11/07/2026
වසර 25ක පුහුණුකරුවෙකු ලෙස මම ඉගෙන ගත් ලොකුම පාඩම.
-----------------------------------------------------------------------------
"ජීවිතයේ අපට අහිමි වන සෑම දෙයක්ම... අපව විනාශ කිරීමට නොව, අපව තවත් ශක්තිමත් කිරීමටත්, අපට අයිති දෙයක් ගොඩනැගීමටත් ලැබෙන අවස්ථාවක් විය හැකිය." ❤️
පුහුණුකරුවෙකු ලෙස මගේ ගමනට වසර 25ක් සම්පූර්ණයි.
මේ ගමන තුළ මට ලැබුණේ ජයග්‍රහණ පමණක් නොවේ...
අභියෝග, බලාපොරොත්තු කඩවීම්, අසාධාරණකම් සහ අහිමිවීම් ද බොහෝමයක් හමුවුණා.
සමහර අවස්ථාවල මටත් හිතුණා...
"දැන් ඇති... මේ ගමන නවත්වන්න."
නමුත් අද ආපසු හැරී බලන විට මට තේරෙනවා...
සමහර අහිමිවීම් ජීවිතය අපෙන් ගන්න දේවල් නොවෙයි. ඒවා අප තුළ සැඟවී ඇති ශක්තිය එළියට ගෙන එන අවස්ථායි.
කොළඹ ප්‍රධාන පෙළේ (Millennium IT, David Peiries, Dilmah, John Keels) පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සාර්ථකව කටයුතු කරමින් සිටියදී, මගේ උපන් නගරය වන බදුල්ලේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න තිබූ සිහිනය නිසා මම නැවත බදුල්ලට පැමිණියා.
නමුත් බදුල්ලේදී මම මුදල් ගෙවා පුහුණු කළ ගෘහස්ථ ක්‍රීඩාගාරය මට අහිමි වුණා.
ඒ මොහොතේ මගේ හිතට ආවේ එකම සිතුවිල්ලක්...
"අපරාදේ මම බදුල්ලට ආවේ..."
නමුත් අද මට තේරෙනවා...
ඒ අහිමිවීම තමයි මගේ ජීවිතයේ විශාලතම නිර්මාණයක ආරම්භය.
ඒ අභියෝගය නිසාම ඌව පළාතේ පළමු පෞද්ගලික ජාත්‍යන්තර ප්‍රමිතියේ Courts දෙකක් සහිත Shuttlers Badminton Academy - Badulla බිහි කරන්න මට හැකි වුණා.
අද ඒ ගමන හරහා බදුල්ලෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වෙමින් සිටිනවා.
අද මම නිහතමානීව සතුටු වෙනවා...
මම ඉපදුණ නගරයට කල්පවතින වෙනසක් කරන්න මට හැකි වුණා කියලා. ❤️
මගේ ජීවිතය වෙනස් කළ තවත් එක් මොහොතක් තිබුණා.
මා විදේශ රටක පුහුණුකරුවකු ලෙස කටුතු කල කාලයේදී බොහෝ දෙනෙක් මගෙන් ඈත් වුණා.
නමුත් මගේ බිරිඳ, පුතා, දියණිය සහ මගේ හොඳම මිතුරා නදිත් මගේ ළඟින්ම හිටියා. අප අසරණම වන කාලයේදී අපිට හොයාගන්න පුලුවන් වෙනවා අපිව අත්නොහැර ලගින්ම ඉන්නේ කව්ද කියලා.
ඒ කාලයේ වයස අවුරුදු 9ක් වූ මගේ දියණිය මට පවුලේ චිත්‍රයක් ඇඳලා දුන්නා.
එහි යටින් ඇය ලියා තිබුණේ...
"හැමෝම ඔයාව අතහැර ගියත් තාත්තා... මම ඔයාත් එක්ක ඉන්නවා" ❤️🥹
මගේ ඇස් වලට කදුලු එක් කල ඒ වචන කිහිපය මගේ ජීවිතයම වෙනස් කළා.
එදා මම තීරණය කළා...
"මම නැවත ගොඩනඟනවා."
අද මගේ ඇකඩමියේ අරමුණ ශූරයන් පමණක් බිහිකිරීම නොවේ.
විනය, ගෞරවය, නිහතමානිකම සහ ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් චරිත බිහිකිරීමයි.
මම මගේ ක්‍රීඩකයන්ට නිතරම කියන එකම පාඩම...
🏸 දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවීමේදී ඔබ දක්ෂනම් බොහෝ විට ඔබට බාධක රැසක් මුහුණ දීමට සිදුවේවි. එම බාධක වලට නොසැලී තමන්ගේ ගමන යන එක එක් පාඩමකි.
🏸 තරගයක් පැරදුණාද?
එය ඊළඟ ජයග්‍රහණයට මඟ පෙන්වන හොඳම ගුරුවරයා කරගන්න.
🏸 ඔබේ ජයග්‍රහණය කිසිවෙකු අගය කළේ නැද්ද?
එය ඔබව තවත් ශක්තිමත් කරන අත්දැකීමක් කරගන්න.
🏸 ඔබට සහයෝගය දෙන කෙනෙක් නැද්ද?
එය ඔබේම ශක්තිය හඳුනාගන්න ලැබෙන අවස්ථාවක් කරගන්න.
🏸 පීඩනය වැඩිද?
එය පීඩනය යටතේ සන්සුන්ව ජයගන්න ඉගෙන ගන්න අවස්ථාවක් කරගන්න.
ක්‍රීඩාව කියන්නේ පදක්කම් දිනා ගැනීම පමණක් නොවේ.
ක්‍රීඩාව කියන්නේ...
ජීවිතය උගන්වන විශාලතම පාසලයි. 🏸
ඒ නිසා ආදරණීය දෙමාපියන්ට මගේ කාරුණික ඉල්ලීමක්...
ඔබේ දරුවන්ට ජයග්‍රහණය සඳහා පමණක් පීඩනයක් දෙන්න එපා.
ඔවුන්ට අසාර්ථක වෙන්නත්...
වැටෙන්නත්...
නැවත නැගිටින්නත් අවස්ථාව දෙන්න.
මොකද ඒ අත්දැකීම් තුළින් තමයි හෙට දවසේ ශක්තිමත් මිනිසුන් බිහිවන්නේ.
ජයග්‍රහණය තාවකාලිකයි...
නමුත් ක්‍රීඩාවෙන් ගොඩනැගෙන චරිතය සදාකාලිකයි. ❤️🏸
චරිත්
ප්‍රධාන පුහුණුකරු
Shuttlers Badminton Academy – Badulla