ ද්‍රව්‍ය නිපදවලා අපේ ස්නායු පද්ධතියට බලපානවා .

ඒවා නිසා මස්පිඩු අසාමාන්‍ය ලෙස තද වීම, ගැස්සීම සහ හුස්ම ගැනීමේ අපහසුව පවා ඇතිවෙන්න පුළුවන් මේකේදි .

නිසි ප්‍රතිකාර නොලැබුණොත් මෙය ජීවිත අවදානමක් දක්වා යා හැකියි.

අපේ අය ගොඩක්ම හිතන්නේ මේක මලකඩ නිසා වේන එකක් කියලා .

ඇත්තටම එහෙම නේවේයි .

ඇත්තටම මේ බැක්ටීරියාව වැඩිපුරම හමුවෙන්නේ

• පස් වල
• දූවිලි වල
• සත්ත්ව මළපහ වල
• අපිරිසිදු පරිසර වල

ඒ නිසා පොළොවට, මඩට, දූවිලිට හෝ අපිරිසිදු දේකට සම්බන්ධ වූ ඕනෑම තුවාලයකින් මෙම රෝගය ඇතිවෙන්න පුළුවන්.

⚠️ මේ අවදානම වැඩි කාටද?

මලකඩ කාපු ඇණ, කටු, වීදුරු කැබලි ඇනුණු අයට.

පස් හෝ මඩ තැවරුණු තුවාල ඇති අයට.

ගැඹුරු කැපුම් තුවාල ඇති අයට.

පිළිස්සුම් තුවාල ඇති අයට.

සත්ව කටුම්/සීරීම් ඇති අයට.

🚩 පිටගැස්ම එන්නත නියමිත කාලයට ලබා නොගත් අයට.

🚨 මේ ලක්ෂණ තිබේ නම් සැලකිලිමත් වෙන්න හරිද .

🔸 කට ඇරීමට අපහසු වීම ඇති අයට

🔸 බෙල්ල හා කොන්ද තද වීම ඇති අයට

🔸 ගිලීමට අපහසු වීම ඇතිවේන්නත් පුලුවන්

🔸 සිරුරේ මස්පිඩු වේදනාකාරී ලෙස ගැස්සීම .

🔸 අධික වේදනාව සහ සිරුර වක්‍ර වීම

🔸 හුස්ම ගැනීමේ අපහසුව

මෙවැනි ලක්ෂණ තිබේ නම් වහාම රෝහලකට යන්න.

🛡️ පිටගැස්මෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද .

✅ තුවාලයක් වූ වහාම ගලා යන පිරිසිදු ජලයෙන් සහ සබන් යොදා හොඳින් සෝදන්න.

✅ තුවාලය අපිරිසිදු නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

✅ පිටගැස්ම එන්නත (Tetanus Toxoid) නියමිත කාලයට ලබාගන්න.

✅ අවසන් බූස්ටර් එන්නත අරගෙන වසර 10කට වඩා ගියා නම් නැවත බූස්ටර් එකක් ලබාගැනීම වැදගත්.

✅ කුඩා තුවාලයක් වුණත් නොසලකා හරින්න එපා.

සමහර වෙලාවට ජීවිතයටම අවදානමක් වෙන්න පුළුවන් .

ඒ නිසා තුවාලයක් උනොත් වෛද්‍යවරයෙක් හමුවීම ඉතා වැදගත්.

🩺 Gemunu Bandara (Nursing Officer)

Address

Colombo, Kelaniya, Gampola
Colombo
20500

Website

Alerts

Be the first to know and let us send you an email when SM SUWA CARE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share