COACH Ishan priyankara

COACH Ishan priyankara fight for your dreams

ඇමෙරිකානු ඩොලර් බිලියන 220 ක්,ශ්‍රී ලංකාවේ ණය මෙන් 4 ගුණයක්,සරලව කිවහොත් ලංකාවට තෙල් නැව් 4400 ක්,තම අභිමානය පන්දුවක් තු...
21/11/2022

ඇමෙරිකානු ඩොලර් බිලියන 220 ක්,
ශ්‍රී ලංකාවේ ණය මෙන් 4 ගුණයක්,
සරලව කිවහොත් ලංකාවට තෙල් නැව් 4400 ක්,

තම අභිමානය පන්දුවක් තුලින් දකින, විශ්වාස කරන
මහද්වීප 07 ක්,
රටවල් 32 ක්.

එතෙක් මෙතෙක් ලොව බිහි වූ සුපිරිතම ක්‍රීඩකයින්ගෙ ඇතුළු
ලොව වටිනාම රක්ෂණයන්ට හිමිකම් කියන පාද යුගල් 352 ක් මිනිත්තු 90ක් තුල සිපගැනීමට සැරසී සිටින වායුසමීකරණය කරන ලද සුපිරි ක්‍රීඩාංගණ 08ක්,

රජමැදුරේ සිට දුගී පැල්පත දක්වා හදගැස්ම පාපන්දුව කරගත් ප්‍රේක්ෂකයින් බිලියන ගණනක් ,

දිනකට ගුවන්යානා 400 කින් කටාර් රාජ්‍යය වෙත ගොඩබසින සජීවී ප්‍රේක්ෂකයන් ලක්ෂ ගණනක්,

ඔවුන්ගේ සත්කාරකත්වය වෙනුවෙන්ම ඉදිවුණු නොඉඳුල් තරු පන්තියේ හෝටල් 07ක් සහ පාවෙන හෝටල් 03 ක්,

ඔව් මේ.
ලෝක බලවතාටත් ඇතුළුව මුළු ලොවටම The Power of Money පාඩම කියාදුන්,
තනි ක්‍රීඩාවක් වෙනුවෙන්
මේ විශ්වය මත පැවැත්වෙන
දැවැන්තම,
ජනප්‍රියම,
ක්‍රීඩා සැණකෙළියයි.

15/11/2022
This is how they Train
22/08/2022

This is how they Train

13/08/2022

It's my turn now
Babar Azam 🖤
fight for your dreams

semi final  එකේදී තමන්ව 4 වන ස්ථානය දක්වා පහලට ඇද දැමු අනෙකුත් තුන්දෙනාම final එකේදි පසු කරගන්න යන්න තරම් ඔහු ශක්තිමත්. ...
04/08/2022

semi final එකේදී තමන්ව 4 වන ස්ථානය දක්වා පහලට ඇද දැමු අනෙකුත් තුන්දෙනාම final එකේදි පසු කරගන්න යන්න තරම් ඔහු ශක්තිමත්. ආත්ම විශ්වාසය කැපවීම ඉතිහාසය අලුත් කරනවා.

යුපුන්ට තියෙන්නෙ දුවන්න! මිලියන 20ක හයිය අරගෙන දුවන්න!!තත්පර 10.32 යි. ලබාගත් ස්ථානය 5. යුපුන් අබේකෝන් අවසන් පූර්ව වටයට ...
03/08/2022

යුපුන්ට තියෙන්නෙ දුවන්න! මිලියන 20ක හයිය අරගෙන දුවන්න!!

තත්පර 10.32 යි. ලබාගත් ස්ථානය 5. යුපුන් අබේකෝන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නෙ නෑ. කලබල වෙන්න එපා. මේ කිව්වේ අවුරුද්දකට කලින් 2021 ටෝකියෝ ඔලිම්පික් පළවෙනි වටයේ තරඟයේදී යුපුන් පෙන්වපු දක්ෂතාවය.

එදා යුපුන් අබේකෝන් තමන්ගේ උපරිමය දාලා දිව්වා කියන එක මම විශ්වාස කරනවා. මොකද තරඟයේ ඉදිරිය තමන්ට නොලැබෙනවා කියලා දකිනකොට යුපුන්ට උපරිම ශක්තිය යොදන්නට සිද්ධ වෙනවා. ඒත් ඔහුගේ කාලය නම් මීළඟ වටයට ගමන් කරන්න හොඳටම මදි!

අද යුපුන් අබේකෝන් තත්පර 10.06 කට තරඟය නිමා කරනවා. ඔහු ජයග්‍රහණය කරන්නේ දෙවනියට වඩා බොහොම ඉදිරියෙන්. ඉතින් අනවශ්‍ය ශක්තියක් යෙදවීම අනවශ්‍යයි. මේක මූලික වටය නිසා කොහොමත් ධාවකයෙක් තමන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා කියලා දකිනකොට උපරිම ශක්තිය යොදවන්නේ නෑ. අද යුපුන් දිව්වේ තමන්ගේ උපරිමයට ගොඩක් පිටින්. මේ අවුරුද්දකදී ඔහුගේ වර්ධනය පෙන්නන්න තියෙන හොඳම සාක්ෂිය!

ඔහු මේ තරඟාවලියට එනකොටම මූලික වටයේ ජයග්‍රහණය ලියැවිලා තිබුණා. ඒ විතරක් නෙමෙයි අවසන් පූර්ව වටයේ ජයග්‍රහණයත් ලියැවිලා තියෙනවා. ඔහුගේ තරඟය ආරම්භ වන්නේ හෙට අවසන් මහා තරඟයේ වෙඩිල්ලත් සමගිනුයි. යුපුන් මූලික වටයේ හොඳම කාලය වාර්තා කළා. සතුටු වෙන්න! හැබැයි දැන්ම ජයග්‍රහණය ගැන උදම් අනන්නට එපා. සුදුසුකම් ලැබූ අනෙක් ධාවකයනුත් තමන්ගේ උපරිමය කළේ නෑ.

සිංහලෙන් කියනවා නම් දැන් තැටිය හොඳටම රත් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නෙ හරියටම රොටිය පුච්චගන්න එකයි.

දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ - පෞද්ගලික හොඳම කාලය 9.84

නයිජීරියාවේ රේමන්ඩ් එකෙව්වෝ - පෞද්ගලික හොඳම කාලය 9.96

කෙන්යාවේ ෆෙර්ඩිනැන්ඩ් ඔමන්යාලා - පෞද්ගලික හොඳම කාලය 9.77

ඕස්ට්‍රේලියාවේ රොහාන් බ්‍රවුනින්ග් - පෞද්ගලික හොඳම කාලය 9.96

ඝානාවේ බෙන්ජමින් අසමාටි - පෞද්ගලික හොඳම කාලය 9.90

මේ උඩ ඉන්නේ යුපුන් ගේ ප්‍රධානතම ප්‍රතිවාදීන්. මේ අය ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නෑ. මේ අතරින් ඔමන්යාලා කියන්නේ 9.77 කට මීටර් 100 දුවන්න පුලුවන් කෙනෙක්. මේ 5 අතරට ඉන්න අනිත් ෆේවරිට් තමා යුපුන් අබේකෝන්!!

ලේසි වෙන්නෙ නෑ. හැබැයි පුලුවන්. ෆයිනල් එකේ තප්පර 10 කින් මේ හැමදේම විසඳෙයි. අමතක කරන්න හොඳ නැතිම දේ තමයි 2002 න් පස්සෙ තවමත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ මීටර් 100 ජයග්‍රාහකයා තත්පර 10 කට උඩින් තරඟයක් නිමා කරලා නෑ. ගියපාර දිනුවේ අර උඩ නම් ලිස්ට් එක තියෙන අකානි සිම්බිනේ ම තමා. ඔහු වාර්තා කරපු කාලය තත්පර 10.03 යි.

අවසන් මහා තරඟයක තියෙන පීඩනය ක්‍රීඩකයෙක්ගෙන් දශම ගානක කාලයක් උදුරගන්න පුලුවන්. ඒත් යුපුන් මෙවර තරඟවාරයේදී 9.96 කට මීටර් 100 දුවනවා. අද තමන්ගේ උපරිම ශක්තිය නැතුව 10.06 කට දිව්වා. යුපුන්ට දුවන්න පුලුවන්. කාලගුණය හරස් නොවේවි. යුරෝපයේ හිටපු කාලයේ අත්දැකීම්, හුරුවීම උදවු වේවි. ඒක මම විශ්වාස කරනවා. ඒක රටක් විශ්වාස කරනවා.

ඉතින් යුපුන්ට තියෙන්නෙ දුවන්න. බලාපොරොත්තු ගොඩයි. රටක්ම යුපුන් දුවනකන් යුපුන් දිනනකන් බලන් ඉන්නවා. හෙට හදවත නවතින තප්පර 10ක් උදා වේවි. ඒ තප්පර 10 ඉවර වෙද්දි යුපුන් මෙඩල් පෝඩියම් එකේ ඉන්නවා දකින්න ලැබුණොත් ඇති. නිකම් නෙමෙයි ජාතික ගීය වාදනය වෙන තැන හිටියොත් හොඳටම ඇති ❤️

.

✅ තරගාවලියේ ශූරතා කුසලානය සමඟ කුසලාන 9ක්✅ තරගාවලියේ අනු ශූරතා කුසලානය සමඟ කුසලාන 9ක්     ✅ තරගාවලියේ වීරයා කුසලානය     ✅...
11/12/2021

✅ තරගාවලියේ ශූරතා කුසලානය සමඟ කුසලාන 9ක්
✅ තරගාවලියේ අනු ශූරතා කුසලානය සමඟ කුසලාන 9ක්
✅ තරගාවලියේ වීරයා කුසලානය
✅ අවසන් තරගයේ වීරයා කුසලානය
✅ දක්ෂතම පන්දූ යවන්නා කුසලානය
✅ සෑම තරගයකම වීරයා කුසලාන
⚫ සියලුම තරග අලුත් පන්දුවක් ලබා දෙනු ලැබේ

Live The game love The game 💪🏏

30/11/2021

Address

Ruwanwella
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when COACH Ishan priyankara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to COACH Ishan priyankara:

Share

Category