01/05/2026
NISAL DAKSH*THA
මොනරාගල දිස්ත්‍රික්කයේ අද දවස තුල කතා කරයුතුම ක්‍රීඩකයා,
තවමන් වයස 21ක මේ යොවුන් ක්‍රීඩකයා ගැන යමක් සදහන් කර යුතුමයි,ඒ ඔහුගේ පිතිකරනයේ තිබෙන සන්‍යමය,ඉවසීම,දක්ශතාවය හා ඔහුටුනම ආවේනික වූ පිතිකරන රටාව නිසාවෙමි,
මොනරාගල දිස්තිරික් ක්‍රිකට් තරගාවලිය තුල වැඩිම ලකුනු ලාබින් අතර දෙවනි තැන පසුවන ඔහු මෙම තරගාවලියේ පිතිකරන සාමාන්‍ය 165.00 ක වැනි ඉහල අගයක රදවාගෙන අවසන් මහා තරගයේදී ප්‍රබල මොනරාගල සිටි බෝයිස් කන්ඩායමට එරෙහිව ලකුනු 176ක් හබායන අවස්තාවේදී ඔහු පිටියට පැමිනෙනේ ලකුනු 01කට කඩුලු 02 බිදවැටී තිබුන අවස්තාවේදීය, එය කුමන ආකාරයේ පීඩනයක්ද බව ඝන පන්දු අවසන් මහා තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් බොහෝ සේ දන්නා කරුනකි,
නමුත් එම පීඩනය මැනවින් පාලනය කර ගනිමින් පන්දු 151කදී එනම් තරගෙයේ පන්දුවාර 50හෙන හරි අඩක්ම ඔහු මුහුන දෙමින් වැල්ලවාය ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයේ ශූරතාවය කරා රැගෙන යන්නේ ලකුනු 77(151)* කන්ඩායමේ නැන්ගුරම බදු ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමිනි, එය ක්‍රීඩකයෙක්ට ලේසියෙන් පිහිටන දක්ශතාවයක් නොවන නිසා එම දක්ශතාවය අප අනිවාර්යයෙන් ම අගය කර යුතු වේ.
තව ඉදිරියටත් මෙවන් තරග විශාල ප්‍රමානයක් තමන්ගේ පිත්තෙන් පෝශනය කිරීමට අපි හදවතින්ම සුබ පතන්නෙමු,