Fast News

Fast News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fast News, Sport & recreation, Colombo.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් ද...
22/07/2022

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.ඒ ට්විටර්...
20/07/2022

නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එසේම රට තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය සමග නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කර්තව්‍ය නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සතු බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන්.

ඊට අමතරව රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා ලෙසද එහි දක්වා තිබෙනවා. මෙවැනි පුවත් මුලින්ම දැනගන්න අපිව ලයික් 👍 කරන්න

20/07/2022

Fm & Tv update sri lanka මේ පේජ් එකට හැමෝම ලයික් කරන්න 👍

😪😪
05/01/2022

😪😪

ලංකාවේ රූපවාහිනි විකාශය ඩිජිටල්කරණය වෙන හැටි========================>>ශ්‍රී ලංකාවේ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘති...
29/12/2021

ලංකාවේ රූපවාහිනි විකාශය ඩිජිටල්කරණය වෙන හැටි
========================>>

ශ්‍රී ලංකාවේ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව ඊයේ කොළඹදී පැවැත්වුණි. ජපානයේ ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සඳහන් වෙයි.

මෙම නව ඩිජිටල්කරණය ඔස්සේ රූපවාහිනි සංඥා දුර්වලතා ඉවත් කරමින් ප්‍රේක්ෂකයාට එක් තනි ඇන්ටෙනාවක් ටොදා ගනිමින් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ අවස්ථාව ලැබේ.

තව ද රූපවාහිනි ආයතන වෙත අඩු පිරිවැයකින් සිය විකාශන කටයුතු සිදු කිරීම අවස්ථාව හිමිවේ.

එසේම මේ ක්‍රමවේදය ඔස්සේ දැනට භාවිත සංඛ්‍යාත බොහෝමයක් නිදහස් වන අතර, ඒවා නව නාලිකා ඇරඹීමට හෝ වෙනත් සන්නිවේදන කටයුතු පුළුල් කිරීම සඳහා යොදා ගත හැකිය.

DTTB හෙවත් Digitel Teresstrial Television Broadcasting ලෙස මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ. මේ හරහා රටෙහි සෑම තැනකම වෙසෙන ජනතාවට HD මට්ටමේ රූපවාහිනි නාලිකා කිසිදු අපහසුතාවකින් තොරව නැරඹීමේ අවස්ථාව හිමි වන බව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. “පැහැදිලිවම, පැහැදිලියි” යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනි විකාශනය ඩිජිටල්කරණය පිළිබඳ අදහස් දැක්වූ එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ප්‍රසන්න රාජපක්ෂ මහතා, මෙය වසර 40ක් පුරා මෙරට පැවැති ඇනලොග් රූපවාහිනි විකාශනයේ දැවැන්ත හැරවුම් ලක්ෂයක් බව පවසා සිටියේය.

“අද වන විට රට පුරා ඇති රූපවාහිනි ග්‍රාහකයන් අතරින් 55%ක්ම ඉන්නේ මේ ඇනලොග් තාක්ෂණය හරහා සිදුකරන විකාශන කටයුතු නරඹන පිරිස. එය රට පුරා ලක්ෂ 30කට ආසන්න නිවාස ප්රයමාණයක්. ඒ වගේම 27%ක ප්‍රතිශතයක් චන්ද්‍රිකා රූපාවාහිනි විකාශයන්, 9%ක් IPTV විකාශයන් සහ 9%ක් කේබල් රූපවාහිනි විකාශයන් නරඹනවා. මෙතැනදී පැහැදිලි රූපරාමු නැරඹීම පිළිබඳ වැඩිම බලපෑම තියෙන්නේ 55%ක්වන ඇනලොග් ප්‍රේක්ෂකයාට. ඔවුන්ගේ එම ගැටලුවට විසඳුමක් විදියට තමයි මේ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණය හඳන්වා දෙන්නේ.” යනුවෙන් ඒ මහතා පැවසීය.

මෙම DTTB තාක්ෂණය ඔස්සේ දැනට එක් ඇනලොග් රූපවාහිනි නාලිකාවක් විකාශය කරන සංඛ්‍යාතයක් ඔස්සේ HD මාදිලියේ ඩිජිටල් නාලිකා 6ක් විකාශය කිරීමේ හැකියාව ඇත. ඒ අනුව මේ ක්‍රමවේදය ඔස්සේ වටිනා සංඛ්‍යාත බොහෝමයක් නිදහස් කරගැනීමේ අවස්ථාව පවතින බවත්, දැනට නව නාලිකා ආරම්භ කිරීමේදී පවතින සංඛ්‍යාත ගැටලුවට ඉන් පිළියමක් ලැබෙන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

“අද අපේ රටේ රූපවාහිනි නාලිකා සියල්ලක්ම පාහේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ ඩිජිටල් තාක්ෂණය හරහා. එහෙත් ගැටලුව වුණේ,එය විකාශනය කිරීමේදී ඩිජිටල් තාක්ෂණය යොදා නොගැනීමයි. ඊට පිළියමක් තමයි මේ හරහා සිදු වන්නේ. අද අපේ රටේ විකාශන කටයුතු සිදුකරන රූපවාහිනි නාලිකා සංඛ්‍යාවට අවශ්‍ය වන්නේ සංඛ්යාත 6ක් පමණයි.”

මෙහිදී එම ඩිජිටල් රූපවාහිනි විකාශන තාක්ෂණය ග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍ය Set Top Box මිලදී ගැනීමට සියලුම පාරිභෝගිකයන්ට සිදු වෙයි. එම යන්ත්‍ර ජපාන තාක්ෂණය යටතේ මෙරට තුළදී නිෂ්පාදනය කිරීම සඳහා වන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ගිවිසුමක් සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇතැයිද ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මෙහිදී සඳහන් කළේය. එසේ නොමැති නම් වෙනත් වෙළෙඳ පොළකින් පහසු මිලකට එම උපාංගය ආනයනය කිරිමක් සිදු කරන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

“මෙම ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ සිට 2025 දක්වා කාලය ඩිජිටල්කරණය සඳහා හුවමාරුවීමේ කාලය ලෙස හඳුන්වනවා. එතැනදී 2023 වසරේ සිට කොළඹ නෙළුම් කුළුණ ප්‍රධාන කරගනිමින් මේ විකාශනය ඇරඹීම සැලසුමයි. ඒ වගේම රට පුරා පිහිටුවන අනෙකුත් ප්‍රධාන විකාශන මධ්‍යස්ථාන 16 සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කරනවා. ඒ අනුව 2025 වනවිට සම්පූර්ණයෙන්ම රටම මේ ඩිජිටල්කරණයට හුවමාරු කිරීම සැලසුමයි.

එසේම 2025 සිට 2027 කාලය තුළදී ඇනලොග් සේවාව සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කිරීමේ කටයුතු සිදු වෙනවා. එහිදී 2024 වසරේදී මෙම ඩිජටල් හුවමාරුවේ පළමු අදියර සම්පූර්ණ කිරිමත්, 2026 දී එම හුවමාරුව රටම ආවරණය වන පරිදි සම්පූර්ණ කිරීමත්, 2026 වසර අවසානයේ දී රටෙහි සියලුම රූපවාහිනි ප්‍රේක්ෂකයන් ඩිජිටල් වෙත හුවමාරුවීම සුරක්ෂිත කිරීම මෙහිදී සිදු වෙනවා.

එසේම 2027 වන විට සියලුම ඇනලොග් රූපවාහිනි විකාශයන් සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමත් සැලසුම වී තිබෙනවා.” යනුවෙන්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fast News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share