OLD Duthians Sports CLUB

OLD Duthians Sports CLUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OLD Duthians Sports CLUB, Amateur Sports Team, No: 06, Race Course Road, Badulla.

16/05/2026
16/05/2026

මාධ්යවේදියා :- කවුද ලංකාවේ බිහි කරපු හොදම පිතිකරුවා ? අරවින්ද ද සිල්වාද ? කුමාර සංගක්කාරද ?

සනත් ජයසූරිය :- " මම ඒ දෙන්නා එක්කම එකට සෙල්ලම් කරලා තියෙනවා. මම කියලා අරවින්ද අයියා කියලා. ඔබ ඕක සංගාගෙන් ඇහුවත් ඔහු කියයි අරවින්ද අයියා කියලා. ඔහු වගේ ක්‍රීඩකයෙක් ලංකාවේ නැවත බිහි වෙන්නේ නැති වෙයි. ඔහු වගේ පිතිකරණයෙන් වගේම මානසිකවත් ශක්තිමත් ක්‍රීඩකයෙක් මම දැකලා නැ..."

එදා ලෝක කුසලානයක් දිනලා ක්‍රිකට් ඉතිහාසයේ ලිලිපුට්ටෙකු විදිහට හිටපු අපි ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලෝකයෙන්ම අභිමානය දිනා ගනිමින් ලෝක ක්‍රිකට් ඉතිහාස පොත් අලුත් කරමින් ශ්‍රී ලංකාව නම් පුංචි රට ලෝකයක් ආක්‍රමණය කරලා වැජඹෙන්නේ මේ මනුස්සයට පිං සිද්ධ වෙන්න...

එහෙම කියද්දි අනිත් අය කරපු දෙයක් නෑ කියනවා නෙමෙයි..

හැබැයි අරවින්ද ද සිල්වා කියන බ්‍රෑන්ඩ් එක මේ 96 ලෝක සවාරියේ අමතක නොවන ගමන්කාරයෙක් වුනා.

ඒ මොකද කියනවා නම් එදා අවසන් පූර්ව තරගය ඉන්දියාවේ කොල්කටාවේ ප්‍රභල ඉන්දියාව ඉදිරියෙම සටන් කරලා ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රචණ්ඩත්වය මැද ඒ හැම දෙයක්ම තමන්ගේ ඇගට ආවේෂ කර ගනිමින් ඒ තිබ්බ පීඩනය හමුවේ මනසට මෙන්ම ගතටත් මහ පුදුමාකාර ශක්තියක් එන්නත් කරමින් ඒ ගහපු ඉනිම ශ්‍රී ලංකා ජයග්‍රහණයට මුලින්ම පාර කියන්න සමත් වුනා.

එදා ඔහු ලබා ගත්තේ ලකුණු 66ක් විතරයි.ඕනිනම් කාට හරි කියන්න පුළුවන් "හයියෝ...මේ ලකුණු 66ක් විතරයිනේ...ඔයිට වඩා කොච්චර ලොකු ඉනිම් අපේ අය ගහලා තියෙනවද කියලා..." හැබැයි ඒ ලකුණු 66 ඒ වෙලාවේ ලංකාවට ශතක සීයකටත් වඩා වටිනවා.මොකද එදා අවසන් පූර්ව තරගයෙදි ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ඉදිරියේ ඉන්දියාවේදිම ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුනු මොහොතක ආයෙමත් ශ්‍රී ලංකා ඉනිමට නැතිවුණ ජවය ලබා දුන්න ඉනිම තමයි ඒක...

ඒ විතරක් නෙමෙයි කොහොම හරි අවසන් තරගයට ආපු ශ්‍රී ලංකාව ප්‍රභල ඕස්ට්‍රේලියානු කන්ඩායම පරාජය කරලා ශ්‍රී ලංකා ඉතිහාසය ක්‍රිකට් ලෝකයෙන්ම ඉහලින් තියන්න එදා අවසන් තරගයේ ශතකයක් එක්ක ඒ ලෝක පෙරළියක් හොයන ජයග්‍රහණයට ද ශක්තියක් වුනේ අරවින්ද ද සිල්වා කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ සුවිශේෂී පිතිකරුවා කියලා අමතක කරන්න හොද නෑ...

කෙටියෙන් කියනවා නම්,
අරවින්ද ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක්...

එහෙම කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක ක්‍රිකට් එක්ක පහල මට්ටමේ තිබුනු අවධියක ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක මට්ටමෙන් ඉහල පිළිගැනීමකට ලක් වීමට තුඩු දුන් ලෝක කුසලාන විජයග්‍රහණයේ ප්‍රධාන පිතිකරන තුරුම්පුවක් තමයි අරවින්ද කියන්නේ...

එදා එවන් විශිෂ්ඨයෙකුගේ විප්ලවයක් නොවන්න සනා,සංගක්කාර කියන මේ පිතිකරුවන්ටත් අද ලැබෙන පිළි ගැනීම තරමක් අඩු වෙන්න තිබ්බා.එයාලට විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලටද අද කට පුරා කියන ලෝක කුසලානයක උරුමක්කාරයෙක් කියන අභිමානය නැති වෙන්න තිබ්බා..

ශ්‍රී ලංකා ක්‍රිකට් එදා ඉදලා අද මේ තාක් හරි තත්ත්වයකට තියෙන්න අරවින්ද ද සිල්වා කියන මනුස්සයගේ කැරැක්ටර් එක අපිට ලොකුවටම බලපෑවා.

ඉතිං ලෝක ක්‍රිකට් හාත්පසින්ම වෙනස් කරපු ප්‍රවේගකාරි ආරම්භක පිතිකරන ජවණිකාව එක්දින පිටියට කියා දුන්න ගුරුවරයා වෙච්චි සනත් ජයසූරිය කියනවා වගේම ඔය කතාව සංගක්කාර ගෙනුත් ඇහුවොත් ඒ උත්තරයත් ඕකම තමයි.

අරවින්ද ද සිල්වා කියන්නේ හරියට ලෝක පූජිත සිතුවමක් සිත්තම් කරපු සිත්තරෙකුගේ පින්සලක් වගේ...

අර්ජුන රණතුංග කියන නායකයාගේ හුගාක් තැන් ලස්සන වෙන්නේ අරවින්ද ද සිල්වා කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ඒ විශිෂ්ඨ ක්‍රීඩකයා හින්දා...

මේ දෑස් පිං කරා.. වයස අවුරුදු 60ක් වෙලත් තාමත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවාගේ ඒ හැඩකාර පහරවල් සජීවීව නරඹන්නට ලැබීම ගැන..

පන්දු 50කදී වටිනා ලකුණු 60ක්...
අරවින්ද ද සිල්වා ❤️

✍ | Rishie Bro
Powered by - Kanvox

16/05/2026
16/05/2026

FFSL Announces Current Status of Club Licensing for Super League 2025/26 🇱🇰⚽️

The Football Federation of Sri Lanka (FFSL) announces the current status of the Club Licensing process for all applicant clubs participating in the upcoming Super League 2025/26 season.

All applicant clubs will undergo the final entry control reviews over the next few days. Licenses to participate in the tournament will be granted only to those clubs that successfully meet and pass all required entry control criteria.

The Super League 2025/26 is scheduled to kick off in the coming weeks, marking another important milestone in the continued development and professionalisation of club football in Sri Lanka.

ස්තුතියි OLD Duthians Sports CLUB Dharmadutha College Duthian's Cadet band Dharmadutha College the Association of '96' B...
16/05/2026

ස්තුතියි OLD Duthians Sports CLUB Dharmadutha College Duthian's Cadet band Dharmadutha College the Association of '96' Batch Duthian's 08 Dutha football Academy

05/03/2026

ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමේ භෞතික චිකිත්සක ලෙස තේරීපත් වූ..
ධර්මදූත විද්‍යාලීය ආදී ශිෂ්‍ය , ධර්මදූත විද්‍යාලීය හිටපු හොකී ක්‍රීඩක,

ගිහාන් ජෝසප් මහතාට
අපගේ උණුසුම් සුභ පැතුම් ..

அன்பான வாழ்த்துக்கள்...

தர்மதூதா கல்லூரியின் பழைய மாணவரும், தர்மதூதா கல்லூரியின் முன்னாள் ஹாக்கி வீரருமான திரு. கிஹான் ஜோசப், இலங்கை தேசிய ஹாக்கி அணியின் உடல் சிகிச்சையாளராகத் தேர்ந்தெடுக்கப்பட்டுள்ளார், அவர்களுக்கு எங்கள் மனமார்ந்த வாழ்த்துக்கள்.

Congratulations!

Our warmest congratulations!
to Mr. Gihan Joseph,
an alumnus of Dharmaduta College and former hockey player of Dharmaduta College, who has been selected as the physical therapist of the Sri Lanka National Hockey Team

Dharmadutha College
Dharmadutha OBA Colombo Chapter
OLD Duthians Sports CLUB


゚viralvideo
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシfollowers

Dharmadutha College Events 🔐

Address

No: 06, Race Course Road
Badulla
90000

Opening Hours

Monday 05:30 - 10:00
Tuesday 05:30 - 10:00
Wednesday 05:30 - 10:00
Thursday 05:30 - 10:00
Friday 05:30 - 10:00
Saturday 05:30 - 10:00
Sunday 05:30 - 10:00

Website

Alerts

Be the first to know and let us send you an email when OLD Duthians Sports CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share