22/05/2026
🌧️ විශේෂ කාලගුණ තත්වය
මෝසම සක්‍රීය වෙමින් පවතී.
ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් තත්ත්වය (South-West Monsoon) සක්‍රීය වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිතදිග කොටස්වලට සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවලට තද වැසි සහ ප්‍රබල අකුණු කුණාටු ඇති වෙමින් පවතී.
🛰️ චන්ද්‍රිකා සිතියම් විශ්ලේෂණය
ජපාන කාලගුණවිද්‍යා ඒජන්සි චන්ද්‍රිකා ඡායාරූපයට අනුව දිවයිනට බස්නාහිර දෙසින් (අරාබි මුහුදේ) සහ දකුණු දෙසින් ඉතා සක්‍රීය, ඝන වලාකුළු පද්ධතියක් (රතු සහ තැඹිලි පැහැයෙන් දැක්වෙන දැඩි සංවහන වලාකුළු) වර්ධනය වී පවතී.
මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ කලාපයට මෙන්ම මුහුදු ප්‍රදේශවලට සවස් කාලය දක්වාම වැසි ඇති විය හැක.
දෛනික වර්ෂාපතන ව්‍යාප්තිය
වැඩිම බලපෑම
කොළඹ සහ ගාල්ල ඇතුළු බස්නාහිර සහ දකුණු වෙරළ තීරයට මෙන්ම රට අභ්‍යන්තරයේ කෑගල්ල, රත්නපුර වැනි ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වඩා වැඩි (සමහර ස්ථානවල 150mm දක්වා) ඉතා තද වැසි අපේක්ෂා කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කය නිරිතදිග මෝසම් වලාකුළු පද්ධතියේ සෘජු බලපෑමට ලක්වන කලාපයේ පිහිටා ඇත. සිතියම්වලට අනුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මධ්‍යස්ථයේ සිට තද වැසි (සාමාන්‍යයෙන් මිලිමීටර් 50 - 100 අතර) ඇති විය හැක. බස්නාහිර වෙරළට ආසන්න (මීගමුව, වත්තල, ජාඇල වැනි) ප්‍රදේශවලට වැසි තත්ත්වය තදින් බලපානු ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ මෝසම් සුළං සක්‍රීය කලාපයේ මායිමට වන්නටය (Transition Zone). මේ නිසා දිස්ත්‍රික්කයේ දකුණු සහ බස්නාහිර කොටස්වලට (අලව්ව, පොල්ගහවෙල, ගිරිඋල්ල වැනි ගම්පහ සහ කෑගල්ල සීමාවන්ට ආසන්න ප්‍රදේශ) මධ්‍යස්ථ වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරය සහ වයඹ
මහනුවර සහ බදුල්ල ප්‍රදේශවලට සාමාන්‍යයෙන් මිලිමීටර් 15 - 40 අතර මධ්‍යස්ථ වැසි ඇති විය හැක.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිරිතදිග මෝසම් සුළඟට මුහුණ ලා ඇති බෑවුම් ප්‍රදේශවලට (උදාහරණයක් ලෙස හැටන්, මස්කෙළිය, ගිනිගත්හේන සහ අඹගමුව වැනි ප්‍රදේශවලට) මධ්‍යස්ථයේ සිට තද වැසි ඇති විය හැක. මෙම ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර් 50 - 80 දක්වා ඉහළ අගයක් ගත හැක.
නුවරඑළිය නගර සීමාවෙන් ඔබ්බට ඇති නැගෙනහිර බෑවුම් දෙසට (වැලිමඩ, රාගල සීමාවන් සහ ඌව ද්‍රෝණිය දෙසට) යත්ම වර්ෂාපතනය බෙහෙවින් අඩු වේ. සුළං මුහුණලා ඇති බෑවුම්වලට වසි මුදා හැරීමෙන් පසු වියළි සුළඟ ගමන් කිරීම නිසා මෙම ප්‍රදේශවලට අර්ධ වශයෙන් වලාකුළු බරිත හෝ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතී.
උතුරු සහ නැගෙනහිර
යාපනය (Jaffna), කිලිනොච්චිය (Kilinochchi) සහ මඩකලපුව (Batticaloa) ප්‍රදේශවල වැසි රහිත හෝ ඉතා අවම වර්ෂාපතන තත්ත්වයක් පවතී.
සුළං සහ පීඩන තත්ත්වයන්
පැය 24 පුරා (විශේෂයෙන් පස්වරු 11:00, 14:00, 16:00 කාලයන්හිදී) දිවයින පුරා සහ අවට මුහුදේ අකුණු කුණාටු (Thundershowers) බහුලව වර්ධනය වේ.
නිරිතදෙසින් හමන මෝසම් සුළං හේතුවෙන් වෙරළබඩ සහ කඳුකර ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩි විය හැක.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වසන ජනතාව තද වැසි, තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බොහො දොනක් පැවසූ පරිදි ඊයේ රාත්‍රී සිට වැසි ඇදහැලෙන ප්‍රදේශ පවතී. ඔබගේ ප්‍රදේශය කෙසේද? 👇 පහළින් comment එකක් දාන්න.