26/09/2026
දසුන්ගෙන් මීට වඩා වැඩක් ගන්න බැරිද ???🏆🏏🔥
අපිට මේ කාලේ ඉන්න හොදම ප්‍රහාරකයා දසුන්..ඒකෙ විවාදයක් නැහැ..නමුත් ඔහුගෙන් ගන්න සේවය ප්‍රමාණවත්ද ?? ඇතැම් විට ඔහුත් ලැබුනු අවස්ථාවෙන් උපරිමය කලේද නැත....
හෙට පැවැත්වෙන 03 වන එක්දින තරගයට දසුන් ගැන සලකා බැලීමේ වරදක් නැත...මේ සංචාරය පුරා යම් පසුබෑමක් පෙන්වන අසලංකට වේවේකයක් දී දසුන්ට ඒ අවස්ථාව දිය හැක...🔥
දසුන් යනු තරගයක් සම්පූර්ණයෙන් වෙනස් කල හැකි ක්‍රීඩකයෙකි..එය ඔහු ඔප්පු කර ඇත...CPL තරගාවලියේ ඔහු ඔහුගේ තරම කදිමට පෙන්වීමට සමත් විය..
අනෙත් අතට අවසන් පන්දු වාර කිහිපයේ ලොකු පහරක් ගහන්න ක්‍රීඩකෙයෙක් අපට නැත..එය දෙවන එක්දින තරගයේ හොදින්ම දක්නට ලැබුනි..06 පහරක් තියා යාර 30 සීමාව පසුකිරීමත් අපහසු විය...🏏
වත්මන් ක්‍රිකට් එක බොහෝ සෙයින් වෙනස්ය...අපද ඊට අනුගත විය යුතුය...වේගයෙන් පන්දුවට පහර දෙන්නන් කණ්ඩායමේ සිටිය යුතුමය....🔥
මාගේ මතයනම් T20 තරගවල දසුන් පැතුම් සමග ඉනිම ආරම්භ කල යුතුය....ඔහුට දග පන්දුවට වඩා වේග පන්දුවට හොදින් ක්‍රීඩා කිරීමේ හැකියාවද ඇත..
අතීතයේ අර්ජුන ජයසූරිය හරහා සාර්ථක වුනේද එලෙසිනි.. ඔවුන් දෙදෙනා වේගවත් ආරම්භකයක් ලබා දුන් විට පහසුවෙන් අනෙත් පිතිකරුවන්ට ඉනිම ඇදගෙන ගිය හැක..🏏
භානුක රාජපක්ෂද T20 කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකි..ඔහුට ඉනිමේ මැද කොටසේ ප්‍රහාරය දියත් කල හැක...ඉනිම අවසන් කරන්නට චමිදු හෝ චාමිකට අවස්ථාව දිය හැක...
මෙවැනි අත්හදා බැලීමක් හරහා අපට අහිමි වී ගොස් ඇති T20 ප්‍රහාරාත්මක රිද්මය සොයාගත හැක....🏆🏏🎈
ඔබේ අදහස ??