Cricket Flect

Cricket Flect Cricket is not a game.. It's a religion..

🅼🆁. 🅺🅾🅻🅰🅺🅰🅽🅳🅰 🅼🅰🅽
19/12/2021

🅼🆁. 🅺🅾🅻🅰🅺🅰🅽🅳🅰 🅼🅰🅽

😍
20/02/2021

😍

Subscribe my channel
20/11/2020

Subscribe my channel

Lankan Primier League

Subscribe my Channel
20/11/2020

Subscribe my Channel

Highest Score / Sri Lanka

ලෝකෙ පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බහුතරයක් හිනාවෙවී ඩින්ඩා ඇකඩමියේ පෝස්ට් ශෙයා කළා.හැබැයි එකපාර කරලියට එනවා මේ වගේ තමන්ට අප...
30/09/2020

ලෝකෙ පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බහුතරයක් හිනාවෙවී ඩින්ඩා ඇකඩමියේ පෝස්ට් ශෙයා කළා.

හැබැයි එකපාර කරලියට එනවා මේ වගේ තමන්ට අපහාස කරන පෝස්ට් දාන්න එපා , තමන් අමාරුවෙන් ක්‍රිකට් ඉගෙනගෙන මේ තැනට ආවේ කියල ඩින්ඩා කාලෙකට කලින් දාපු පෝස්ට් එකක්.

හිනාවෙලා ඒ පේජ් එකේ පෝස්ට් ශෙයා කරපු පිරිසෙන් යම් පිරිසක් වගේම, ඔය පේජ් එක ඩින්ඩාට අපහාසයක් කියල හිතපු සුළු පිරිසකුත් මේ පේජ් එකට විරුද්ධව පෝස්ට් පලකරන්න කමෙන්ට් දාන්න ගත්තා. බොහොම සුළු පිරිසක්, බහුතරයක් තාමත් කැමතියි ඩින්ඩාට අපහාස උනත් ඒ නමට.

හැබැයි පේජ් එක කරන උන් ඇත්තටම ඒ සුළු පිරිසට ඇහුම්කන් දීලා දැන් නම වෙනස් කරලා.

--------------------------------------------------------------------------

මේක කිව්වේ එක හේතුවකට. කුසල් මෙන්ඩිස්ගේ නම දාලා ඇකඩමියක් කියල පේජ් එකක් හදල ලංකාවේ එකෙකුත්. මැච් එකක මොකෙක්හරි බින්දුවට අවුට් වෙද්දි, කැච් ඩ්‍රොප් කරද්දි මෙන්ඩිස්ගෙ නම ගාවල අපහාස කරන්න හදපු එකක්.

ලංකාවේ බහුතරයක් උඩ පැනගෙන හිනාවෙවී ඕකේ පෝස්ට් ශෙයා කරනවා. ඔයවගේ අපහාස කරන්න එපා කියන්නේ ලංකාවෙත් සුළු පිරිසයි. ඕවා කරන්න එපා කියන සුළු පිරිසට අර බහුතරය රෙද්ද උස්සන් ඇවිත් කියන්නේ මෙන්න මෙහෙම දේවල්,

"ලංකාවේ විතරද මෙහෙම අපහාස වෙන්නේ, ඉන්දියාවෙත් කරනවනේ , අරහෙත් කරනවනේ , හැම රටකම මෙහෙම වෙනවනේ , ආතල් තේරෙන්නේ නැත්තම් නිකන් හිටපන් , උඹ කවුද අපි දාන්න ඕන ඒවා කියන්න , මූ ක්‍රිකට් බැරි එකෙක්නෙ මූට අපහාස කරාම උඹට රිදෙන්නේ ඇයි උඹේ ගෑණිද මූ , මේවට මූ මානසිකව වැටෙනවද අනේ නිකන් පලයන් , මූ මානසිකව වැටුනම අපිට පාන්ද"

ඔන්න ලංකාවේ උන්ගේ තත්වේ. ඒක කරන්න එපා බන්.
ඕනම ක්‍රීඩකයෙක් බලන්නේ මහන්සිවෙලා තැනකට එන්න තමයි බන්. " ෆේල් වෙද්දි අඩුපාඩු කියපන් , ඒත් ලයික් රීච් වෙනුවෙන් ආතල් එක වෙනුවෙන් අනවශ්‍ය අපහාසය එපා බන්. "

සුළු පිරිසකගේ අදහස් වලට ඇහුම්කන් දීලා ඩින්ඩා ඇකඩමියේ නම වෙනස් කරපු ඉන්දියන් කාරයෝ ඒ අතින් රෙස්පෙක්ට් බන්.

යෝධ ගල් තලා මැද දියමන්ති දිලිසෙන්නේ අලුත් කතාවක් ලොවට මුමුනමනි.________________________ප්‍රේක්ෂකයින්ගෙන් තොර වුවත් තීරණා...
29/09/2020

යෝධ ගල් තලා මැද දියමන්ති දිලිසෙන්නේ අලුත් කතාවක් ලොවට මුමුනමනි.

________________________

ප්‍රේක්ෂකයින්ගෙන් තොර වුවත් තීරණාත්මකභාවයෙන් කිසිදු අඩුවක් නැති වූ උණුසුම් සටන් භූමිකාවක් වූ මෙවර අයි.පි.එල් තරගාවලියේ දෙවෙනි සුපිරි පන්දුවාරයත් එසේ ක්‍රියාවට නගන්නේ සටන්කාමි මුම්බායි රජ මාළිගාවට ගල් මුල් එල්ල කරමින් බැංගලෝරයේ අභියෝගවන්තයන් හට ජය කැන්දමින් ය.

විදේශ ක්‍රීඩකයෙකු ලෙස මිලට ගත් අරෝන් ෆින්ච් සිය මුදලට සාධාරණයක් ඉටු කරන්නේ ආරම්භයේ පටන් බැංගලෝරයට අවැසි ජීවය රදවා දෙමිනි.

ඔහු එක් පසකින් ක්‍රියාත්මක වෙද්දී නිහඩ ඉනිමක් දියත් කල ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කාල් ප්‍රශංසනීය ඉනිමක නිරත වෙන්නේ කඩුල්ලේ රැදෙමින් අර්ධ ශතකයක් සම්පූර්ණ කර ගනිමින් RCB කඩුළු බිද වැටීමට තිත තබන්නට පෙරමුණ ගෙන ඉහළ ලකුණු ගණනකට RCB අඩි පාර පුළුල් කරමින් ය.

එසේ ඉනිම ගොඩ නගන්නට වත්මන් ලෝ සුපතල ඉන්දීය ආරම්භක ජවණිකාවට අභියෝග කරන පඩික්කාල් සටන් කරද්දි පිටියට පැමිණි අයි.පි.එල් කතිකාවතේ බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවා පන්දු 24ක් තුල ලකුණු 55ක් මුම්බායි රජ මැදුරේ රාජකීය පන්දු යවන්නන්ගෙන් උදුරා ගන්නේ ඊට දැකුම්ජළු හතරේ පහරවල් හතරක් සහ අහස් ගැඹ සිප ගත් හයේ පහරවල් හතරක්ද එක් කර හැඩ ගන්වමිනි.

ඉනිමේ අග භාගයේදී ආ ඉන්දීය නිල නොලත් තරග නිම කරන්නෙකු ලෙස ඉගි පල කල ශිවම් ඩොබේ වේගවත් ප්‍රතිචාරයක් මුම්බායි පන්දු යවන්නන්ට පෙන්වන්නේ පන්දු 10ක් තුල යෝධ හයේ පහරවල් 3ක් සහ එක් හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 27ක් එක් කරමින් සිය කන්ඩායම ලකුණු 201ක් වැනි බලවත් ලකුණු ගණනක් කරා කැදවා යමිනි.

ඉනිම හඹා යන්නට ආ මුම්බායි ශූරයින් ආරම්භයේදි තරගය ඔවුන්ගෙන් ගිලිහෙන්නේ වොශින්ටන් සුන්දර්ගේ මනා පන්දු යැවීම කැටුව ආ බැංගලෝරයේ පන්දුව මැද අසරණ කරමිනි.

චාහල් සම්පා වැනි ලෝක මට්ටමේ විශිෂ්ඨ පන්දු යවන්නන්ට මුම්බායි පරාජය පෙනි පෙනි තිබුන ඉනිමෙන් එකවරම එක් සටන්කාමියෙක් ඉස්මතු වන්නේ මුළු තරගයම කනපිට පෙරලමිනි.

මුල් තරගයේ දෙකේ බංකුව රත් කරමින් සිටි ඔහු සිය වාරය පැමිණෙන තුරු නොවසුළුව බලා සිටියා යැයි මේ ඉනිමෙන් ඔහු එය ඕනවාටත් වඩා ඉහළින් පෙන්වන්නට සමත් විය.

විශාල ගල් පර්වතයක් පුපුරවන්නට ගන්නා ඩයිනමයිඩ් කරලක් සේ බැංගලෝර් පන්දු බල ඇණියට එලව එලවා පහර දුන් ඉශාන් හොදින් පන්දුවට මුහුණ දෙමින් අතිවිශිෂ්ඨ සටන්කාමි ලකුණු 99ක් එක් කර ගන්නේ අවාසනාවන්ත ලෙස සිය කුළුදුල් අයි.පි.එල් ශතකය පෙනි පෙනි මුම්බායි ජයග්‍රහණය දෑස් මානයටම රැගෙන යමින් උදානගේ පන්දුවක් හමුවේ කඩුල්ල පූජා කරමිනි.

ඔහුගේ ඉනිම එසේ ගලා යද්දී පරාජය කරා ගිය මුම්බායි පිල ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන යමින් අන්තිම හුස්ම වන තෙක් එකී සටන්කාමිත්වය තිබෙන බව ඔප්පු කල කිරන් පොලාර්ඩ් අමතක නොකල යුතු ය.

අසාර්ථක නායකත්වයක් පෙන්නුම් කල විරාට් කෝලි තරගාවලියේ ප්‍රශංසනිය පන්දු යැවීමක පෙර තරග වල නිරත වූ ශිවම් ඩොබේගෙන් නිසි ප්‍රයෝජන නොගෙන අවසාන මාරාන්තික පන්දුවාර හතරේ එක් පසකින් පොලාර්ඩ් වැන්නෙකු සිටිනා විට පන්දුව දග පන්දු යවන්නෙකු අතට දෙන්නේ හාස්‍යජනක සිද්ධියකට එය පෙරලමිනි.

එකී දුර්වල තීරණයෙන් උපරිම ඵල නෙලාගත් පොලාර්ඩ් 17 වන සහ 18 වන පන්දුවාරවල පිලිවෙලින් සම්පාට 27ක් ද චාහල්ටත් බර පන්තියෙන්ම ප්‍රහාර දියත් කරන්නේ පහසුවෙන් ජය ගැනීමට තිබූ තරගයක් දෙපිලටම නැවතත් විවෘත කර දෙමිනි.

සයිනි එකී ප්‍රහාර මැද 19වන පන්දුවාරය එසේ නිම කරන්නේ ඉසුරු උදානට සියල්ල භාර කර ය.එකී පීඩනය තුල පිතිකරුවන්ගේ උපරිමය දියත් වූ මොහොතක ලකුණු 18ක් තියා ලකුණු 30ක්වත් රැක ගන්නට පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබෙයි කියා සිතන්නවත් බැරි ය.මන්ද එවිට පොලාර්ඩ් ආ කිශාන් සිය උපරිමයෙන්ම කන්ඩායමට දුන් මොහොත ය.

අවසානයේ ප්‍රහාරයන් මැද ඉසුරු තරගය පරාජය නොවී සම කර ගන්නට සමත් වෙන්නේ සුපිරි පන්දුවාරයෙන් ආර්.සී.බි ජය මාවතට බෝනස් එකක් ලබා දෙමිනි.

එසේ ලැබූ බෝනස් වාසියෙන් සයිනි හොදින් ප්‍රයෝජන ගත් අතර එදා සාර්ථක වූ ඉශාන් වෙනුවට පොලාර්ඩ් සමග හර්දික්ගේ පැමිණීම හිතුව තරම් සාර්ථක නොවීය.මාස්ටර් මයින්ඩ්ගේ තීරණයට සාර්තකව පිලිතුරු දුන් සයිනි අවසානයේ විලියර්ස්ට සහ කෝලිට ලගාවිය හැකි ලකුණු ගණනක් කරා සිය අවකාශය ලබා දුන්හ.

අවසානයේ පඩික්කාල්,ඉශාන් කිශාන්ගේ ඉන්දීය යෞවනයේ සටන්කාමී සුන්දරත්වය එසේ මුසු වෙමින් කෝලි,රොහිත් වැනි විශාල පර්වතයන් මැද පඩික්කාල්ලා ඉශාන්ලාගේ ඉනිම් දිලිසෙන්නේ රෝහිත්,කෝලිලාගේ සෙවණින් වැසුනු ඉන්දීය අහස යට තවත් සංජු සැම්සන්ලා,ඉශාන් කිශාන්ලා,පඩික්කාල්ලා අඩු නොකියන්න ඇති බවට සාක්ෂි තබමින් උද්වේගකර අයි.පි.එල් සටනේ ඉහළම ප්‍රේක්ෂක මනාපයන් සහිත දෙපිලකගේ ඉරණම එසේ විසදමිනි.

#රිෂී

Ishan Kishan 99(68)😥
29/09/2020

Ishan Kishan 99(68)😥

😂😂😂
29/09/2020

😂😂😂

😥😥😥
28/09/2020

😥😥😥

Nicholas Pooran ❤️😍
28/09/2020

Nicholas Pooran ❤️😍

රාහුල් තෙවාටියා❤️
28/09/2020

රාහුල් තෙවාටියා❤️

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cricket Flect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category